logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’ යන තේමාව යටතේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් (16) පැවති විශේෂ වැඩ මුළුව.
සඳුදා, 18 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’ යන තේමාව යටතේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් (16) පැවති විශේෂ වැඩ මුළුව.

මෙරට පාසල්  අතරින්  76.3 %ක ශිෂ්‍ය සංඛ්‍යාව 500 ට අඩු බවත්, ළමුන් 35 ක් සිටියත් ඒ සෑම පාසලකටම රජය ගුරුවරුන් ඇතුළු  අනෙකුත් පහසුකම් ලබා දිය යුතු බවත්, රජයේ ආයෝජන වලින් ඵලදායී ප්‍රතිඵල ලබා ගන්නට නම් මේ ව්‍යූහය වෙනස්  කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, ‘ඉගෙනුමට අරමුණක් – වෘත්තීය මං පෙතක්’ යන තේමාව යටතේ  විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් කළුතර ටැන්ජරීන් හෝටලයේ අද (16) පැවති විශේෂ වැඩ මුළුවකට එක්වෙමිනි .
ඕනෑම පාසලක සාර්ථකත්වය තීරණය වන්නේ, විදුහල්පතිවරයාගේ පෞරුෂය,නායකත්ව හැකියාව, දැක්ම සහ ඒ හරහා ඔවුන් ලබන සාර්ථකත්වය මත බවත්, පාසලක් සක්‍රීයව හා සාර්ථකව පවත්වා ගෙන යාමට වැඩි ඉඩ හසර සැලසෙන පරිදි විදුහල්පතිවරුන්ට නිල නිවසක් ලබා දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගත යුතු බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දේශීය මෙන් ම විදේශීය ආර්ථිකය තුළ ගොඩනැගෙන අනාගත රැකියා අවස්ථා සහ අධ්යාපනය පිළිබඳ සැලකිලිමත් වෙමින් ඉදිරියේ දී  විශ්වවිද්යාල කොමිෂන් සභා පනත  සංශෝධනය කිරීමට  පියවර ගන්නා බව ද, ඒ සඳහා විශ්ව විද්යාල ප්රතිපාදන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වෙත තමා උපදෙස් ලබා දුන් බව ද, අධ්යන පාඨමාලා සැලසුම් කිරීමේ දී  වඩාත් ප්රායෝගික  අයුරින් , කාලෝචිත  අන්දමින්  දේශීයත්වය ට අවධානය යොමු කරමින්, කටයුතු කළ යුතු බවද පෙන්වා දුන් අධ්යාපන අමාත්යවරයා, නුපුහුණු ශ්රම සම්පත් විදේශ ගත කරනු වෙනුවට, වඩාත් පුහුණු ශ්රමිකයන් අධ්යාපනය තුළින් ගොඩ නැංවිය හැකි පරිදි අධ්යාපනය නවීකෘත කළ යුතු බව දපෙන්වා දුන්නේ ය .
අධ්‍යාපනය තුළින්  අප බිහි කළ යුත්තේ රොබෝවරුන් නො වන බවත්, මානසික ආතතියෙන් තොරව කටයුතු කරන, ශාරීරිකවත් මානසිකවත් නිරෝගී දරුවන් පාසල් පද්ධතිය තුළ ගොඩ නැගීම වෙනුවෙන් පෙර පාසල් අධ්‍යාපනයේ සිට දැඩි අවධානය යොමු කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය .
වත්මන් පෙර පාසල් තුළ දරුවන්ට ලබා දෙන අධ්‍යාපනය සම්බන්ධයෙන් කරුණු දැක්වූ අමාත්‍යවරයා , මී වදය හදන වෙනුවට ඊට පෙර මී පැණි වත් කරන්නට යාම මෙන් දරුවන්ගේ මනස නිරවුල් ව සවිමත් කරන්නට පෙර විෂය කරුණු ඇතුළත් කරන්නට ඇතැම් පෙර පාසල් කටයුතු කිරීම අනුමත නොකරන බව ද පැවසී ය.
ගුරුවරුන් සිදු කරන්නේ රස්සාවක් නොව, වෘත්තියක් බව ද, විෂය මාලාව ඉගැන්වීමට පරිබාහිරව දරුවන්ට මාර්ගෝපදේශකයෙකු ලෙස කටයුතු කරන්නට ගුරුවරුන්ට සිදු වන බව ද , ඒ සඳහා මෙරට පාසල් පද්ධතිය තුළ ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පෙළඹවීමට සහ අනුබල ලබා දීම වෙනුවෙන් මෙවැනි පුහුණු වැඩසටහන්  විශිෂ්ට අත්වැලක් වනු ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත්  ප්‍රකාශ කළේ ය .

කළුතර දිස්ත්‍රික්කයේ, මතුගම හොරණ සහ සහ කළුතර අධ්‍යාපන කලාපයන්හි පාසල් 25 ක විදුහල්පතිවරුන් 25 ක් සහ ගුරුවරුන් 25 දෙනෙකු වෙනුවෙන් පැවති මෙම වෘත්තීය මාර්ගෝපදේශන වැඩ මුළුව  සඳහා  අධ්‍යාපන අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ ..

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP