logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් ජුලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සිකුරාදා, 02 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් ජුලි මාසය තුළ විවෘත කිරීමට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

කොවිඩ් වසංගතය හමුවේ මේ වනවිට වසා දමා තිබෙන පාසල් විවෘත කිරීමේ දැඩි අවශ්‍යතාව හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට යටත් ව සහ අධ්‍යාපනය සැමට ලබාදීමේ අරමුණ ඇති ව ආරම්භක පියවරක් වශයෙන් ළමුන් 100ට අඩු පාසල් සෞඛ්‍ය අංශවල පූර්ණ නිර්දේශවලට අනුකූල ව ජුලි මාසය තුළ විවෘත කිරීමට සුදුසු ප්‍රායෝගික වැඩපිළිවෙළක් දියත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා‍ මේ බව පැවසූයේ 2021/07/02වන දින බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,මේ සඳහා ගුරුවරුන් එන්නත්කරණය පළමු ව සිදුකිරීම අනිවාර්යය බව ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී එතුමා විසින් අවධාරණය කරන ලදී. ළමුන් 50ට අඩු පාසල් 1439ක් සහ ළමුන් 51-100 දක්වා පාසල් 1523ක් වශයෙන් පාසල් 2962ක් මූලික වශයෙන් සෞඛ්‍ය නිර්දේශ මත ජූලි මාසය තුළ විවෘත කිරීමට ත් අනෙකුත් පාසල් නිසි සැලසුමකට අනුව විවෘත කිරීමට ත් අපේක්ෂා කෙරේ. එම සැලැස්මට අනුව මූලිකව ම සියලු ම ගුරුවරුන්ට, නිලධාරීන්ට, විදුහල්පතිවරුන්ට එන්නත් ලබාදීමටත් ඒ තුළින් දෙමාපියන්ට දරුවන් පාසලට එවීම පිළිබඳ විශ්වාසයක් ගොඩනැඟීමත් සිදුවනු ඇත.2020 වනවිට සමස්ත ලංකාවේ ම පාසල් ප්‍රමාණය 10,155ක් වන අතර දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ ගැටලු පවතින පාසල් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් 3,514ක් හඳුනාගෙන ති‍බේ. මේ අනුව දිවයිනේ සමස්ත පාසල් දරුවන් ප්‍රමාණය මිලියන 4.3ක් වන අතර දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ ගැටලු පවතින පාසල්වල ඉගෙනගන්නා සිසුන් ප්‍රමාණය, සමස්ත සිසුන් ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස 6%ක් වැනි ප්‍රමාණයකි.එමෙන්ම අන්තර්ජාල පහසුකම් නොමැති දූ දරුවන් සඳහා රටපුරා එම පහසුකම් සපයා දිය හැකි මධ්‍යස්ථාන 2000ක් විවෘත කිරීමට ත් මහින්දෝදය විද්‍යාගාර, පාසල්, පන්සල් සහ ප්‍රජාශාලා ඒ සඳහා යොදාගැනීමට ත් අපේක්ෂිත ය. දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරු, කලාප අධ්‍යක්ෂවරු මෙන් ම විදුහල්පතිවරුන් විසින් එම ස්ථාන 2096ක් හඳුනාගෙන ඇති අතර ජුලි මස 05වන දින එම මධ්‍යස්ථාන ආරම්භ කිරීමට අපේක්ෂිත බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා,
පළාත් අධ්‍යාපන බලධාරීන්ට මේ වනවිට ද ප්‍රතිපාදන යවා මුද්‍රිත පාඩම්, සටහන්, වැඩපොත් ආදිය පළාත් මට්ටමින් විදුහල් හරහා දරුවන්ට ලබා දීමට වැඩපිළිවෙළක් මේවනවිට ද ක්‍රියාත්මක වේ. ගුරු ගෙදර වැඩසටහන සහ අයි සහ නේත්‍රා නාලිකා මඟින් පෙ.ව. 4.00 සිට රාත්‍රී 11.00 දක්වා ශ්‍රේණි සහ විෂයයන් අනුව අධ්‍යාපනය ලබාදීම සිදු කෙරේ.
මීට අමතර ව කෙටි කාලයක් තුළ දී සෑම ශ්‍රේණියක් සඳහා ම වෙන ම සැටලයිට් නාලිකාවක් ආරම්භ කිරීමට ද එමඟින් සජීවී පන්තිකාමරයක් ලෙස ප්‍රවීණ ගුරුවරුන් යොදාගෙන අධ්‍යයන කටයුතු සිදු කිරීමට අපේක්ෂිත ය. එමෙන් ම (House base ) නිවාස මූලික කරගෙන සිදුකෙරන අධ්‍යාපනයක් ද දරුවන්ට ලබා දීමට කටයුතු කෙරෙන අතර එහිදී 5 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ උසස් පෙළ පන්ති සඳහා ප්‍රමුඛතාව ලැබේ.
දුෂ්කර ප්‍රදේශවල ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන මධ්‍යස්ථාන වෙත දරුවන්ට ළඟාවීමට ගමනාගමන පහසුකම් ගැටලුවක් වී ඇති නම් ඒ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ සාකච්ඡාකොට එම පහසුකම් ලබාදීමට ද අපේක්ෂිත බවත් ‍මේ සම්බන්ධ ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු, මහජන සෞඛ්‍ය පරික්ෂකවරු, විදුහල්පතිවරු දැනුම්වත්කොට ඇති බව ද පැවසී ය.
අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ද මෙහි දී අදහස් දැක්වී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP