logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • ”අභියෝග හමුවේ අඛණ්ඩ ව පැවැත්වූ උසස් පෙළ විභාගය පැවැත්වීමට සහාය වූ සියලු පාර්ශවයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘතවේදී ස්තුතිය”
සෙනසුරාදා, 07 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

”අභියෝග හමුවේ අඛණ්ඩ ව පැවැත්වූ උසස් පෙළ විභාගය පැවැත්වීමට සහාය වූ සියලු පාර්ශවයන්ට අධ්‍යාපන අමාත්‍යාංශයේ කෘතවේදී ස්තුතිය”

කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග  මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824 ක් වෙනුවෙන් පසුගිය ඔක්තෝබර් 12 වැනි දින සිට අඛණ්ඩව පවත්වන ලද අ.පො.ස උසස් පෙළ විභාගය අදින් (නොවැම්බර් 06) අවසන් වේ. අද දින උසස් පෙළ විභාගයේ සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය, ග්‍රීක හා රෝම ශිෂ්ටාචාරය, උසස් ගණිතය යන විෂයයන් පැවැත්වෙන අතර, සිසුන් 35,000කට ආසන්න පිරිසක් ඒ සඳහා පෙනී සිටිති.

මෙවර උසස් පෙළ විභාගය ආරම්භ වන අවස්ථාව වනවිට සිසුන් නව දෙනෙකු  කොවිඩ් හේතුවෙන් නිරෝධායනය වන අතරතුර විභාගයට පෙනී සිටි අතර, ක්‍රමක්‍රමයෙන් නිරෝධායනය වන සිසුන් සංඛ්‍යාව 568ක් දක්වා වැඩිවිය. ආශ්‍රිතයන් හේතුවෙන් කොවිඩ් ආසාධිත වූ සිසුන් 27 දෙනෙකු IDH රෝහලේ ද, පනාගොඩ  යුදහමුදා රෝහලේ එක් සිසුවෙක් ද, මුල්ලේරියාව රෝහලේ එක් සිසුවෙක් ද නේවාසිකව සිට විභාගයට පෙනී සිටියහ. විශේෂයෙන් ම මිනුවන්ගොඩ, ගම්පහ, ජාඇල, සීදුව, ඒකල ප්‍රදේශවල සිසුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 12ක් ක්‍රියාත්මක කරන ලද අතර, එම විභාග මධ්‍යස්ථානවල සහ රෝහල්ගත සිසුන් වෙනුවෙන් විභාග පැවැත්වීමට විභාග පරීක්ෂකවරුන් ඇතුළු සෙසු පාර්ශවවලින් ඉමහත් සහයෝගයක් ලැබුණි.

සෑම විභාග මධ්‍යස්ථානයක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට ද සියලු සෞඛ්‍ය අංශ වෙතින් පූර්ණ සහයෝගය ලැබිණි. එමෙන් ම දරුවන්ට විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීමට ප්‍රවාහන අංශවල සියලු නිලධාරීන් සහ සාමාජිකයන් පූර්ණ සහාය ලබා දෙන ලදී.

නිරෝධායන ඇඳිරිනීතිය බලපවත්වන ප්‍රදේශ ඇතුළු දිවයින පුරා අනෙකුත් සියලු  ප්‍රදේශවල විභාගයට පෙනී සිටින දරුවන්ගේ ප්‍රවාහනය වෙනුවෙන් සහාය වූ ශ්‍රී ලංකා ගමන ගමන මණ්ඩලයටත්, දුම්රිය දෙපාර්තමේන්තුවටත්,  සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් පූර්ණ සහාය පළ කළ සෞඛ්‍ය හා වෛද්‍ය අංශය වල සියලු නිලධාරීන්ටත්, විභාග පරීක්ෂකවරුන් ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයටත්, සියලු ම විදුහල්පතිවරුන් සහ ගුරුභවතුන්ටත්, පවතින තත්වය හමුවේ දරුවන් වෙනුවෙන් අභියෝගාත්මක තීන්දුවක් ගනිමින් විභාග කල් නොදමා පැවැත්වීමට රජය ගත් පියවර කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් දරුවන්ගේ විභාග මානසිකත්වය යහපත් කළ සියලු දෙමව්පියන්ටත්, සියලුම මාධ්‍ය ආයතනවලටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කෘතවේදී ස්තුතිය පිරිනැමේ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • මාර්තු 30 වන දා ඉංග්‍රීසි භාෂාව පළමු ශ්‍රේණියට භාවිතයෙන් ආරම්භ කරනවා.

    – 6-9 හා 10-13 ශ්‍රේණිවල විෂය නිර්දේශ ජාත...
  • පාසල් පෝෂණ වැඩසටහනට රු. මිලියන 814 ඉක්මවූ මුදලක් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු සඳහා නිකුත් කරයි

    පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ...
  • පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි පාලක මණ්ඩලයේආසියානු කලාපීය නියෝජිතයා ලෙසඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කෙරේ.

    පොදු රාජ්‍ය මණ්ඩලීය දුරස්ථ අධ්‍යාපන සංවිධානයෙහි...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

    ලිපිය බාගත කරන්න අයදුම්පත්‍රය බාගත කරන්න...
  • මානව හිමිකම් ඉල්ලා හඬ නොනගන ලක්ෂ 41ක පාසල් දරුවන් වෙනුවෙන් කතා කරන්න, අන් සියලු දෙනාගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින කිසිවකුත් නෑ.

    අභියෝග මැද පාසල් අධ්‍යයන කටයුතු යථා තත්වයට පත් ...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP