logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…
බදාදා, 04 මැයි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

නව තාක්ෂණය වෙත දරුවන් ප‍්‍රමුඛ අධ්‍යාපන ක්ෂේත‍්‍රය ම යොමු වීම, පසුගිය ව්‍යසන සමයේ අත්දුටු සාධනීය වෙනසක් බව 2022 මැයි 04 වන දින අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ‍්‍රයේ පැවති සිය ප‍්‍රථම උත්සව සභාව අමතමින් අධ්‍යාපන සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප‍්‍රකාශ කළ අතර පාසල තුළ දරුවාට ඇති අධ්‍යාපන පීඩනය අවම කර, ඔවුන් වැඩ ලෝකය හා ප‍්‍රායෝගික ව බද්ධ කිරීමත් පාසල් පද්ධතියට නව තාක්ෂණය හා භාෂා දැනුම ලබා දීමත් තම ධුර කාලය තුළ ඉටු කරගැනීමට අපේක්ෂිත ප‍්‍රධාන ම අභිමතාර්ථ ද්විත්වය වන බවත් පෙන්වා දුන්නේ ය.

නිදහසට පෙර වසර 450ක කාලයක් තුළ ශ‍්‍රී ලංකාවේ පැවති 3000ක පාසල් සංඛ්‍යාව නිදහසින් පසු මේ දක්වා වසර 73ක් තුළ පාසල් 10,000ක් දක්වා සංඛ්‍යාත්මක ව ප‍්‍රසාරණය වී ඇති අතර ශ‍්‍රී ලංකා ජාතික විශ්වවිද්‍යාලය නමින් පැවති එක ම විශ්වවිද්‍යාලය වෙනුවට අද රජයේ විශ්වවිද්‍යාල පමණක් 17ක් හා පිළිගත හැකි මට්ටමේ පෞද්ගලික විශ්වවිද්‍යාල ද 40ක් පවතින බවත් 1948 දී 52%ක් වූ දරුවන් පාසල් පැමිණීමේ ප‍්‍රතිශතය අද 99% දක්වා වර්ධනය වී ඇති බවත් සඳහන් කරමින් ආධ්‍යාපනික ගමන්මගේ සාධනීය සන්ධිස්ථාන සිහිපත් කළ අමාත්‍යවරයා මේ වර්ධනය අඛණ්ඩ ව ඉදිරියට ගෙන යෑමේ වැදගත්කම වටහා ගනිමින් විවිධ මූල්‍ය දුෂ්කරතා හමුවේ වුව විශ්වවිද්‍යාල ප‍්‍රවේශ අවස්ථා 30,000 සිට 40,000 දක්වා පුළුල් කර රුපියල් බිලියන 30ක වාර්ෂික වැටුප් වර්ධක ප‍්‍රමාණයක් ගුරුභවතුන් උදෙසා ලබා දීමටත් වත්මන් රජය ක‍්‍රියා කළ අතර මේ සියල්ල හරහා අනාගත වැඩලෝකයට ගැළපෙන නව තාක්ෂණික දැනුමෙන් පොහොසත් සමබර මනසක් සහිත දරුවකු බිහි කරගැනීමට අවශ්‍ය ආධ්‍යාපනික දිශානතියකට නැඹුරු ව බාධක මධ්‍යයේ වුව ගමන් කිරීම රජයේ මුඛ්‍ය අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළේ ය.

ජාතික පාසල් දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනට සමගාමී ව දිවයිනේ සෙසු පාසල්වල ප‍්‍රමිතිගත තුලනාත්මක සංවර්ධනය සඳහා ක‍්‍රියාත්මක පොකුරු පාසල් හා ත්‍රෛභාෂා පාසල් ව්‍යාපෘති දෙක යටතේ එම පාසල්වල යටිතල පහසුකම් හා සේවා සම්පාදනයට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීමේ වැඩසටහනට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ අදහස් දැක්වී ය.

අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ විෂය මූලිකත්වයෙන් අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය හා එක් ව ‘නිදහස් දහසක්’ මැයෙන් 2021 සිට සිව් වසරක් සඳහා ක‍්‍රියාවට නංවා ඇති මේ වැඩසටහනේ දී පළමු අදියර තුළ විද්‍යා, ක‍්‍රීඩා, සෞන්දර්ය අධ්‍යයන, තොරතුරු තාක්ෂණ, කෘෂි යන ක්ෂේත‍්‍රවලට අදාළ උපකරණ, ගුරු-සිසු පුුටු-මේස වශයෙන් පොකුරු පාසල් සඳහා රුපියල් මිලියන 20.6ක් හා ත්‍රෛභාෂා පාසල් සඳහා රුපියල් මිලියන 56.5ක් වශයෙන් වූ මූල්‍යමය වටිනාකමක් සහිත උපකරණ ලබා දීම සිදු විය.

මේ උත්සව අවස්ථාවට අධ්‍යාපන ලේකම් මහාචාර්ය කේ. කපිල සී. කේ. පෙරේරා මහතා සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එස්. ඞී. ජයසේකර මහත්මිය ඇතුළු නිලධාරීහු එක් ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • 2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ.

    2021-5 ශ්‍රේණී ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත ...
  • 2021-5 ශ්‍රේණි ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2022-6 ශ්‍රේණි සඳහා පාසල්වලට තීරණය වූ කඩඉම් ලකුණු

    ​කඩඉම් ලකුණු මෙතනින්…..​​...
  • සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්වීමට කැප වූ සියලූ පාර්ශ්වයන්ට, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මැතිතුමන්ගෙන් පැසසුම්…

    සාමාන්‍ය පෙළ විභාගය 2021 (2022) සාර්ථක ව පැවැත්...
  • අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ සහයෝගීතාවෙන් යුතුව සංවිධානය කරනු ලබන ‘සිසු පර්යේෂකයෝ – 2022’ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීම – MS Teams මෘදුකාංගය ඔස්සේ 2022 මැයි මස 24වන දින පෙ.ව.10.30 සිට ප.ව.12.30 දක්වා

    පාසල් සිසු දරුදැරියන් තුළ සාක්ෂ්‍ය පදනම් කරගත් ...
  • ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කීරීමේ ලිපි නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි.

    ජාතික පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම සඳහා ලිපි නික...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP