logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ජාතික අධ්‍යාපනය නඟාසිටුවීමට නම් සාමූහිකව එක්විය යුතුයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත
සිකුරාදා, 01 ඔක්තෝබර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ජාතික අධ්‍යාපනය නඟාසිටුවීමට නම් සාමූහිකව එක්විය යුතුයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

මෙරට අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ඉටු කළ යුතු  ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස රජයේ පූර්ණ අවධානය යොමුව ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම, පාසල් පද්ධතිය වෙත පුහුණු ගුරුවරුන් සම්පාදනය කරලීම, සහ විෂය මාලා සංවර්ධනය හා සම්පාදනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිල වගකීම් රැසක්  පැවරී ඇති,  වසර 36ක් පැරණි නිල රාජ්‍ය ආයතනය ජාතික අධ්‍යාපන ආයතනය බවත්, ජාතික අධ්‍යාපන ආයතනය මෙරට අධ්‍යාපනය නඟාසිටුවීම වෙනුවෙන් දැවැන්ත ජාතික මෙහෙවරක මේ වනවිටත් නිරත ව සිටින බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා  දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන  රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

එතුමා මේ බව සඳහන් කළේ, ජාතික අධ්‍යාපන ආයතනය විසින් ක්‍රියාවට නංවන ඉදිරි වැඩසටහන් සහ දැනට ක්‍රියාත්මක  වැඩසටහන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (30) ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

අධ්‍යාපන රාජ්‍ය ලේකම් ආචාර්ය උපාලි සේදර, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා ඇතුළු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ නැණස අධ්‍යාපන ශාඛාවේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමිය ඇතුළු පිරිසකගේ  සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

මෙම විශේෂ හමුවේ දී ගුරු ගෙදර  රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදන ක්‍රියාවලියෙහි සහ වැඩසටහන් සම්පාදනයෙහි තත්වය, අන්තර්ගත සකස්කිරීම, ප්‍රාථමික වැඩසටහන් සම්පාදනය හා  ඊට අදාළ ප්‍රායෝගික තත්වයන්, නිෂ්පාදිත වැඩසටහන් ජාලගත කිරීම සඳහා Cloud server යොදාගනිමින්  අතිරේක ධාරිතා සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාව, නැණස රූපවාහිනී වැඩසටහන්, ඉ-තක්සලාව වැඩසටහන් සහ සියලු පාර්ශව අතර සම්බන්ධීකරණය මැනවින් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ඇතුළු  කරුණු ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ජාතික අධ්‍යාපන ආයතනය විශ්වවිද්‍යාලයක් තත්වයට ඉහළ නැංවීම සඳහා වන යෝජනාව සහ ඒ සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද, ඉදිරියේ දී බඳවාගැනීමට අපේක්ෂිත අධ්‍යයන කාර්ය මණ්ඩල සම්බන්ධ කරුණු කෙරෙහි ද  මෙහි දී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.

විශේෂයෙන්ම යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයන් සාර්ථක කරගැනීම පිණිස පාසල් වර්ගීකරණය සහ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දිය යුතු බව ද, විධිමත් වැඩපිළිවෙළක් යටතේ එම කටයුතු සිදු විය යුතු බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, හෙට සිට රට විවෘත කළද, යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ග සඳහා පාසල් පද්ධතියේ සූදානම සොයා බැලීමට හැකිවනුයේ ඉදිරියේ දී පාසල් විවෘත කිරීමේ තීරණය විධිමත් ව ක්‍රියාවට නැංවීමෙන් පසුව පමණක් බවත් පැවසීය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...
  • ලෝක ආර්ථිකය ම හසුරවන බලශක්තිය සංරක්ෂණය සඳහානිසි කළමනාකරණයක් අවශ්‍යයි.

    දේශගුණ විපර්යාසයන්ට හේතු වන බලශක්ති භාවිතයේ රිස...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP