logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “අභියෝග ජය ගනිමින් රජයේ අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්නට උදා වූ නව වසරේදීත් විශිෂ්ට සහයෝගයක් ලබා දෙන්න…”
සිකුරාදා, 01 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“අභියෝග ජය ගනිමින් රජයේ අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කරන්නට උදා වූ නව වසරේදීත් විශිෂ්ට සහයෝගයක් ලබා දෙන්න…”

අධ්‍යාපන ඇමතිතුමාගේ නව වසරේ පළමු ඉල්ලීම

රටක් වශයෙන් ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු ලොවම covid 19 වසංගතය හමු වේ  අභියෝගයට ලක් ව සිටිය දී, රජයේ අධ්‍යාපන වැඩපිළිවෙළ සාර්ථක ව ක්‍රියාවට නංවන්නට පසුගිය වසර පුරා අධ්‍යාපන අමාත්‍යාංශයේ සමස්ත කාර්ය මණ්ඩලය ලබාදුන් දායකත්වය,සහ සහයෝගය කෘතවේදී ව අගය කරන බවත්, රැකියාවකට එහා ගිය  ඇප කැපවීමකින් සියලු දෙනා ලබා දුන් එම සහයෝගය උදා වූ නව වසරේදීත් එලෙසින්ම අපේක්ෂා කරන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

එළඹුණු 2021 වර්ෂයේ දී  මෙරට අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද, විශේෂයෙන් ම පාසල් විෂය මාලාව යාවත්කාලීන කරන්නටත්, දරුවන් ලබා ගන්නා අධ්‍යාපනය සහ අනාගත රැකියා අවස්ථා අතර පවතින දුරස්ථභාවය තුරන් කිරීමටත් එළඹුණු වර්ෂය තුළ අධ්‍යාපන අමාත්‍යාංශය  මගින් විධිමත් ක්‍රියාමාර්ග ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසී ය .

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (1) පෙරවරුවේ  අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය සමඟ පවත්වන ලද  නව වසරේ පළමු හමුවට එක් වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

මෙහි දී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා,“ අපට අභියෝගයකට මුහුණ දීමේ දී යොදා ගත හැකි විකල්ප දෙකක් තියනවා. එක විකල්පයක් තමයි කල් දැමීම. දැනට මුකුත් නොකර සිටීම, විවේචන එන්න පුළුවන්. වැරදෙන්න පුළුවන්. ඒ නිසා අවදානමට මුහුණ නොදී නිකන් ඉන්න පුළුවන්. නිකන් හිටියොත් විවේචන අඩුයි. අනිත් විකල්පය තමයි, අභියෝග මධ්‍යයේ ඒවා ජයග්‍රහණය කිරීම සහ ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙළක් සකස් කිරීම. ප්‍රායෝගිකව ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර මොනවාද කියන එක පිළිබඳ යථාර්ථවාදී හැඟීමක් අපට තිබෙනවා.  සියලු දෙනාම එකතුවෙන් දේශපාලන පක්ෂ භේද, පෞද්ගලික සාධක සියල්ල අමතක කරලා සාමූහික වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවමින් දරුවන්ගේ යහපත වෙනුවෙන් අවතීර්ණ වීම තමයි, දෙවැනි විකල්පය.මේ දෙකින් අප තෝරාගත යුතු විකල්පය ගැන කිසිම සැකයක් නැහැ. ඉතා අසීරු වැඩ විශාල ප්‍රමාණයක් ගිය වසරේ අධ්‍යාපන අමාත්‍යංශය වශයෙන් ඔබ සියලු දෙනා ඉටු කළා. විශේෂයෙන් ම පසුගිය වර්ෂයේ පැවැත්වූ උසස් පෙළ විභාගයේ දී. ශිෂ්‍යත්ව විභාගයේ දී  අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ දැවැන්ත අභියෝගය බාර ගත්තා. ඒ දක්වපු සහයෝගය සහ සහෝදරත්වය, විශාල  කැපවීම, සහ ඔබ සියලු දෙනාම රට වෙනුවෙන් ඉටුකළ ඒ කාර්යභාරය මම ස්තූති පූර්වක ව අගය කරනවා” යැයි පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රමුඛ අමාත්‍යාංශයේ සියලු  ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් ද සමස්ත අධ්‍යාපන කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ .

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම – 2023/05/15 දිනට සංශෝධිත

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ සතිඅන්තයේ දී

    මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම...
  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP