logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.
අඟහරුවාදා, 07 පෙබරවාරි 2023 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අපගේ ඉලක්කය මාර්තු 15 වන විට පාසල් නිල ඇඳුම් සිසුන් අතට පත් කිරීමයි.

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බවත් ඒ අනුව 2028 වර්ෂයෙන් පසු ව ජාතික අධ්‍යාපන විශ්ව   විද්‍යාලයෙන් බිහිවන අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට හැර වෙනත් කිසිවකුට ගුරුපත්වීම් ලබා නොදෙන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

                                                ඒ අනුව අධ්‍යාපන විද්‍යා පීඨ 19 ම ඒකාබද්ධ කර බිහි කරන එක් ජාතික විශ්වවිද්‍යාලයක් මගින් සිව් වසරක් තුළ  උපාධිධාරීන් බිහි කෙරෙන බවත් උසස් පෙළ ඉසඩ්ස්කෝ පළමු වටයෙන් ම විෂය අනුව පවත්නා පුරප්පාඩු මත උපාධි අපේක්ෂකයන් බඳවාගන්නා බවත් අධ්‍යයන වර්ෂ තුනකට පසු අවසන් වසරේ දී ඉගැන්වීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ගුණාත්මක භාවයෙන් ඉහළ ගුරුවරයකු පන්ති කාමරය වෙත යැවීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා එහි දී පැවසී ය.

                                                අධ්‍යාපන අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන්     ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කමිටු රැස්වීමක් අමතමිනි. ජාතික       මට්ටමෙන් සැලසුම් කර ඇති ඉදිරි අධ්‍යාපන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් මට්ටමින් සහයෝගය ලබා ගැනීමත් පළාත් මට්ටමින් අධ්‍යාපනය ඉහළ නැංවීමත් අරමුණු කරගෙන පැවති මෙම රැස්වීමේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන අතර එම ජාතික ප්‍රතිපත්ති පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ යුතුකම හා වගකීම වන බවත් ජාතික හා පළාත් වශයෙන් මනා         සබැඳියාවක් සහිත ව මෙම කටයුතු සිදු විය යුතු බවත් පැවසී ය.

                                                දිවයිනේ පාසල් කිහිපයක් පමණක් සාධනීය ප්‍රතිඵල පෙන්නුම් කළ ද රටක් ලෙස ඉන් සෑහීමකට පත් විය නොහැකි බවත් සුදුසු ගුරුවරුන් ඇතුළු අවශ්‍ය මානව හා භෞතික සම්පත් සැපයීම ඔස්සේ රටේ සමස්ත පාසල් පද්ධතිය ම නගාසිටුවමින් අධ්‍යාපනයේ සම අවස්ථා සෑම   දරුවකුට ම ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ මුඛ්‍ය අරමුණ බවත් පැවසූ අමාත්‍යවරයා මේ සඳහා අවශ්‍ය අධ්‍යාපන        ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආරම්භ කළ ද මේ වන විට එය ප්‍රමාණවත් නොවන බැවින් යුනෙස්කෝ       සංවිධානය විසින් සාමාජික රටවල් 195කට ලබා දී තිබෙන පණිවිඩයට ද   අනුකූල වන ලෙස පුළුල් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයක් දක්වා එම ප්‍රතිසංස්කරණ ගෙන යා යුතු ව තිබෙන බවත් මෙහි දී සඳහන් කළේ ය.

                                                පාසල් නිල ඇඳුම් ලබා දීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් ද අදහස් පළ කළ සුසිල් ප්‍රේමජයන්ත මහතා කියා සිටියේ අවශ්‍ය නිල ඇඳුම්වලින් 70%ක් ලබා දීමට එකඟ වී සිටින චීන රජය එහි පළමු තොගය මේ වන විටත් එවා ඇති අතර දේශීය වශයෙන් පෞද්ගලික ව්‍යාපාරිකයන් සපයන ඉතිරි 30% දැන් නිම    කෙරෙමින් පවතින බවත් බෙදාහැරීමේ කටයුතු සිදු කර මාර්තු 15 වන විට සිසුන් අතට නිල ඇඳුම් පත් කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් ය.

                                                මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා ඇතුළු පළාත් ලේකම්වරුන්      මෙන් ම අදාළ නිලධාරීහු සහභාගි වී සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අද සිට පළමු ශ්‍රේණියේ සියලු සිසුන්ට ඉංග්‍රීසි භාෂාව භාවිතයෙන් ඇරඹේ

        මෙම වැඩසටහනට ගුරුවරුන් 13,80...
  • අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කරන ලද අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ කමිටු තීරණ

    අනධ්‍යයන සේවකයින්ගේ වාර්ෂික ස්ථාන මාරු 2023 සඳහ...
  • මුදල් රෙගුලාසි 135 යටතේ බලතල පැවරීම – 2023 වසර

    ශීර්ෂ 126 යටතේ පාලනය වන වැඩසටහන් හා ව්‍යාපෘතිවල...
  • ලොව පුරා රටවල් 96ක ක්‍රියාත්මක ස්ටීම් අධ්‍යාපන ක්‍රමය මෙරට අධ්‍යාපන පද්ධතියටත් ඇතුළත් කරනවා.

    සාමාන්‍ය අධ්‍යාපනය යටතේ පන්ති කාමරය තුළ ලබාගන්න...
  • මැතිවරණ කාලසීමාව තුළ අනධ්‍යයන කාර්යමණ්ඩල ස්ථාන මාරුවීම්

    ලිපිය අයදුම්පත් ආකෘති පත්‍රය...

Archives

  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP