logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි
බ්‍රහස්පතින්දා, 10 සැප්තැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරීන් ඇතුළත් කිරීම හා ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය නිකුත් වෙයි

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම, ක්‍රීඩා පාසල්වල පරිපාලන හා මූල්‍ය කටයුතු මෙන් ම  ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළව ඉදිරියේ දී අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යාංශයන්හි සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු පළාත් හා කලාප අධ්‍යාපන බලධාරීන් හා ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

  • ​​(2020-09-08 දිනැති 24/2020 දරන චක්‍රලේඛය)

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක් ම නියෝජනය වන පරිදි  මේ වනවිට ක්‍රීඩා පාසල් 25ක් ස්ථාපනය කර ඇති අතර,  එම පාසල් සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම වෙනුවෙන්  පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය  නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු ක්‍රීඩා පාසල් විදුහල්පතිවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති විශේෂ හමුවේ දී ගත් තීරණ අනුව මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.

පාසල් සිසුන්ගේ ක්‍රීඩා සාධන මට්ටම් උසස් තත්ත්වයකට ගෙන එමින්, විධිමත් ක්‍රීඩා අධ්‍යාපනයක් ලබාදීමට හැකි පාසල් පරිසරයක් ඇති කිරීමත්, එමඟින් ජාත්‍යන්තරය ජයගත හැකි විශිෂ්ට ක්‍රීඩකයින් මෙරට පාසල් ක්‍රීඩා පද්ධතිය තුළින් බිහිකිරීමත් ක්‍රීඩා පාසල් ස්ථාපනය කිරීමේ ප්‍රමුඛ අරමුණු වේ. 

ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වැනි ශ්‍රේණියෙන් ආරම්භ කෙරෙන අතර, ක්‍රීඩා සඳහා විශේෂ  හැකියාවක් සහ ලැදියාවක් සහිත සිසුන්ගෙන් නියමිත සාධන මට්ටමට පැමිණි සිසුන් සම්මුඛ පරීක්ෂණ මගින් තෝරා ක්‍රීඩා පාසල් වෙත ඇතුළත් කරනු ලැබේ.

 එහෙත්  5 ශ්‍රේණි ශිෂ්‍යත්ව සමතුන්ගෙන් 6 ශ්‍රේණියට ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් පන්තියක සිටිය යුතු උපරිම සිසුන් සංඛ්‍යාව පූරණය වීම නිසා ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේ දී මතුව පවත්නා ගැටළුවට විසඳුම් ලෙස සෑම  ක්‍රීඩා පාසලක ම 8 ශ්‍රේණිය සඳහා වෙනම පන්තියක් ආරම්භ කිරීමට මෙම චක්‍රලේඛය මගින් උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ක්‍රීඩා පාසල්වල මානව සම්පත් සංවර්ධනය, භෞතික සම්පත් සංවර්ධනය, දැනට පවත්නා ක්‍රීඩා පිටි සංවර්ධනය කිරීම හා නවීකරණය නේවාසිකාගාර අලුත්වැඩියා කිරීම සහ අවශ්‍ය සම්පත් සකස් කරදීම ඇතුළු  ප්‍රමුඛ සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් ද ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ත්‍රිවිධ හමුදාවේ විශේෂ සහාය ද ඇතිව ඉදිරි සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කෙරේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP