logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’
බදාදා, 01 පෙබරවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

-උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉක්මවා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය මගින් බලාපොරොත්තු වන්නේ උගන්වන සියල්ල මතකයේ තබාගෙන ගොස් විභාග ප්‍රශ්න පත්‍රයකට පිළිතුරු ලියා එන පිරිසක් බිහි කිරීම නොවන බවත් උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් නොවන ලෙසත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති ‘ජාතික මට්ටමේ තොරතුරු හා සන්නිවේදන ශූරයෝ -2021’ තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක් වෙමින් එළඹෙන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත උපාධිධාරී ගුරු විභාගයේ විභාග අපේක්ෂකයන් සඳහා උපකාරක පන්ති පැවැත්වෙන බවට පළ ව තිබූ දැන්වීමක් පිළිබඳ අදහස් පළ කරමිනි. සරල ගණිත ගැටලුවක් විසඳීම හා සාමාන්‍ය ප්‍රශ්නයකට පිළිතුරු දීම වැනි ක්ෂණික ව සිතා බලා යමක් වටහාගෙන ක්‍රියාත්මක වීමේ නිපුණතා, ගුරුවරුන් ලෙස සේවය කිරීමට බලාපොරොත්තු වන උපාධි අපේක්ෂකයන් තුළ පැවතිය යුතු බවත් නිපුණතාවන්ගෙන් හෙබි දරු පරපුරක් නිර්මාණය කළ හැකි වන්නේ ගුරුවරයකු ලෙස බඳවාගැනීමේ පරීක්ෂණයට පෙනී සිටීමට පවා අමතර පන්තිවල සහය පතන පිරිසක් නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. මෙවන් සිදුවීම් නිසා පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක අත්‍යවශ්‍යභාවය මැනවින් තහවුරු වන්නේ යැයි ද හෙතෙම පැවසී ය.

සංවර්ධන නිලධාරීන් ලෙස රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් අතරින් ගුරුවරුන් ලෙස බැඳීමට අපේක්ෂා කරන අදාළ වයස් සීමාවේ පසු වන අය වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත මෙම තෝරාගැනීමේ විභාගය අසීරු තරග විභාගයක් නොවන බවත් එනිසා අනිසි ලෙස අමතර පන්තිවලට සහභාගී වීමකින් තොර ව අපේක්ෂකයන් නියමිත දිනට විභාග ශාලාවට ගොස් ආත්ම ශක්තියෙන් යුතු ව එම පරීක්ෂණයට මුහුණ දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP