logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්.
බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

කොවිඞ් 19 වසංගතය හේතුවෙන් අඩාල වූ අධ්‍යාපන කටයුතු දුරස්ථව සිදු කිරීමට ජාතික වැඩපිළිවෙලක්.

දැනට පවතින කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් අකර්මන්‍යව පවතින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමවේදයක් ඔස්සේ නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය ඒකාබද්ධව ක‍්‍රියාත්මක කරන විශේෂ වැඩසටහන් මාලාව පිළිබඳව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා විසින් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කරන ලදී.

දැනට ක‍්‍රියාත්මක වන ”ගුරුගෙදර” සහ ”ඊ-තක්සලාව” වැඩසටහන් වලට අමතරව 3 වන පාසල් වාරයට අදාල ප‍්‍රධාන විෂයයන් ආවරණය කිරීමේ අරමුණින් මෙම නව වැඩසටහන් මාලාව ජාතික රූපවාහිනියේ “අයි නාලිකාව” සහ “නේත‍්‍රා” නාලිකාව ඔස්සේ දැනට දිනකට පැය 16 ක කාලයක් විකාශය කිරීම ආරම්භ කරන අතර ඉදිරියේදී අවශ්‍යතාව අනුව මෙම කාලය දීර්ඝ කිරීමට හා ශ‍්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සම්බන්ධ කර ගනිමින් ගුවන්විදුලිය ඔස්සේද විකාශය කිරීමට කටයුතු කරන බව අමත්‍යවරයා පැවසීය. මෙහිදී මුළු දිවයිනම ආවරණය වන පරිදි හා සියලූම දරුවන්ට සහභාගී වීමට හැකි වන පරිදි මාධ්‍ය කිහිපයක් ඔස්සේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට හා අවශ්‍යතා හදුනාගනිමින් මුද්‍රිත පාඩම් මාලාවක් ලෙසද දරුවන් අතට පත් කිරීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා පැහැදිලි කරන ලදී.

මෙම වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ ප‍්‍රධාන පාසල් වල විදුහල්පතිවරුන්ගේ සහයෝගය ඇතිව ප‍්‍රවීන ආචාර්යවරුන් 200 ක ගේ දායකත්වය ලබා ගනිමින් හා දෙමළ මාධ්‍ය සඳහා යාපනය දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන පාසල් වල ආචාර්යවරුන් සහභාගී කරගනිමින් ශබ්ධාගාර 6 ක් තුල පටිගත කිරීම් සිදුකරමින් නොවැම්බර් මස 16 වන දින පෙ.ව. 4.00 සිට සිට සතියේ දින 7 තුලදීම විකාශනය වන අතර තව දුරටත් පටිගත කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරගෙන යන බවද, පාසල් නැවත ආරම්භ වුවද මෙම වැඩසටහන නොනවත්වා පවත්වාගෙන යාමට කටයුතු කරන බවද අමත්‍යවරයා පවසන ලදී.
පාසල්වල 3 ශ්‍රේණියේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ ප‍්‍රධාන විෂයන් හා අ.පො.ස. උසස් පෙළ විෂය ධාරා 4 ක් සහ ජනවාරි මස පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගෙන විශේෂ පුනරීක්ෂණ පාඩම් මාලාවක්ද මෙම වැඩසටහන ඔස්සේ ආවරණය කිරීම අමාත්‍යාංශයේ අරමුණයි. මෙම වැඩසටහනට ඉදිරියේදී ශ‍්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් වැනි ආයතන සම්බන්ධ කරගෙන තව දුරටත් ව්‍යාප්ත කිරීමට හා ජාතික අධ්‍යාපන ආයතනය මගින් යූටියුබ් නාලිකාවක් ඔස්සේද දරුවන්ට සමීප කිරීමට කටයුතු සැලසුම් කර ඇති බව අමාත්‍ය තුමාගේ අදහස් දැක්වීමේදී අනාවරණය විය.
මේ සම්බන්ධව දරුවන්ට ඇති ගැටළු සාකච්ඡා කිරීමට අදාල ගුරුවරුන් සම්බන්ධ කර ගැනීමට 1377 විශේෂ දුරකථන අංකයක් ලබා දී ඇති අතර 0117601701, 071449131 යන දුරකථන අංක ඔස්සේද මේ සම්බන්ධව විමසීම් කළ හැක. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා කැපවූ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මැතිතුමාට, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරුන්ට, අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම්වරුන්ට, අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්ට, ජාතික අධ්‍යාපන ආයතනයට, විෂය අධ්‍යක්ෂකවරුන්ට, විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට අමාත්‍යතුමාගේ විශේෂ ස්තුතිය හිමිවිය. මෙම අවස්ථාවට අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන අතිරේක ලේකම් ජී. එම්. නීල් ගුණදාස, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කේ. ආර්. පද්මසිරි යන මහත්වරුන්ද සහභාගී විය.

උදේෂ් ඉන්දුල කඳනආරච්චි
මාධ්‍ය ලේකම්
අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP