logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර…
බ්‍රහස්පතින්දා, 20 අගෝස්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව දෙමින් ක්‍රීඩා පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමට පියවර…

ඉන්දීය විවෘත කරාතේ සහ ජික්කොන්දෝ තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම් හයක් ගෙන ඒමට පරගොඩ ශ්‍රී ගුණරතන කණිෂ්ඨ විද්‍යාලයේ සිසුදරුවන් සිවුදෙනෙකු සමත්ව ඇත.  ඔවුන්ගේ ක්‍රීඩා හැකියාවන් වඩාත් සංවර්ධනය කරගනිමින් අධ්‍යාපනය හැදෑරීමට ක්‍රීඩා පාසලක් වෙත යොමුවීමට මෙතෙක් අවස්ථාව  ලැබී නොතිබිණි.

එම සිසුදරුවන්ට  ක්‍රීඩා කුසලතා දියුණු කරගැනීම සඳහා  අවස්ථාව ලබාදීම වෙනුවෙන්  අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය  ජී එල් පීරිස් මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  (20) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී විශේෂ හමුවක් පැවැත්විණි. එහි දී එම දරුවන් සිවුදෙනා බටේමුල්ල ජාතික පාසලට යොමු කළ අතර, එහි විදුහල්පති ඒ ඩබ්ලිව් ඩබ්ලිව් කරුණාසිංහ මහතා ද, ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩා පාසල වන ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පති ගාමිණී ජයවර්ධන මහතා ද සමඟ සාකච්ඡාකර, දරුවන්ගේ ඉදිරිය සංවර්ධනය කිරීම වෙනුවෙන් වැඩසටහනක් සකස් කරන ලදී.

මෙහි දී  ක්‍රීඩා  හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ, ඉදිරියේ දී ක්‍රීඩා කුසලතාවන්ට ප්‍රමුඛතාව ලබාදෙමින් ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට පියවර ගතයුතු බවයි.

වයස අවුරුදු  06 සිට අවුරුදු 19 ක් වනතුරු ක්‍රීඩකයෙක් තනන්නට දායක වන්නේ පාසල බවත්, සිසුන්ගේ ක්‍රීඩා හැකියාවන් හඳුනාගනිමින් ඒවා සංවර්ධනය කිරීමේ වගකීම පාසලට පැවරෙන බවත්, විශේෂයෙන් මෙරට ක්‍රීඩා පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නොව පිට්ටනියේ දී සිසුදරුවන් දක්වන දක්ෂතාව කෙරෙහි ප්‍රමුඛතාව ලබාදිය යුතු බවත් මෙහි දී  ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කළේය. ඉදිරියේ දී අධ්‍යාපන අමාත්‍යාංශයත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එක්ව, මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමට තමා අපේක්ෂා කරන බව ද මෙහි දී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ඉන්දීය විවෘත කරාතේ තරගාවලියට සහභාගී ව ජයග්‍රහණ ලබාගත් දෙසිඳු සමරතුංග, හිරුන් ජයවර්ධන, මලිත මධුෂාන්, කේෂර බුද්ධිමාල් යන දරුවන් ද, ඔවුන්ගේ පුහුණුකරු රුවන් නිශ්ශංක මහතා ද එක්ව සිටියහ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන, ජාතික පාසල් අධ්‍යක්ෂ කේ.එල් ජී කිත්සිරි, ක්‍රීඩා අධ්‍යක්ෂ දයා බණ්ඩාර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඉෂානි වෙත්තසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP