logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවෙයි
බදාදා, 09 සැප්තැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍යපීඨවලට ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවෙයි

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350කින් ඉහළ නැංවීමට පසුගිය දා (04) අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේ දී තීරණය විය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ “සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙහි” සඳහන් ව ඇති පරිදි විශ්වවිද්‍යාල ප්‍රවේශ සුදුසුකම් ලබන සියලු දෙනාට ම උපාධියක් හෝ උපාධියක් දක්වා යාමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කිරීමට කටයුතු යෙදීම සහ දැනට රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීම සඳහා පියවර ගැනීමත් අරමුණු කරගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අපේක්ෂිත ඉදිරි අධ්‍යාපන සංවර්ධන ක්‍රියාවලියෙහි එක් ප්‍රමුඛ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

සරසවි ප්‍රවේශ අවස්ථා ලබාදෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වර්ෂවලට වඩා සැලකිය යුතු අන්දමින් ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් සිදුකළ ඉල්ලීමකට අනුව, මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෛද්‍යපීඨ සහිත සියලු රජයේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ සිදුකරන ලද සාකච්ඡා වට කිහිපයකින් ද අනතුරුවයි. සිසුන් වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා එකවර මෙපමණ සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ඒ අනුව, 2019 වසරේ පවත්වන ලද අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර  උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ  සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් මෙහි අරමුණයි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා,  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා, උප සභාපති ජනිතා එන් ලියනගේ මහත්මිය ප්‍රමුඛ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන්, විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ වෛද්‍යපීඨ පීඨාධිපතිවරුන් පිරිසක් සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 22nd Kanagawa Biennial World Children’s Art Exhibition -2023

    විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා...
  • 30th Annual “World Chilren’s Picture Contest

    විස්තර පත්‍රිකාව වැඩිදුර තොරතුරු සඳහා...
  • ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු -2023

    දැනුවත් කිරීමේ ලිපිය මෙතැනින් බාගත කරගන්න...
  • ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට අදාල සන්ධාන භාෂා (ඉංග්‍රීසි) විභාගය 2021 (2022)

    අදාල ගැසට් නිවේදනය අංක 2290 දරණ හා 2022. 07. 22...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩයිම් පරීක්ෂණය 2022(1)

    ආවරණ ලිපිය නාම ලේඛනය...

Archives

  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP