logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්, අදාළ නිලධාරීන්ට, උපදෙස්
බ්‍රහස්පතින්දා, 13 ජනවාරි 2022 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන්, අදාළ නිලධාරීන්ට, උපදෙස්

අධ්‍යාපන විද්‍යා පීඨ 2022 ජනවාරි 15 වැනිදා ආරම්භ කරන ලෙස, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශයේ ඊයේ(2022.01.12) පැවති රැස්වීමකදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව ජනවාරි 15වනදා විද්‍යා පීඨ කටයුතු ආරම්භ වන අතර, 18 වනදා සිට අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට නියමිතය. එමෙන්ම දැනට පාසල්වල උසස් පෙළට තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන්ට, එම විෂයයේ ගුරු පුහුණුව සඳහා ඇතුළත් වීමට නව විද්‍යා පීඨයක් ආරම්භ කිරීම කඩිනම් කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දී තිබේ. දැනට දිවයින පුරා විද්‍යා පීඨ 19ක් ඇති අතර, තාක්ෂණ විෂයේ ගුරු පුහුණුව සඳහා නව විද්‍යා පීඨයක් ආරම්භ වීමත් සමඟ විද්‍යා පීඨ සංඛ්‍යාව 20ක් දක්වා ඉහළ යයි.
පසුගිය කාලයේ අධ්‍යාපන විද්‍යා පීඨ වසා දමා තිබුණේ කෝවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස මහජනතාව උදෙසා ඒවා ක්‍රියාත්මක කරවීම හේතුවෙනි.මේ වන විට විද්‍යා පීඨයන්හි සිසුන් 7784 දෙනකු පමණ ගුරු පුහුණුව ලබමින් සිටින අතර එයින් 4547 දෙනකු පමණ කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගැනීමේ සුදුසුකම් සම්පූර්ණ කරමින් සිටිති. එම පිරිස අදාළ ක්‍රියාවලියට අනුව කඩිනමින් ගුරුවරුන් ලෙස බඳවා ගන්නා ලෙසද අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. එමෙන්ම විද්‍යා පීඨ සඳහා අලුතින් බඳවා ගන්නා සිසුන් සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්වී ඇති අතර අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ  සිසුන් නියමිත පරිදි බඳවා ගැනීම කඩිනම් කරන ලෙසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ පැවැති රැස්වීමට අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, විද්‍යා පීඨ වැඩ බලන කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ප්‍රංශයේ යුනෙස්කෝ සංවිධාන මූලස්ථානයේදී සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ සමුඵව

    සියලු රටවල අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන...
  • 2022 ජූලි මස 04 දින සිට ජූලි මස 08 දින දක්වා, එම දින 2 ද ඇතුලත්ව දිවයිනේ සියලු ම පාසල් සඳහා නිවාඩු සතියක් ලෙස නම් කෙරේ

    අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරින්, පළාත් අධ්‍යාපන...
  • ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මාරු

    ශ්‍රී ලංකා ගුරු අධ‍යාපනඥ සේවයේ වාර්ෂික ස්ථාන මා...
  • ප්‍රාථමික ශිල්පීය නොවන හා ප්‍රාථමික අර්ධ ශිල්පීය සේවක ගණයන්හි නිලධරයන් සඳහා කඩඉම් පරීක්ෂණය 2021 ප්‍රතිඵල ලේඛනය

    බස්නාහිර පළාත දකුණු පළාත මධ්‍යම පළාත වයඹ පළාත ස...
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශුරයෝ තරගාවලිය 2022 ලියාපදිංචි වීමේ දින දීර්ඝ කිරීම

    ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ...

Archives

  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP