logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ඩිජිටල් වේදිකාවට මේ වනවිට යෝජනා 950කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. ඒ ‍යෝජනාවලින් කැපී පෙනෙන දෙයක් තමයි භාෂා ප්‍රවීණත්වයේ වැදගත්කම. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්
බ්‍රහස්පතින්දා, 22 අප්‍රේල් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ඩිජිටල් වේදිකාවට මේ වනවිට යෝජනා 950කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. ඒ ‍යෝජනාවලින් කැපී පෙනෙන දෙයක් තමයි භාෂා ප්‍රවීණත්වයේ වැදගත්කම. – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

මේ රටේ දූ දරුවන්ගේ නිර්මාණශීලී හැකියාව ලෝකයේ කිසිම රටක ශිෂ්‍යයන්ගේ හැකියාවට දෙවැනි වෙන්නේ නැහැ. අපේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාලවල සිටින එනම් ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ සංසන්දනයේ දී කිසි ම වෙනසක් නැහැ. ඒ දරුවන්ගේ උත්පාදක ශක්තිය ඒ තරම් ඉහළයි.මේ වැඩසටහනට භාෂා තුනෙන් ම නිර්මාණ ඉදිරිපත් කරපු දරුවන් හිටියා. අපේ අධ්‍යාපන ක්‍රමයේ අරමුණ විය යුත්තේ එම උත්පාදක ශක්තිය උද්දීපනය කොට ගැනීම යි. අපේ අධ්‍යාපනයේ අභිමථාර්ථය වියයුත්තේ ද එයයි. යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. ඒ මහතා මේ බැව් පැවසූයේ 2021/04/21වන දින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවති ‘රටක් වටින පොතක්’ වැඩසටහනට නිර්මාණ ඉදිරිපත් කළ දූ දරුවන්ට සංකේතාත්මක ව සහිතපත්‍ර බෙදාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ දරුවන්ට කුඩා කාලයේ සිට ම කියවීමට පුරුද්දක් ඇති කළ යුතු යි. පුස්තකාලවලට ගොස් පොත් පත් කියවලා දැනුම ලබා ගැනීමට කුතුහලයක් ඔවුන් තුළ ඇති කළ යුතු යි. දැනුම ලබාගැනීමට උනන්දුව සහ උද්යෝගය කුඩා කාලයේ ළමයින් තුළ ඇති කිරීමට කැප විය යුතු යි. අධ්‍යාපනය යනු ගවේෂණයක්. එයින් දරුවා තෘප්තියක් ලබා ගත යුතු යි. කියවීමෙන්, ලිවීමෙන් විශාල අත්දැකීම් සම්භාරයක් ලබාගැනීමට පුළුවන්. ඒ කටපාඩම් හෝ විභාග මූලික අධ්‍යාපනය තුළින් නෙමෙයි.

අපි මීට මාසයකට විතර කලින් පටන් ගත්තා අපේ රටට සුදුසු අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා රටේ සියලු ම දෙනාගෙන් අදහස් උදහස් ලබා ගැනීමේ ඩිජි‍ටල්‍ වේදිකාවක්. අපි ආරාධනා කළා ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, ආගමික නායකයන්ට, ඒවගේ ම ආදි ශිෂ්‍ය සංවිධානවලට මේ සඳහා අදහස් උදහස් ලබා දෙන්නට කියලා. ඒ අනුව මේ වනවිට යෝජනා 950කට අධික ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපේ දූ දරුවන්ට රැකියා ලබා දෙන සමාගම්වල අධ්‍යක්ෂවරුන්, සභාපතිවරුන් කැඳවලා ඒ යෝජනා ඒ අයට ඉදිරිපත් කිරීමට. ඒ ‍යෝජනාවලින් කැපී පෙනෙන දෙයක් තමයි භාෂා ප්‍රවීණත්වයේ වැදගත්කම. වෙළඳපොළේ හොඳ රැකී රක්ෂා ලබාගැනීමට නම් භාෂා හැකියාව දියුණු කරගැනීම අතිශයින් වැදගත් වෙනවා. ඇත්තට ම ප්‍රධාන ම දේ ප්‍රාග්ධනය නොවෙයි. පුහුණු ශ්‍රමය සහ ශ්‍රම බලකාය. එහෙම ශ්‍රම බලකායක් අපිට තියෙනවා නම් රටේ ආර්ථිකයට විශාල එකතු කිරීමක් අපිට පහසුවෙන් කරන්නට පුළුවන් කියලා තමයි පෞද්ගලික අංශයෙන් යෝජනා ඉදිරිපත් වෙන්නේ.

මව් භාෂාව ඉතා ම වැදගත්. මුල් අවධියේ දී අනිවාර්යයෙන් මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබා දීම කළ යුතු යි. නමුත් එතනින් නොනැවතී ජාත්‍යන්තර භාෂාවක් පිළිබඳ දැනුම ලබාදීම ඉතා ම වැදගත්. අද ලෝකයේ ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශය ලබා ගැනීමට ශක්තියක් හැකියාවක් තිබෙන තරුණ පරම්පරාවක් අපේ රටේ සිටිනවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පුස්තකාල හා ප්‍රලේඛනසේවා ආයතනයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 535
  • 536
  • 537
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • අතරමැදි ශ්‍රේණි සඳහා පවතින පුරප්පාඩු ප්‍රදර්ශනය කිරීම – 2023/05/15 දිනට සංශෝධිත

    බස්නාහිර පළාතදකුණු පළාතඌව පළාතසබරගමුව පළාතවයඹ ප...
  • පාසල් වාරය ආරම්භයට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් මේ සතිඅන්තයේ දී

    මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම...
  • ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරාගැනීම – 2023/2024

    28/2016 චක්‍රලේඛය උපදෙස් පත්‍රිකා ගුරු විද්‍යාල...
  • ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි

    – ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂ...
  • විනයගරුක දරුවකු බිහි කිරීම පෙර පාසලේ සිටම ඇරඹිය යුතුයි.

    – අමතර පන්තිවල සිටින්නේ දේශකයකු වුවත් පාස...

Archives

  • ජූනි 2023
  • මැයි 2023
  • අප්‍රේල් 2023
  • මාර්තු 2023
  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP