logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් මේ අවුරුද්ද ජයග්‍රාහී වසරක් වනු නිසැකයි …” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“එකමුතුව හා සාමූහික වගකීමෙන් කටයුතු කළොත් මේ අවුරුද්ද ජයග්‍රාහී වසරක් වනු නිසැකයි …” අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

එළඹුණු අලුත් අවුරුද්දේ රටක් වශයෙන් මුහුණ දිය යුතු අභියෝග රාශියක් ඇති බවත්,එකමුතුව සහ සාමූහික වගකීමෙන් කටයුතු කළොත් එම අභියෝග පහසුවෙන් ජය ගැනීමේ ශක්තිය රජය සතුව පවත්නා බවත්   අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, රන්ගිරි දඹුලු රජමහා විහාරය හා ශ්‍රී විශ්ණු මහ දේවාලයේ භාරකාර, මැද පන්සලේ අධිපති, සිරි වළගම්බා මහ පිරිවෙන් අධ්‍යක්ෂ, මාතලේ මහා දිශාවේ උප ප්‍රධාන සංඝ නායක අතිපූජ්‍ය අඹගස්වැවේ රාහුල හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේ දී ය.
අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට අමාත්‍යවරයා සමඟ එක් ව සිටියහ.
ජනාධිපතිතුමා බලයට පත්ව තවමත් ගතවී ඇත්තේ වසරකුත්  මාස 5 ක් පමණක් බවත්, රජය පත් කර ගතව ඇත්තේ මාස හතක් වැනි කෙටි කාලයක් බවත් ගත වූ  කාල පරිච්ඡේදය තුළ රට වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කර ඇති බවත්, ඉදිරි වර්ෂයේදී ද  ඉටු කිරීමට සැලසුම් කර ඇති වැඩ සටහන් රැසක් ඇති  බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා, බලයට පත් කළ රජය රැක ගැනීමට ද සියලු පාර්ශවවල සාමූහික සහයෝගය අවශ්‍ය වන බව ද අවධාරණය කළේ ය .

 එකම දේශපාලන පක්ෂය තුළ පවා විවිධ අදහස් මත වාද,  ඒ ඒ පක්ෂවලට සීමා වූ අනන්‍යතා ලක්ෂණ පැවතිය හැකි නමුත්, මත ගැටුම්, විරෝධතා වෙනුවට  සන්ධානයක් වශයෙන් එක්ව ඉදිරියට යාමට සියලු සාමාජිකයන් ඇප කැප විය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය .
පක්ෂ කිහිපයක සන්ධානගත වීමෙන් ගොඩනැඟුණු පක්ෂයක් වුව ද, වරින්වර මතුවන ප්‍රශ්න කතා කර විසඳා ගැනීමට රජයක් වශයෙන් සමත් ව සිටින බවත්,විශේෂයෙන් ම  විසිවන සංශෝධනය ගෙන ආ අවස්ථාවේ පවා  සාමූහික එකඟතාවකට පැමිණ එය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට රජය සමත් වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.
පක්ෂයක් වශයෙන් සාමූහික ව ඉදිරියට යා හැකි නම් , දේශීය වශයෙන් මෙන්ම විදේශීය වශයෙන් එළැඹෙන  අභියෝග සියල්ලටම  ජයග්‍රාහී ව  මුහුණ දීමට රජයක් වශයෙන් අප ශක්තිමත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම

    දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී...
  • 2023 – 6 ශ්‍රේණිය සඳහා වන පාසල් කඩඉම් ලකුණු අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් මෙතෙක් නිකුත් කර නොමැති බව දැනුම්දීම

    මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා සහ ඇතැම් වෙබ් අඩවි මඟ...
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙ...
  • භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි  (Jai Bir Rai) සහලංකාවේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අතර හමුවක්

    භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බිර් රායි &n...
  • බෙලරූස් උසස් අධ්‍යාපන ආයතන සමඟ ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන අනුබද්ධ කරමින් විදෙස් සුදුසුකම් සහ පිළිගැනීම සහිත පාඨමාලා ක‍්‍රියාත්මක කිරීමට අවධානය

    නවදිල්ලි නුවර සිට දිවයිනට පැමිණ සිටින බෙලරූස්&n...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP