logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමේ අපේක්ෂාවෙන් අද කැබිනට් පත්‍රිකාවක්.
සඳුදා, 26 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමේ අපේක්ෂාවෙන් අද කැබිනට් පත්‍රිකාවක්.

·        අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 21 ඇරඹේ.

·        ගුරු, අධ්‍යයන සහ අනධ්‍යයන එන්නත්කරණය දීප ව්‍යාප්ත ව 77%කින් අවසන්.

·        නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ අගෝස්තු අග හෝ සැප්තැම්බර් මුල පියවරෙන් පියවර පාසල් විවෘත කිරීම ඇරඹේ.

ජනවාරි මාසයේ පැවැත්වීමට තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2022 පෙබරවාරි මස 21වන සඳුදා සිට මාර්තු 03වන බ්‍රහස්පතින්දා දක්වා පැවැත්වීමට තීරණය කළ බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/07/26වැනි දින නෙළුම් මාවතේ පැවති පොදුජන පෙරමුණු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.

පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ පරමාර්ථය පෙරදැරි ව මේ වනවිට දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වන ගුරුවරුන්, අධ්‍යයන සහ අනධ්‍යයන කාර්යමණ්ඩල එන්නතරකරණ වැඩසටහන අද උදෑසන (2021/07/26) වනවිට 77%ක් පමණ අවසන්කර තිබේ. ඒ අනුව බස්නාහිර පළාතේ 98%ක්, දකුණු පළාතේ 83%ක්, වයඹ පළාතේ 82%ක්, උතුරු මැද පළාතේ 82%ක්, ඌව පළාතේ 80%ක්, මධ්‍යම පළාතේ 79%ක්, උතුරු පළාතේ 62%ක්, සබරගමු පළාතේ 52%ක් සහ නැගෙනහිර පළාතේ 48%ක් වශයෙන් එම එන්නත්කරණය අවසන්කොට තිබේ. ඒ අනුව අද උදෑසන වනවිට මෙම වැඩසටහන යටතේ 2 22 940ක ප්‍රමාණයක් එන්නත් ලබා දී තිබේ. එන්නත්වල දෙවන මාත්‍රාව අගොස්තු අවසානයට පෙර ලබාදීමට ද අපේක්ෂිත ය. ඒ අනුව අගෝස්තු මස අවසානයේ හෝ සැප්තැම්බර් මස මුල කිසියම් සැලැස්මකට අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත් ව පියවරෙන් පියවර පාසල් ආරම්භ කිරීමට අපේක්ෂිත ය.

ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ගැටළුව විසඳීමට රජය තමන්ට හැකි සෑම උත්සාහයක් ම ගන්නා බව ත් මෙම තත්ත්වය අවුරුදු 24ක් තිස්සේ පැවැති තත්ත්වයක් බව ත් පැවසූ අමාත්‍යවරයා තම රජය මේ ගැටලුව සම්බන්ධ ව සංවේදී ව සිටි බවත් පැවසී ය.

ඩී.සී පෙරේරා වාර්තාව තුළින් මෙම ගැටලුව සම්බන්ධ ව හෙළි කෙරුණු අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ‍ප්‍රකාශයේ ද මේ සම්බන්ධ ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බව සඳහන්කොට තිබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් අනතුරු ව එවකට සිටි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා විසින් මේ සම්බන්ධ ව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලද අතර තමා අධ්‍යාපන අමාත්‍යංශය භාර ගැනීමෙන් අනතුරු ව මේ සම්බන්ධ පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ‍අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 05කගෙන් සමන්විත කමිටුවක් පත් කළ බව ද පැවසී ය. ඒ අනුව මේ ගැටළුව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනයකොට සුබෝදිනී වාර්තාව ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධ ව වෘත්තීය සමිති සමඟ දිගින් දිගට ම සාකච්ඡා පැවැත්වුණු අතර අද සවස 05ට කැබිනට් මණ්ඩලය රැස්වෙනවිට මේ සම්බන්ධ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසී ය. එමෙන් ම හෙට උදෑසන (2021/07/27වන දින) නැවත වතාවක් ගුරු වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට ද නියමිත ය. එබැවින් සිසු දරුවන් පීඩනයට පත් නොකර මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩ ව ඉදිරියට ගෙනයන ලෙස ඉල්ලා සිටින බව ද අමාත්‍යවරයා පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP