MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • උසස් පෙළ විභාගයටත් මේ ආරක්ෂිත ක්‍රමවේද ම ක්‍රියාත්මක කරනවා. බය නැතිව දරුවන් එවන්න – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස්
ඉරිදා, 11 ඔක්තෝබර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

උසස් පෙළ විභාගයටත් මේ ආරක්ෂිත ක්‍රමවේද ම ක්‍රියාත්මක කරනවා. බය නැතිව දරුවන් එවන්න – අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල් පීරිස්

අද, (11) වන දින 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව පැවැත්වීමට හැකි වූ බවත් මේ පරිදි ම අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා ද හෙට දින දරුවන් විභාග මධ්‍යස්ථාන වෙත එවන ලෙස ත් ඒ සඳහා රජය මඟින් සියලු සෞඛ්‍ය, ආරක්ෂක සහ ප්‍රවාහන පහසුකම් සපයා තිබෙන බව ත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මැතිතුමා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ විභාගය පැවැත් වූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයට පැමිණීමෙන් අනතුරුව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,

අපි ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා,දෙමාපියන්ට රජය පිළිබඳ විශ්වාසය තබා දරුවන් විභාගයට එවීමට කටයුතු කිරීම සම්බන්ධව, ලංකාව පුරා ම 5ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටලුවකින් තොරව සාර්ථක ව නිමා වුණා. දෙමාපියන් අපට කතා කොට රජයට තමන්ගේ ස්තූතිය පුද කළා. ඒ සම්බන්ධයෙන් අප සතුටු වෙනවා.

දෙමාපියන් රජයෙන් ඉල්ලා සිටියා දෙවරක් ම කල් තැබුණු විභාගය නැවත කල් නොදමන ලෙසට. රජය ඊට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය , ආරක්ෂක , ප්‍රවාහන, අධ්‍යාපන අමාත්‍යාංශය, පළාත් පාලන ආයතන සියල්ලේ ම සහයෝගය ඇතිව එකා මෙන් කටයුතු කර ඒ අභියෝගය ජය ලැබීමට හැකිවිය.

උසස් පෙළ විභාගයත් හෙට සිට එනම් 2020/10/12 දින සිට නොවැම්බර් මස 06වන දින දක්වා පැවැත්වීමට කටයුතු සියල්ල සංවිධානය කරලයි තියෙන්නේ. ඒ නිසා කිසිදු සැකයක් ඇති කර නො ගෙන දරුවන් විභාගෙට එවන්න. ඒමෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා සෞඛ්‍ය ඇමතිනියට, සියලු ම සෞඛ්‍ය අංශවලට, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇතුළු සියලු ම කාර්යය මණ්ඩලයට, සියලු ම පළාත් පාලන ආයතනවලට , විභාග කොමසාරිස්තුමා ඇතුළු කාර්යය මණ්ඩලයට, සියලු ම ආරක්ෂක අංශවලට මේ දැක්වූ දායකත්වයට සහ කැපවීමට. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සදහා විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත, අධ්‍යාපන අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 526
  • 528
  • Uncategorized @si
  • තරඟ
  • නැණ පියස
    • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
    • ගණිත ශාඛාව
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්

Recent Notices & News

  • බොහෝ රටවල් කොවිඩ් හමුවේ අධ්‍යාපන වියදම් කපා හරිද්දී ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය ප්‍රශංසනීයයි”.

                                                   ...
  • 2016 – 2018 ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 පන්තියේ I ආ ශ්‍රේණියට බඳවා ගැනීම

    සාරිපුත්ත විද්‍යාපීඨය කඩඉම් ලකුණු...
  • පාසල් දරුවන් පැහැරගෙන ඇවිත් කරේ සයිනයිට් කරල් එල්ලපු අය, අද ඒ රටවල්වල වැජඹෙනවා – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

    ශ්‍රී ලංකාව ගැන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ...
  • “ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ගැනීමට හැකි ව්‍යුහයක් සකස් කිරීම අපේ අරමුණයි” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්

    ප්‍රමාදයකින් තොරව දරුවන්ගේ අධ්‍යාපනය අවසන් කර ග...
  • “දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම්”- අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී .එල්. පීරිස්

    එළඹෙන මාර්තු පළමු වන සදුදා (01) අධ්‍යාපන පොදු ස...

Archives

  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141
  • +94 112 785150
  • info@10.1.0.66

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP