logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • විශේෂ දැන්වීම්
  • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2018-2020) ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය
බ්‍රහස්පතින්දා, 20 අප්‍රේල් 2023 / Published in අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්, විශේෂ දැන්වීම්, ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්, සිසුන්ගේ විශේෂ දැන්වීම්

ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2018-2020) ස්ථානගත කිරීම සඳහා අයදුම්පත්‍රය

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2018/2020 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස්කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිතය.

ඒ අනුව ncoe.moe.gov.lk ඔස්සේ එහි ඇති උපදෙස් පරිදි 2023.04.21 දින සිට 2023.04.25. දින දක්වා එම ශික්ෂණලාභීන්ට ‍මේ සඳහා අයදුම් කළ හැකිය.


සැලකිය යුතුයි.


I. එක් අයදුම්කරුවෙකුට මාර්ගගත පද්ධතියට පිවිසීමට පරිශීලක නාමය (user name) ලෙස ජාතික හැදුනුම්පත් අංකය හා මුරපදයක් (password) භාවිතා කර පරිශීලක ගිණුමක් විවෘත කළ යුතු අතර, ස්ථානගත කිරීම සම්බන්ධ තොරතුරු ලබා දෙන තෙක් පද්ධතියට පිවිසීම සඳහා එම පරිශීලක නාමය හා මුරපදය ඔබ සතුව පැවතීම අත්‍යාවශ්‍ය වේ.


II. එසේම මාර්ගගත පද්ධතියට පිවිස අයදුම්පත සම්පුර්ණයෙන්ම පුරවා එය පද්ධතියට ඇතුළත් කළ පසු (submit) නැවත සංශෝධනය කිරීමට අවස්ථාව ලබා නොදෙන බැවින් උපදෙස් මාළාව හොඳින් කියවා දත්ත ඇතුළත් කිරිම සිදු කළ යුතුය.


III. කෙසේ නමුත් ගිණුමේ පරිශීලක නාමය (user name) හා මුරපදය (password) භාවිතා කර මාර්ගගත පද්ධතිය විවෘතව පවතින කාල සීමාව තුළ ඕනෑම අවස්ථාවක ඔබගේ සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය පරීක්ෂා කිරීමට හැකියාව ඇත.

IV. ස්ථානගත කිරීමේදී ඔබ බඳවා ගනු ලැබූ පළාතට ප්‍රමුඛතාව ලබාදෙමින් ජාතික අධ්‍යාපන ආයතනයෙන් සපයා ඇති ප්‍රතිඵල ලේඛනයේ සඳහන් ඔබගේ විෂයයට අදාළ කුසලතා අනුපිළිවෙල සැලකිල්ලට ගනිමින් පමණක් ස්ථානගත කිරීම් සිදු කරනු ලැබේ.

V. අත්‍යාවශ්‍ය පුරප්පාඩු සඳහා ඔබ විසින් මනාපය පළ කර නොතිබුණද, කුසලතා ලේඛණයේ පහළම කුසලතාවයක් ලබා ඇති අයදුම්කරුවන්ගෙන් සේවා අවශ්‍යතාවය සලකා එම අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීමට කටයුතු කරනු ලබන අතරම, ඔබ අයත් පළාත තුළ පවතින අදාළ විෂයන්හි පුරප්පාඩු ප්‍රමාණවත් නොවන්නේ නම්, පුරප්පාඩු පවතින වෙනත් පළාතක් වෙත ඔබව යොමු කිරීමට ද සිදුවේ.

VI. තවද තහවුරු කර ගත් පුරප්පාඩු සඳහා පමණක් ස්ථානගත කිරිම් සිදු කරනු ලබන අතර, විදුහල්පතිවරුන් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් ලිපි කිසිදු අයුරකින් සලකා බලනු නොලැබේ.

VII. ඉහත සඳහන් කරනු ලැබූ ක්‍රමවේදය දැඩිව අනුගමනය කරමින් විශයයන්ට අදාළව ජාතික අධ්‍යාපන ආයතනයෙන් සපයා ඇති කුසලතාවයේ අනුපිළිවෙලින් මාර්ගගතව (online) පදනම්ව පමණක් ස්ථානගත කිරීම් සිදු කරන බැවින්, ඔබ අපේක්ෂා කරන සේවා ස්ථානයටම පත්වීම් ලබා දෙන බවට පොරොන්දු ලබා දෙමින්, මුදල් ලබා ගැනීම සඳහා උත්සාහ කරන වංචනික පුද්ගලයන්ට හසුවීමෙන් වලකින ලෙස විශේෂයෙන් අවධාරණය කරනු ලැබේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම – 2023 (2022) පත්වීම් ප්‍රදානෝත්සවය

    නිවේදනයපත්වීම්ලාභීන්ගේ කැඳවීමේ ලිපිය...
  • ජාතික පාසල් ගුරු මාරු – 2022

    2021/12/31 දිනට සේවා කාලය සම්පූර්ණ කළ හා ගුරු ස...
  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • දිවයින පුරා පිහිටි ජාතික පාසල් වල පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ II/III ශ්‍රේණියේ විදුහල්පති තනතුරු පුරප්පාඩු පිරවීම -2023

    නිවේදනයපාසල් ලේඛනයලකුණු පටිපාටියආදර්ශ අයදුම්පත්...
  • විශේෂ නිවේදනයයි.

    අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP