logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්
සිකුරාදා, 09 ජූලි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්

  • විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සඳහා එන්නත්කරණය ඇරඹේ.
  • අ.පො.ස.උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින පිළිබඳ මත දෙකක්
  • සාමාන්‍ය පෙළ ප්‍රතිපල නිකුත් කිරීම කඩිනමින්- තාක්ෂණික හා අනෙකුත් කරුණු සොයා බලා තීන්දු ගන්නවා -අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

රටේ අධ්‍යාපන ව්‍යුහය යළි ආරම්භ කිරීමට සහ පාසල් අධ්‍යාපන කටයුතු යළි ආරම්භ කිරීමේ වැඩපිළිවෙළෙහි පළමු පිවයර වශයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් සඳහා එන්නත්කරණ වැඩසටහන අද (2021/07/09) දින ආරම්භ විය.

මේ මස 12වැනි සඳුදා සිට සියලු ම ගුරුවරුන් එන්නත්කරණය ආරම්භ කිරීමට නියමිත ය. එසේ ගුරුවරුන් එන්නත්කරණය කිරීමෙන් අනතුරු ව පළමු පියවර ලෙස දරුවන් 100ට අඩු පාසල් 2962ක් අගෝස්තු මාසයේ දී පමණ ආරම්භ කිරීමට හැකි වෙතැ යි විශ්වාස කෙරේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමේ දින සම්බන්ධ ව මත දෙකක් ඇති බවත් තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව නම්‍යශීලී සහ වඩාත් ප්‍රායෝගික තීන්දුවක් ගතයුතු බව ද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය.

ප්‍රථම වතාවට උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් දළ වශයෙන් දෙලක්ෂයක ප්‍රමාණයක් සිටිති. දෙවන වතාවට පෙනී සිටින දරුවන් සිටින්නේ 150000ක් පමණ ය. මෙයින් ප්‍රථම වතාවට විභාගයට පෙනී සිටින සිසුන්ගේ ඉල්ලීම වන්නේ විෂය මාලා සම්පූර්ණ කිරීමට අපහසු වී තිබෙන බැවින් විභාගය කල් දැමීම යෝග්‍ය බව ය. නමුත් දෙවන වරට විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලීම වන්නේ ඔක්තෝම්බර් මාසයේ ම ප්‍රමාදයකින් තොර ව විභාගය පැවැත්වීමට ය. මේ සම්බන්ධයෙන් සාධාරණ තීරණයක් ගැනීමට සිදු වී තිබේ. මෙහිදී විභාග දෙපාර්තමේන්තුවට විශාල බරක් සහ කාර්යභාර්යයක් පැවරේ. ආරම්භක පියවර වශයෙන් අද දින ‍විභාග දෙපාර්තමේන්තුවේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන්ට එන්නත් කරනු ලැබී ය.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධ ව පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞන්දර්යය විෂයයන් අට (08) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම යි. ප්‍රතිපල නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇති වී තිබෙන්නේ එබැවිනි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622000ක් සිසුන්ගෙන් 169000ක් පමණ දරුවන් සෞන්දර්යය විෂයයන් හදාරා තිබේ. ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් මේ තත්ත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් අනතුරු ව ප්‍රතිපල නිකුත් කිරීමක් සිදු කරන්නේ ද යන ගැටලුව දැනට අප හමුවේ පවතී. පසුගිය වර්ෂයේ සමස්ත ප්‍රතිපලය සහ ප්‍රායෝගික පරීක්ෂණ අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා බලා තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව එම තීරණයට එළඹීමට අපේක්ෂා කෙරේ.

කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලන්ඩන් විභාගය සම්බන්ධයෙන් ද එවැනි ගැටලු පැන නැඟී ඇත. ඔවුන් ද ඉතා ‍ප්‍රායෝගික ව සහ නම්‍යශීලී අයුරින් තීරණයන්ට එළඹී තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ විභාග දෙපාර්තමේන්තුවට සහ අධ්‍යාපන අමාත්‍යහංශයට එන්නත් ලබාදීම අතිශයින් ම ප්‍රමුඛ කාර්යයක් බවට පත් වේ.

මෙම එන්නත්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහාය දුන් සියලු ම අංශවලට සිය කෘතඥතාවය පළකරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...
  • අධ්‍යාපන අමාත්‍යාංශයට නව අධ්‍යාපන අමාත්‍යවරයෙක්…

    අද (20) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගරු සුසිල්...
  • 2022 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර අවසන් කිරීම හා 2022.05.20 වන දින නිවාඩු දිනයක් ලෙස පත් කෙරේ.

    රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 202...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP