logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …
බදාදා, 06 ඔක්තෝබර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක් …

ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබා දීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදට යෙදුන ගුරු දිනයේ දී සිදුවිය. මෙතෙක් ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබිණි. වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමුකොට එය ඉටුකිරීමට අද කටයුතු කළේය.
මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් පණිවිඩ එක්කල අතර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, සීතා අරඹේපොළ, අධ්‍යාපන උපදේශක කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී  යදාමිණි ගුණවර්ධන, අනූප පැස්කුවල්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් සහ ගුරු විදුහල්පතිවරුන් මෙම අවස්ථාවට එක් විය.

එහි දී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් කළ කථාව

“අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත ගුරුවරයා යන ගැඹුරු හා කාලීන තේමාව මුල්කරගෙන අනාගතයට ශක්තියක් වන ගුරුභවතුන් ඉටුකරන මෙහෙවරට ජාතියේ ප්‍රණාමය පුදන්න අපි මෙය අවස්ථාවක් කර ගනිමු. අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩයෙහි සෞභාග්‍යයේ දැක්මේ අන්තර්ගතයන්  හා ගුරුවරයා බලාපොරොත්තු වන නොනවතින දායාදය, ගරුත්වය ලබාදෙන බවට සඳහන් කළා.
කොරෝනා වසංගත විනාශය ලොව හරහා හමායද්දී තවමත් කළමනාකරණය කරන අභියෝගය හමුවේ සිටින මොහොතක ගරු ජනාධිපතිතුමාගේ දායකත්වයෙන් දියත්කරන වැඩපිළිවෙලහි සාර්ථකත්වයට අපි පැමිණෙමින් තිබෙනවා. එම නිසා අද පෙරට වඩා සුබ දායක තත්ත්වයක ගුරුවරයාට උපහාර පුදන්නට, ගරුත්වය පුදන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා.
අපේ දරුවන්ට ගුණ නැණ බලය පමණක් නොව දැනුම එක්කර හොඳ පුරුවැසියෙක් බවට පත්කරන්නේ ගුරුවරයායි. එම නිසා අපි ගුරුවරුනට වන්දනීය ගරුත්වය පුදකල යුතුයි. එවන් වටපිටාවක ගුරුවරුන්ගේ ආරක්ෂාව දියුණුව හා ඒ සඳහා වූ අයිතිවාසිකම්වල සුරක්ෂිතාවය තහවුරු කරන්නට අපි කැපවිය යුතුයි. අමාත්‍යවරයා ලෙස මමත්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යාංශ, දෙපාර්ත්තුමේන්තුවල සියලු දෙනාගේ කැපකිරීම් මත එම වගකීම් ඉටු කිරීමට සියලු ගුරුවරුන්ගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා.
අපේ ගුරු පරම්පරාව දැයේ දරුවන්ට එකතුකරන දෑ පමණක් නොව නිරිමාණය කරන සෑම දෙයක්ම පොදුවේ ප්‍රයෝජනයට පරිවර්තනය කර ගත හැකිවන ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයටත් සමාජයටත් පියවර ගණනාවකට පිවිසෙන්නට අපි සාකච්ජා කරමින් සිටිනවා. ගුරුවරුන්ට සහ දරුවන්ට ප්‍රයෝජනවත් ලෙස පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය තුළ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් සිදුකරමින් පවතිනවා.
ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරිමට අපි බලාපොරොත්තු වෙනවා.
එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කර ගනිමින් ලක්ෂ 43 ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස්  තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා.”

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය (I, II,III ශ්‍රේණි ) වාර්ෂික ස්ථාන මාරු- 2022/2023

    2022/2023 වාර්ෂික ස්ථාන මාරුවීම් – ශ්‍රී ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ලිපිය අභියචනා ඉදිරිපත් කලයුතු ආකෘති පත්‍රය...
  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගේ 2023.01.01 දිනට සකස් කරන ලද ජෙය්‍යෂ්ඨතා ලේඛනය

    ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණියේ නිලධා...
  • 2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන වාරය අවසන් කිරීම හා 2023 වර්ෂයේ නව පාසල් වාරය ආරම්භ කිරීම

    2022 වර්ෂයේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික ප...
  • ගුරු පුහුණුවේ නිසි පදනම දමමින් ජාතික අධ්‍යාපන ආයතනය හා විද්‍යාපීඨ 19 ආරම්භ කළේ වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටියදී ය.

    – මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු සහ අධ්‍...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP