logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගන්නවා” – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා
සිකුරාදා, 06 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“කවර තත්වයක් යටතේ වුවත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරි පියවර ගන්නවා” – අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා

රට තුළ පවත්නා වාතාවරණය කවර මට්ටමේ පැවතියත් දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් අධ්‍යාපන බලධාරීන් සමඟ එක්ව පියවර ගන්නා බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.

 රට තුළ පැවති තත්වය හමුවේ උසස් පෙළ විභාගය තවදුරටත් කල් නොදමා පැවැත්වීමට ගත් අභියෝගාත්මක තීන්දුව පරිද්දෙන්ම, ඉදිරියේදී කොවිඩ් හමුවේ පාසල් දරුවන්ගේ ඉගෙනුම් ක්‍රියාවලිය කෙසේ හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ද ලේකම්වරයා පැහැදිලි කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්ව විද්‍යාල සම්බන්ධ රාජ්‍ය අමාත්‍යාංශයක් පිහිටුවීමට අතිගරු ජනාධිපතිතුමන් කටයුතු කර ඇත්තේ ද ඕනෑම අභියෝගාත්මක තත්වයකදී දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය මඟින් හෝ දරුවන්ගේ අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යායුතු නිසා බවද සදහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන පද්ධතිය තුළ මේ මොහොතේ ගන්නා තීරණ සෘජුවම අනාගතයේ රටේ සංවර්ධන ක්‍රියාවලියට බලපාන බව ද පෙන්වා දුන්නේය.

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කොට ඇති බවත්, විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊළඟ ඉලක්කය එම විභාගයට මුහුණ දෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොවීමට සහ නියමිත පරිදි විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීම බවත් අධ්‍යාපන ලේකම්වරයා පැහැදිලි කළේය.

නොවැම්බර් මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ තුන් වන පාසල් වාරය සති දෙකකින් දීර්ඝ කළ අතර , ඒ අනුව එළඹෙන 23 වැනිදා සිට පාසල් ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එහිදී පාසල් පැවැත්විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලුම පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සමග අද දින සාකච්ඡා කළ බව ද ලේකම් වරයා සදහන් කළේය

සියලු පාසල්වල සිසුන් 50% බැගින් ගෙන්වා ගනිමින් පාසල් පැවැත්වෙන වේලාව වෙනසක් නොකොට, පුද්ගල දුරස්ථභාවය හා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව පාසල් පැවැත්වීමට පවතින හැකියාව පිළිබඳවද ලේකම්වරයා මෙහි දී පළාත් බලධාරීන්ගේ අදහස් විමසා තිබේ.

කෙසේ වෙතත්, කිසියම් හෙයකින් පාසල් ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ නොලැබෙන්නේ නම්, දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද පළාත් බලධාරීන් සමග සාකච්ඡා කර තිබේ. ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කර ඇති ඉ- තක්සලාව තවදුරටත් පුළුල් කිරීමටත්, මාර්ගගත ක්‍රමය යටතේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක්(LMS) ස්ථාපනය කිරීමටත්, තුන්වෙනි පාසල් වාරය ඉලක්ක කරගෙන, ප්‍රාථමික , 5 ශ්‍රේණි ශිෂ්‍යත්වය,  6 සිට 11 ශ්‍රේණි, උසස් පෙළ අධ්‍යාපන වැඩසටහන් නිෂ්පාදනය කර ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන වැඩසටහන් මාලාව තවදුරටත් සංවර්ධනය කරමින් ක්‍රියාත්මක කිරීමටත්, පියවර ගන්නා බවද ලේකම්වරයා පැහැදිලි කළේය. දැනටමත් පළාත් මට්ටමින් විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන් සම්බන්ධ කරගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාම වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රමවේද ක්‍රියාවට නංවා ඇති බවත්, අන්තර්ජාල පහසුකම්, රූපවාහිනී හෝ ගුවන් විදුලි පහසුකම් නොමැති පාසල් දරුවන් කෙරෙහි පවා  අවධානය යොමුකර ඇති බව ද ඔවුන් වෙනුවෙන් ස්වයං අභ්‍යාස කළ හැකි මුද්‍රිත ඉගෙනුම් කට්ටල ලබාදීමටත්, සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් සිසුන් 50ත්, 100ත්, අතර සහ සිසුන් 50ට අඩු පාසල් දරුවන් පාසල් වෙත ගෙන්වා ගනිමින් හෝ ඔවුන් වෙත සහය වීමට වැඩපිළිවෙළක් සකසන බවත් අධ්‍යාපන ලේකම්වරයා පැවසීය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP