logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තබන්නට හැකියි. එහෙත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරිමේ අභියෝගය අප භාර ගත්තා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
අඟහරුවාදා, 24 නොවැම්බර් 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශිෂ්‍ය පුවත්

“අභියෝගය හේතුවක් කර ගනිමින් පාසල් වසා තබන්නට හැකියි. එහෙත් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් විවෘත කිරිමේ අභියෝගය අප භාර ගත්තා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

කොවිඩ් අභියෝගයේ අවදානම සම්පූර්ණයෙන් අවසන් වීමට තවත් වසර දෙකහමාරක් පමණ ගතවනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති බවත්, එවන් තත්ත්වයක් මත දරුවන්ගේ පාසල් ගමන තවදුරටත් අවුරාතැබීම ප්‍රායෝගික සාර්ථක නොවන බවත්,  ඒ නිසා පවත්නා අභියෝගයට දැඩි වගකිමෙන් මුහුණ දෙමින් පාසල් විවෘත කිරිමට රජය වෙනුවෙන් තීන්දුවක් ගත් බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොවිඩ් අභියෝගය මධ්‍යයෙහි පවත්වන ලද මෙවර පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් උපරිම ලකුණු ලබාගත් සිසුන් දසදෙනා ඇගයීම වෙනුවෙන් සහ E –wis ආයතනයේ අනුග්‍රාහක දායකත්වයෙන් ඔවුන් ඉගෙනුම ලබන පාසල් වෙත ඩිජිටල් ඉගෙනුම් පුවරු(Smart Boards) ලබාදීම වෙනුවෙන් අද (24) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

ලොව සෑම රටකට ම ආර්ථික ශක්තියක් සපයන සුවි‍ශේෂිත සම්පත් පවතින බවත්, අපේ රටට ඇති සහජ සම්පත මානව සම්පත බවත්, ඉතා නිර්මාණශීලී විශිෂ්ට මානව සම්පතක් අප සතුව පවතින බවත් අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. විශිෂ්ට විභාග සමතුන් නාමමාත්‍රිකව ඇගයීමට පමණක් සීමා නොවී අනාගතයට ඔවුන් ඵලදායී සම්පත් බවට පත්කිරීමේ පුරෝගාමීන් වූ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන් ඇතුළු සියලු පාර්ශව වෙත කෘතවේදීත්වය පළ කරන්නට ද මෙය අවස්ථාවක් කරගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව කියා සිටියේ, එය කොවිඩ් පවතින මෙවන් මොහොතක දරුවන් අනතුරේ හෙළීමක් වනු ඇති බවයි. එහෙත් සියලු සෞඛ්‍ය  අංශ, ආරක්ෂක අංශ සහ ප්‍රවාහන අංශ මෙන් ම, පළාත්, කලාප, සහ කොට්ඨාස අධ්‍යාපන කාර්යාල, විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලබාදුන් පූර්ණ දායකත්වය සහ රජය කෙරෙහි තැබූ පූර්ණ විශ්වාසය හේතුවෙන් පසුගිය ඔක්තෝබර් 11 වැනි දින  ශිෂ්‍යත්ව විභාගය පවත්වන්නට හැකිවූ අතර  දින 33ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විභාග ප්‍රතිඵල නිකුත් කරන්නට ද විභාග දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

අසීරු අවස්ථාවක අභියෝගයෙන් පලා යාම වෙනුවට අභියෝගයට මුහුණ දීමේ අමාරු කාර්යය  තෝරාගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය ගත් ක්‍රියාමාර්ගය සාර්ථක කරගන්නට උරදුන් සියලු පාර්ශව වෙත අධ්‍යාපන අමාත්‍යවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.

පාසල් ආරම්භ කිරීමට ගත් තීරණය පිළිබඳ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා, “සමහර පළාත්වල දෙමව්පියන් ඊයේ දිනයේ දරුවන් පාසල් එවන්නට මැලිකමක් දක්වා තිබුණා. ඒක ස්වභාවිකයි. හුදකලා කළ පොලිස් වසම්  විවෘත කළාට මිනිසුන් ක්ෂණික ව පාරට බහින්නෙ නෑ. මේ තත්වයන් ලයිට් ස්විච් එකක් දානවා වගේ එකපාර වෙනස් කරන්න බෑ. ගුරුවරුන්ගේ පැමිණීම 85% මට්ටමේ තිබුණා. එය අගය කළ යුතුයි. සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු තීරණ අපි අරගෙන තියෙනවා. ඒ වෙනුවෙන් මුදල් වෙන් කරදී තිබෙනවා. පාසල් කමිටු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් සිටිනවා. ක්‍රමක්‍රමයෙන් මේ තත්වයන් සාමාන්‍ය අතට පත්වෙයි කියල අපි විශ්වාස කරනවා. යැයි ද පැවසීය. පාසල් වසා තබනවා කියන්නේ දරුවන්ගේ අනාගතය වසා තැබීමක්. ඒකෙන් අදහස් කරන්නේ, දරුවන්ගේ සෞඛ්‍ය තර්ජනයකට ලක්කරමින් හෝ පාසල් විවෘත කළ යුතුයි කියන එක නොවේ. දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් පාසල් පවත්වාගෙන යාමට අපි රජයක් වශයෙන් අවතීර්ණ වී සිටිනවා. ඒ වගකීම අපි ඉටු කරනවා.. “ යැයි ද පැවසීය. 

මෙවර  ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් අතරින් ඉහළම ලකුණු ලබාගත් දරුවන් දෙදෙනෙක්ද මේ අවස්ථාවට එක්ව සිටි අතර, ඔවුන්ටද ඇගයීම් සහතික ලබා දෙන ලදී.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත්, පියල් නිශාන්ත ද සිල්වා, විජිත් බේරුගොඩ, සහ රාජ්‍ය ඇමතිනී සීතා අරඹෙපොළ යන මහත්ම මහත්මීන් ද අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රමුඛ අධ්‍යාපන නිලධාරීන් රැසක් ද, ශිෂ්‍යත්ව සමතුන් නියෝජනය කරන පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ දෙමව්පියන් ද  අදාළ එක් එක් පාසල් වෙත ඩිජිටල් ඉගෙනුම් පුවරු ( Smart Boards) ලබාදීමට අනුග්‍රාහක දායකත්වය සැපයූ E-wis ආයතනයේ සභාපති සංජීව වික්‍රමනායක මහතා ඇතුළු නියෝජිත මහත්මමහත්මීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පාසල් වාර සටහන – 2023

    පාසල් වාර සටහන – 2023...
  • 2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2023-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩයිම් ලකුණු

    2022-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග 2022 – අභියාචනා කමිටු තීරණ අනුව

    ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික...
  • පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරු සඳහා සංශෝධිත ලකුණු පටිපාටිය අනුව නැවත අයදුම්පත් කැඳවීම

    නිවේදනය ලකුණු පටිපාටිය...
  • විශේෂ නිවේදනයයි.

    දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වා...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP