logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ටැබ් පරිගණක නොමිලේ ලබාගැනීමට ලියාපදිංචි වන්නැයි රජය විසින් දන්වා ඇති බවට සමාජ මාධ්‍යන්හී පළ කරන කතා අසත්‍යයි …
බදාදා, 09 දෙසැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ටැබ් පරිගණක නොමිලේ ලබාගැනීමට ලියාපදිංචි වන්නැයි රජය විසින් දන්වා ඇති බවට සමාජ මාධ්‍යන්හී පළ කරන කතා අසත්‍යයි …

රජය විසින් පාසල් සිසුන්ට ටැබ් පරිගණක නොමිලේ ලබාදීමට කටයුතු කරන බවත් ඒ සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව පවතින බවත් සඳහන් ප්‍රවෘත්තියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බවට අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇත. එහෙත් පාසල් වෙත ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එවැනි පියවරක් ගෙන නොමැත.

සිසුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වඩාත් ඵලදායී ව සහ පහසුවෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් ඩිජිටල් ඉගෙනුම් ආධාරකයක් වශයෙන් ටැබ් පරිගණක ලබාදීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය පත්‍රිකාවට මේ වනවිට අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව, දිවයිනේ දුෂ්කර හා ග්‍රාමීය පාසල්වල 6-11 ශ්‍රේණිවල පාසල් දරුවන් හා ගුරුභවතුන්ට ටැබ් පරිගණක ලබාදීමේ පළමු අදියර දැනටමත් ආරම්භ කර තිබේ.

අමාත්‍ය මණ්ඩල තීරණ අනුව 2020.01.17 දින පත් කරන ලද විශේෂඥ කමිටුවක් විසින් මීට අදාළ පාසල් තෝරා ගැනීම සඳහා කටයුතු කර ඇත.

ඒ අනුව නිර්ණායක මත පදනම්ව දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 6 – 11 ශ්‍රේණි සහිත පාසල් 1,401 ක් සඳහා පළමු අදියරේ දී ටැබ් පරිගණක ලබාදීමට පියවර ගැනේ. ජාතික පාසල් 184ක් හා පළාත් පාසල් 1,218 මේ යටතට අයත් වේ. ඒ අනුව , පළමු අදියරේ දී 6-11 ශ්‍රේණිවල සිසුන් 83,086ක් සහ ගුරු භවතුන් 9,941ක් වෙත ටැබ් පරිගණක ලබා දෙනු ලැබේ. මේ සඳහා ආරෝපණ රාක්ක 2,578 ක් ලබාදීමට පියවර ගෙන ඇත.

මේ සඳහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සඳහා පරිශීලක අත්පොත් ද (User Manual) මේ වනවිට සකස් කර ඇත. එමෙන් ම මෙම ටැබ් පරිගණක සඳහා අන්තර්ජාල පහසුකම් සැපයීමට ද කටයුතු කරමින් පවතී .

පාසල් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග හරහා නව පියවර රැසක් ක්‍රියාවට නංවමින් සිටින මෙම වකවානුවෙහි අධ්‍යාපනය තාක්ෂණය සමඟ සබැඳිව පවත්වාගෙන යාමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. මේ නිසා දුර්මතධාරීන්ගේ නොමඟයැවීම්වලට හසුනොවන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන නිල නිවේදන කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටිමු.

සිසුන්ට ටැබ් පරිගණක ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරි පියවර අමාත්‍යාංශය විසින් නිකුත් කරන නිල ප්‍රවෘත්තීන් තුළින් දැනුම් දෙනු ලැබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP