logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සඳහා ‘ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන’ ස්ථාපනය කෙරේ – අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
සඳුදා, 21 ජූනි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අන්තර්ජාල පහසුකම් නොමැති දරුවන් සඳහා ‘ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන’ ස්ථාපනය කෙරේ – අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

කොවිඩ් වසංගත තත්ත්වය නිසා මේ වනවිට පාසල් අධ්‍යාපන කටයුතු සිදුවන්නේ මාර්ගගත දූරස්ථ ක්‍රම මඟින් වුව ද විවිධ හේතු සාධක මත එම පහසුකම් ලබා ගැනීමට නොහැකි සිසුන් වෙනුවෙන් “ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන” පිහිටුවීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/06/21වන දින නාරාහේන්පිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා පාසල් විවෘත නොකිරීම හේතුවෙන් මේ වනවිට අධ්‍යාපන කටයුතු සිදුවන්නේ දූරස්ථ/මාර්ගගත ක්‍රමවේදයෙනි. එමෙන් ම ගුරුගෙදර, ඊ තක්සලාව මෙන් ම ගුවන්විදුලිය ආදී මාධ්‍ය ඔස්සේ දරුවන්ට අධ්‍යාපන පහසුකම් සැලසීමට රජය කටයුතු ක‍රනු ලැබේ. ඊ තක්සලාව මඟින් ගුරුවරුන්ට ‘වර්චුවල් පන්තිකාමර’ සකස්කර අධ්‍යාපනය ලබා ගැනීමට ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් මඟින් පහසුකම් සලසා දී තිබේ. ඊ තක්සලාවෙහි පාඩම් 65000ක ප්‍රමාණයක් අඩංගුකොට තිබෙන අතර ලක්ෂ 2 ½ක් පමණ දිනකට ඊට ප්‍රවේශය ලබයි. පසුගිය මාසයේ මිලියන 3.5ක් ඊට ප්‍රවේශය ලබා තිබේ.
ගුරුගෙදර වැඩසටන රූපවාහිනියේ ‘චැනල් අයි’ නාලිකාවේ සිංහල මාධ්‍යයෙන් ද දමිළ මාධ්‍යයෙන් නේත්‍රා නාලිකාවෙන් ද ක්‍රියාත්මක වේ. දිනකට පැය 16ක් බැගින් දවස් 05ක් ක්‍රියාත්මක මෙය 03වන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාඩම් 5000ක් පමණ මේ වනවිට පටිගතකොට තිබේ. ඊ තක්සලාවට ප්‍රවේශ වීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. ඉහත අන්තර්ජාල හා රූපවාහිනී වැඩසටහන් ‘අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන හා ජාතික අධ්‍යාපන ආයතනය’ මඟින් පූර්ව ප්‍රමිතිකරණයකට යටත් ව සිදු කෙරේ. එමෙන් ම පළාත්, කොට්ඨාස, පාසල් හා‍ ශ්‍රේණි මඟින් සමාජ මාධ්‍ය ජාලා හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ වැඩසටහන් විශාල ප්‍රමාණයක් අදාල විෂය අධ්‍යක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදු කෙරේ. නමුත් මේ සියල්ල සඳහා ප්‍රවේශවීමේ ගැටලුව රටේ 12%ක් හෝ ඊට තරමක් වැඩි ප්‍රමාණයකට බලපා ඇත.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය මඟින්, ප්‍රාදේශීය ඉගෙනුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු කරන ලෙස පසුගිය 17වන දින සියලු ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබේ. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව කුඩා කණ්ඩායම් වශයෙන් රැස්වීම් මධ්‍යස්ථාන ග්‍රාමීය වශයෙන් ආරම්භ කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දූරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන හා පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යංශය හා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය එක්ව මේ වනවිට සැලසුම්කොට තිබේ.
ඒ අනුව එම මධ්‍යස්ථාන හඳුනාගැනීම මේ වනවිට සිදුවෙමින් පවතී. එම මධ්‍යස්ථානයක් උදෑසන 7 සිට ප.ව. 3.00 දක්වා විවෘත කිරීමට නියමිත ය. එම මධ්‍යස්ථානයක පරිගණක, ලැප්‍ටොප් පරිගණක සහ ටැබ් පරිගණක 10කින්වත් සමන්විත විය යුතු ය. එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධව සම්බන්ධීකරණය කලාප මට්ටමින් ද නියාමනය හා මඟ පෙන්වීම පළාත් මට්ටමින් ද සිදුකරමින් මෙය ක්‍රියාවට නැංවීමට කටයුතු කෙරෙන බව ද පැවසී ය.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ II/III ශ්‍රේණියේ නිලධාරින්ගේ ජේෂ්ඨතා ලේඛනය

    නිවේදනය ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ ශ්‍රේණි...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රාජ්‍ය සේවයේ නියතු උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයට අයඳුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

     – අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත &nbsp...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය – 2023

    උක්ත තරග විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්භන්ධයෙන් ඉටු කරන ලද රාජකාරී

    ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සම්...

Archives

  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP