logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ගුරු විදුහල්පති ගැටලුවට කඩිනමින් විසඳුම් සොයන්නට කැබිනට් අනු කමිටුවක්.
අඟහරුවාදා, 10 අගෝස්තු 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ගුරු විදුහල්පති ගැටලුවට කඩිනමින් විසඳුම් සොයන්නට කැබිනට් අනු කමිටුවක්.

  • විසඳුම් මාස 03කින් අය-වැය ලේඛනයෙන් ම ලබාදීමට තීරණයක්.
  • ඊළඟ අයවැයෙන් ගුරු,විදුහල්පති හා සමාන්තර සේවා සඳහා සාධාරණයක්
  • සා.පෙළ ප්‍රතිඵල ලබාදීමට සහාය දෙන මෙන් ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්.

කැබිනට් මණ්ඩලය ඊයේ හවස රැස් වූ අතර ගුරු ගැටලුව සම්බන්ධ “ක්ෂණික ව ඊයේ හවස ම විසඳුමක් ප්‍රායෝගික වශයෙන් ඉදිරිපත් කළ නොහැකි බව ත් කැබිනට් මණ්ඩලය මේ පිළිබඳ ලබා ගන්නා තීරණය අනෙකුත් රාජ්‍ය සේවයේ සමාන්තර සේවාවන්ට ද බලපාන බැවින් සියලුදෙනාට සාධාරණයක් වන පරිදි සමස්ත රාජ්‍ය සේවය ගැන සිතා බලා විසඳුමකට පැමිණීමටත්” තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ 2021/08/10වන දින අධ්‍යාපන අමාත්‍යංශයේ දී මාධ්‍ය අමතමිනි.

රට තුළ මේ වනවිට පැන නැඟී තිබෙන සෞඛ්‍ය අර්බුදය සහ ආර්ථික අර්බුදය පිළිබඳ සලකා බලා මේ සඳහා විසඳුමක් ඉදිරිපත් කිරීමට සුදුසු ම ක්‍රමවේදය මාස 03ක් ඇතුළත ඉදිරිපත් කරනු ලබන අය-වැය ලේඛනය හරහා ඉදිරිපත් කිරීම කැබිනට් මණ්ඩලයේ තීරණය යි. ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ට කැබිනට් මණ්ඩලයේ තිබෙන ගැඹුරු අගයකිරීම සහ සිසු දරුවන්ට සිදු වී තිබෙන ආතතිය, පීඩනය පිළිබඳව තිබෙන ප්‍රබල හැඟීම ත් නිසා මෙම ගැටලුවට ඉක්මන් හා සාධාරණ විසඳුමක් ලබා ගැනීමේ අරමුණින් කැබිනට් අනු කමිටුවක් පත් කරන්නට තීරණය විය. එහි සභාපති ලෙස හිටපු අධ්‍යාපන ඇමති ලෙස කටයුතු කළ ඩලස් අලහප්‍පෙරුම මැතිතුමා පත් කරන ලදී. එහි සෙසු සාමාජිකයන් ලෙස අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, විමල් වීරවංස සහ ප්‍රසන්න රණතුංග මහත්වරුන් පත්කොට එහි කැඳවුම්කරු සහ ලේකම් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පත් කිරීමට තීරණය විය. මුදල් අමාත්‍යවරයා සහ අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකොට ඉතා ඉක්මනින් අදාළ නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද කැබිනට් මණ්ඩලය විසින් එම කමිටුවට උපදෙස් ලබා දෙන ලදී.

පාසල් විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් අද රටේ පවතින නිසා මාර්ගගත අධ්‍යාපනය අපේ දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් නිසා ත් මාර්ගගත අධ්‍යාපනයෙන් ඉවත් නොවන ලෙස ගුරුභවතුන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය. මේ වනවිට අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටි සිසුන් 622000ක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින අතර එම ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී තිබෙන්නේ ගුරුවරුන් සෞන්දර්යය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වී සිටීම නිසා බවත් එබැවින් දරුවන් පිළිබඳ සිතා අවුරුදු 24ක් තිබුණු ගැටලුවක් සම්බන්ධයෙන් කිසිම අවස්ථාවක නොගත් දැඩි ක්‍රියාමාර්ග ගෙන එම දරුවන් අපහසුතාවට පත් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය. මේ වනවිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන සලසා තිබිය දී දරුවන් පීඩනයට ලක් නොකරන ලෙස ද ඉල්ලා සිටියේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ II/III ශ්‍රේණියේ නිලධාරින්ගේ ජේෂ්ඨතා ලේඛනය

    නිවේදනය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණි...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

     – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත &nbsp...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023

    උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP