logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • “අපි අභියෝගවලට නොසැලී මුහුණ දුන් රජයක්, එළඹෙන 2021 වසරේදීත් අපි අභියෝග දිනනවා.”
සිකුරාදා, 01 ජනවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

“අපි අභියෝගවලට නොසැලී මුහුණ දුන් රජයක්, එළඹෙන 2021 වසරේදීත් අපි අභියෝග දිනනවා.”

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

 “2021 අභියෝගාත්මක වසරක්. නමුත් වසර 30කට ආසන්න යුද්ධයක් අවසන් කරපු අපේ රජයට මේ අභියෝග ජය ගන්නට පුළුවන්. රටේ ජනතාවගෙන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වගේ ම ව්‍යාපාරික ප්‍රජාවෙන් සහ රටෙන් අධ්‍යාපනයේ  සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධ ව අදහස් විමසීමෙන් අනතුරුව සම්පූර්ණ වෙනසක් සිදු කරන වසර බවට මේ වසර පත් වේවි” යැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය .

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මත්තේගොඩ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙහි දී තවදුරටත් අදහස් පළ කළ අධ්‍යාපන අමාත්‍යවරයා, “මේ වසර සඳහා අලුතෙන් සිසුන් 10, 000කට වැඩි ප්‍රමාණයක් බඳවා ගන්නට අපි කටයුතු කරනවා. සියලු ම අංශ සඳහා, වෛද්‍ය ක්ෂේත්‍රය ඇතුළත් ව උසස් අධ්‍යාපන අවස්ථා වැඩි කෙරෙනවා. පෞද්ගලික අංශයේ ඉල්ලීම තමයි උපාධිය ලබාගන්නා උපාධිධරයා මෘදු කුසලතා සහිත විය යුතුයි යන්න . අපි ඒ අවශ්‍යතා සපුරා ගන්නට හැකි අධ්‍යාපන ක්‍රමයක් නව වසරේ දී රට වෙනුවෙන් ලබා දෙනවා. රට පුරා අලුතින් විශ්වවිද්‍යාල 10ක් ආරම්භ කරනවා කියන්නෙ රටේ උසස් අධ්‍යාපනයේ අපි තබන විශාල ඉදිරි පිම්මක්. මේක රට ලබන විශාල ජයග්‍රහණයක්. දැනට උසස් අධ්‍යාපනය ලබන්නේ රටේ සිසුන් 69 ලක්ෂයකින් සියයට 19ක ප්‍රමාණයක්. ඒක සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ දමන්නට ඒ අනුව අපිට අලුත් අවුරුද්දේ පුළුවන්. යැයි ද පැවසීය.

 විද්‍යා හා තාක්ෂණ මානව සම්පත් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 3624.96ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ මත්තෙගොඩ කැකුණගහවත්ත ප්‍රදේශයේ මෙම ඉංජිනේරුපීඨය ඉදිකෙරේ.මේ අවස්ථාවට අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන්, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාරණ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ සභාපති සම්පත් අමරතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP