logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්‍රගමනයට වගේ ම අනෙකාගේ සිතුම් පැතුම් නිවැරදිව අවබෝධ කර ගැනීමට විශාල පිටුවහලක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
සිකුරාදා, 23 අප්‍රේල් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්‍රගමනයට වගේ ම අනෙකාගේ සිතුම් පැතුම් නිවැරදිව අවබෝධ කර ගැනීමට විශාල පිටුවහලක් – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම තුළින් අධ්‍යාපනයේ ප්‍රගමනයක් වගේ ම සිංහල-දමිළ-මුස්ලිම් දූ දරුවන්ට තමන්ගේ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සිතුම් පැතුම් අවබෝධ කර ගැනීමට, අදහස් නිවැරදිව ප්‍රකාශ කිරීමට සහ හුවමාරු කර ගැනීමට විශාල පිටුවහලක් වෙනවා. එබැවින් කෝට්ටේ රාහුල විද්‍යාලය ත්‍රෛභාෂා පාසලක් ලෙස සංවර්ධනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ කෝට්ටේ රාහුල විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද පිහිනුම් තටාකය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපි දන්නවා මේ රටේ සිංහල දරුවන්ට දමිළ භාෂාව කතා කිරීමට ‍සහ අවබෝධ කර ගැනීමට නොහැකි වීම විශාල ගැටලුවක්. ඒවගේ ම දමිළ දරුවන්ට සිංහල භාෂාව කතා කිරීමට සහ අවබෝධ කර ගැනීමට නොහැකිවීම විශාල ගැටලුවක්. තමන්ගේ මවු භාෂාවෙන් පමණක් අධ්‍යාපන කටයුතු කිරීම නිසා ඉංග්‍රිසී භාෂාව පවා ඔවුනට මඟහැරෙනවා. ඒ තුළින් සන්නිවේදන භාෂාවක් අහිමි වෙනවා. ඒක අනෙකා හඳුනා ගැනීමට සහ අනෙකාගේ සිතුම් පැතුම් අව‍බෝධ කරගැනීමට විශාල බාධාවක් . මේ අඩුව ඉක්මනින් පිරවීමට ත්‍රෛභාෂා පාසල් ඇති කිරීම ඉතා ම වැදගත්. ඒ අනුව කෝ‍ට්ටේ රාහුල විද්‍යාලයත් ත්‍රෛභාෂා පාසලක් ලෙස සංවර්ධනය කිරීමට පැමිණ තිබෙන යෝජනාව ඉතා හොඳ එකක්. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ සහයෝගය ලබා දෙන්නට අපි බලාපොරොත්තු වෙනවා. අපේ ර‍ජයේ ප්‍රමුඛ අරමුණ තමයි දරුවන්ට අංග සම්පූර්ණ සහ කාලෝචිත අධ්‍යාපනයක් ලබා දීම.

පන්ති කාමරයට ගිහින් ගුරුවරයාට ඇහුම්කන් දීලා සටහන් ලියාගෙන විභාගයට පෙනී සිට කටපාඩම් කරපු ඒවා ලියලා ලකුණු ගැනීම නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. ජීවිතයේ අභියෝගවලට ප්‍රායෝගික පුහුණුවක් ලබාදෙන අධ්‍යාපනයක් අපේ දරුවන්ට ලබා දීම තමයි අරමුණ වෙන්නේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සමස්ත පෞරුෂය වර්ධනය කිරීම කළ යුතු යි. ක්‍රීඩා සංවර්ධනය කිරීම කියන්නේ ත් එවැන්නක්. ඒ නිසා මෙය ඉතා ම වටිනා අවස්ථාවක් එසේ ම පාසල් අතර පවතින විෂමතාව මේ ආකාරයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන්නටත් සමාජ අවශ්‍යතා, ප්‍රමුඛතා හඳුනාගෙන ඒ අනුව රටේ අධ්‍යාපනය දිශානුගත කරන්නට ත් අපි කටයුතු කළ යුතු යි. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ගුවන්හමුදාපති සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක,  බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය, බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් සිරිසෝම ලොකුවිතාන,  විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...
  • අරාබි කවුන්සිලයේ සාමාජිකයන් හා අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්…

    අරාබි ලීගයට අයත් රටවල් 9ක එකතුවෙන් සැදි අරාබි ක...
  • මනා වූ සිසු-ගුරු සබඳතාවක් ගොඩනැගෙන සාධනීය ආකල්පමය වෙනස්කම් සහිත නව අධ්‍යාපන ක්‍රමයක් අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත

    ප්‍රාථමික හා පූර්ව ළමා විය අධ්‍යාපනය තුළ දරුවන්...
  • පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට

    2023 වර්ෂයේ නව පාසල් වාරය සඳහා ‍පාසල් ශිෂ්‍ය ශි...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP