logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “කටපාඩම් කරගැනීමට විෂය කරුණු සම්භාරයක් ඉගැන්වීම අධ්‍යාපනය නොවේ” . අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්
අඟහරුවාදා, 16 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“කටපාඩම් කරගැනීමට විෂය කරුණු සම්භාරයක් ඉගැන්වීම අධ්‍යාපනය නොවේ” . අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

දරුවන්ට කට පාඩම් කර ගැනීම සඳහා විෂය කරුණු සම්භාරයක්  ඉගැන්වීම අද අපේ අධ්‍යාපනයේ පවතින විශාල දුර්වලතාවයක් බවත් අධ්‍යාපනය හරහා විය යුත්තේ ජීවිතයේ අභියෝගවලට මුහුණ දීමට,ස්වාධීනව කටයුතු කිරීමට දරුවන්ගේ පෞර්ෂත්වය ඉහළ නැංවීම  බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය .

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ අද(16 ) පැවති උත්සවයකට  එක්වෙමිනි .

අපේ අධ්‍යාපනය සකස් විය යුත්තේ කෙසේද, සිදුවිය යුතු වෙනස්කම් මොනවාද, අනාගත වැඩ ලෝකය සමඟ අපේ දරුවන් සම්බන්ධ කරවීමට අධ්‍යාපනයෙන් ලබාදිය හැකි පිටුබලය කෙබඳුද ආදී කරුණු සම්බන්ධයෙන් රටේ ආගමික නායකයන් , විද්වතුන්, විවිධ ක්ෂේත්‍රවල ප්‍රධානීන්, විදුහල්පතිවරුන්, දෙමව්පියන්, ආදි සිසුන්,ව්‍යාපාරිකයන්  ඇතුළු සියලු පාර්ශ්ව සම්බන්ධ කරගනිමින් අදහස්,යෝජනා සහ උපදෙස් ලබාගැනීමට හැකි ඩිජිටල් වේදිකාවක් එළැඹෙන මාර්තු මාසයේ දී සකස් කිරීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය . ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට  රටේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධ  තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම ඇතැම් අවස්ථාවලදී ප්‍රායෝගිකව  අපහසු වන බවත්, බිම් මට්ටමේ සම්බන්ධීකරණය ඒ සඳහා ඉතා වැදගත් වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය .

අපේ අධ්‍යාපනයේ පවත්නා විශාල අඩුපාඩුවක් වන්නේ සිසුන් ලබා ගන්නා අධ්‍යාපනය  රැකියා අවස්ථා සමඟ  පරස්පර වීම බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය .  බොහෝ ව්‍යාපාරික ආයතන තුළ රැකියා අවස්ථා ඕනෑ තරම් පවතින නමුත්  අධ්‍යාපනයෙන් බිහි වන බොහෝ දෙනෙක් රැකියා ආයතන විසින්  අපේක්ෂා කරන සුදුසුකම් සහ හැකියාවන් ළඟාකර ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් අධ්‍යාපනය හා රැකියා අවස්ථා අතර පරතරයක් නිර්මාණය වී ඇති බව ද ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා එය වෙනස් කිරීම රජයේ අපේක්ෂාව බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය .

තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය, භාෂා හා සන්නිවේදන කුසලතා වැනි විශේෂ ක්ෂේත්‍ර කෙරෙහි  අධ්‍යාපන පද්ධතිය තුළ ප්‍රමුඛ අවධානය ලබා දිය යුතු බවත් එම ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම තුළින් රටේ ආර්ථිකය ඉහළ නැංවීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

පාසල් වෙත සුහුරු පන්ති කාමර ලබාදීම, විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය සහ ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම ඇතුළු ක්‍රියාමාර්ග රැසක්  මෑතකාලීනව අධ්‍යාපන පද්ධතිය  තුළ ක්‍රියාවට නැංවීමට හැකිවූ බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, ජාතික මට්ටමින් ගන්නා ක්‍රියාමාර්ග වල සාර්ථකත්වය හා ඵලදායිත්වය පවතින්නේ සියලු පාර්ශ්ව වලින් ලැබෙන සහයෝගය මත බව ද අවධාරණය කළේය.

මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය  රමේෂ් පතිරණ, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, ඇලෝසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය දිලිත් ජයවීර, ධම්මික පෙරේරා අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර, මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ගාල්ල ඇලෝසියස් විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ සුහුරු පන්ති කාමරය සහ මාධ්‍ය ඒකකය  විවෘත කිරීමත්, පාසලේ පවත්නා අඩුපාඩු නිරීක්ෂණය කිරීමත් අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් මෙහිදී  සිදු කෙරිණි.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP