logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම.
බ්‍රහස්පතින්දා, 21 අප්‍රේල් 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම.

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම පිළිබඳව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍යතුමාගෙන් උපදෙස්

ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (20) දින පෙරවරුවේ විෂය භාර අමාත්‍යවරුන්ට උපදෙස් දුන්නේය.
ජාතික හෙද විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට අදාළව පාර්ලිමේන්තුවේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම උපදෙස් දුන්නේය.
තමන් විසින් මෙයට පෙර යෝජනා කළ පරිදි හෙද අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් උපාධියක් ලබාදීම කාලෝචිත ක්‍රියාවක් බව ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී පෙන්වා දුන්නේය.
දැනට දිවයින පුරා හෙද විද්‍යාල 17ක් තුළින් හෙද හෙදියන් සෞඛ්‍ය සේවාවට එක්වන අතර සේවා අවශ්‍යතාව සහ දැනට ක්‍රියාත්මක හෙද අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු විය.
ඒ අනුව දේශීය සහ විදේශීය වශයෙන් හෙද සේවාවේ ඇති ඉල්ලුමට සරිලන ගුණාත්මක හා ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් හෙද උපාධියක් පිරිනැමීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.
ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීමේ අවශ්‍යතාව පෙන්වා දුන් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, නාරාහේන්පිට අභයාරාමාධිපති, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නායක ස්වාමීන්වහන්සේ සිය සංගමය 1991 වර්ෂයේ සිට මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත් කර තිබූ බව පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත රත්නායක, ආසියානු සංවර්ධන බැංකුවේ සහ ආසියානු ඵලදායීතා ආයතනයේ උපදේශක මහාචාර්ය එම්. තිලකසිරි, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ උපසභාපති ආර්.කේ. බටුවිට මහත්වරු ඇතුළු අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP