MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “උසස් පෙළ සමතුන්ට සරසවි ප්‍රවේශය සඳහා දීර්ඝ කාලයක් වැයවීම නතර කළ යුතුයි”
බදාදා, 07 ඔක්තෝබර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“උසස් පෙළ සමතුන්ට සරසවි ප්‍රවේශය සඳහා දීර්ඝ කාලයක් වැයවීම නතර කළ යුතුයි”

උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සෑම වසරකදී ම ලැබෙන සීමිත අයදුම්පත් ප්‍රමාණයක් හේතුවෙන් උසස් පෙළ සමතුන්ගේ සරසවි ප්‍රවේශ කාලය වසර එකහමාරකට ආසන්න කාලයක් වැයවීම නතර කළ යුතු බවත්, ඒ සඳහා වඩාත් තාර්කික, ප්‍රායෝගික සහ නම්‍යශීලී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අද (06) විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා ඇතුළු අතිරේක විභාග කොමසාරිස්වරුන් සමඟ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිනි.

එමෙන් ම උසස් පෙළ විභාගය සඳහා සිසුන් විසින් පෙනී සිටින සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය (GIT) සඳහා ලබාගන්නා සාමාර්ථය සරසවි ප්‍රවේශයේ දී සැලකිල්ලට ගැනීම හරහා එම විෂය සිසුන් අතර තවදුරටත් ප්‍රචලිත කිරීමට ද මෙහි දී සාකච්ඡා කෙරිණි. පසුගිය වසර වන තෙක් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විෂය සඳහා පැවතියේ ලිඛිත පරීක්ෂණයක් පමණක් වීම නිසා සිසුන් මෙම විෂය සම්බන්ධ එතරම් උනන්දුවක් නොදැක්වූ බව ද එහෙත් පසුගිය වර්ෂයේ සිට ප්‍රායෝගික පරීක්ෂණයක් ද සහිත ව මෙම විෂය සඳහා පෙනී සිටීමට සිසුන්ට අවස්ථාව සලසා ඇති බැවින් සිසුන් තුළ වැඩි උද්යෝගයක් දැනට පවත්නා බව ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

ඇතැම් පාසල්වල දරුවන්ට පරිගණක පහසුකම් සහ අන්තර්ජාල පහසුකම් නොමැතිවීම නිසා පවත්නා අභියෝගයට ද විසඳුම් ලබාදීම කෙරෙහි මෙහි දී අවධානය යොමු කළ යුතුව පවතින බව විභාග කොමසාරිස්වරයා තවදුරටත් පෙන්වාදුන්නේ ය.

උසස් පෙළ විභාගයේ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ ඉංග්‍රීසි පරීක්ෂණය සඳහා සිසුන් ලබාගන්නා සාමාර්ථය අනුව සරසවි ප්‍රවේශයේ දී ලබා දෙන ඉසෙඩ් අගයට කිසියම් ලකුණක් එකතු කළ හැකිනම් එය වැදගත් වන බව ද මෙහි දී විභාග කොමසාරිස්වරයා යෝජනා කළේය.

අධ්‍යාපනය සහ තාක්ෂණය අතර පරතරය අවම කරමින් සිසුන්ට වඩාත් ප්‍රායෝගික හා නම්‍යශීලී ප්‍රවේශයක් තුළ දැනුම ඇගයීමට ලක්කරන ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගන්නා ලෙසත්, ඒ සම්බන්ධයෙන් වන යෝජනා සහ සැලසුම් ඉදිරි සති කිහිපය ඇතුළත තමා වෙත ලබා දෙන ලෙසත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සහයෝගය ද මේ සඳහා ලබාගන්නා ලෙසත් ඒ අනුව වඩාත් විධිමත් සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් හරහා ඉදිරියේ දී මෙරට විභාග පද්ධතිය නවීකරණය කිරීමට පියවර ගතයුතු බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ සඳහා විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා ඇතුළු අතිරේක විභාග කොමසාරිස්තුමිය ප්‍රමුඛ විභාග දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් නලීන් ගම්ලත් මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 526
  • 528
  • 582
  • 583
  • 643
  • Uncategorized @si
  • තරඟ
  • නැණ පියස
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු හා නැගෙනහිර පළාත් සඳහා තොරතුරු තාක්ෂණය, ගෘහ විද්‍යාව, සෞන්දර්ය විෂයයන් (විත්‍ර, සංගීත, නර්තනය) සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I(ඇ) ශ්‍රේණියට බඳවා ගැනීම – 2021

    අදාල උපදෙස් සහිත නිවේදනය හා අයදුම්පත පහළින් භාග...
  • දේශීය වෛද්‍ය ක්‍රමය කිසි ම වෛද්‍ය ක්‍රමයකට දෙවැනි වෛද්‍ය ක්‍රමයක් නොවෙයි- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

    “අපේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය වෙනත් කිසිදු වෛද්‍...
  • ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය

    ඩිජිටල් ඡායාරූප හා වීඩියෝ තරඟය සඳහා උපදෙස් මෙතන...
  • දිවයිනේ ජාතික පාසල්වල 2021 වර්ෂය සඳහා අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම.

    2021 වර්ෂය සඳහා ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවල...
  • මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනයක් ඇති කිරීමට සමත් මානව සම්පතක් ගොඩනැගිය යුතු ආකාරය සම්බන්ධයෙන් අදහස් රැසක් ජාතික සම්බන්ධීකරණ සමාජ යටිතල පහසුකම් අනු කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ලක්විය.

    ‘වැඩ සමග යළි ගමට’ ආර්ථික පුනර්ජීවනය...

Archives

  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP