logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය
සිකුරාදා, 28 අගෝස්තු 2020 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්

අධ්‍යාපනයේ නිපුනතා සංවර්ධනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය

අධ්‍යාපන පද්ධතිය තුළ නිපුනතා සංවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් වූ සාකච්ඡාවක් පසුගිය දා (26) අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මැතිතුමන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සම්බන්ධීකාරිකා හැනා සිංගර් (Hanna Singer) මහත්මිය ප්‍රමුඛ එම සංවිධානයේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙරට වෘත්තීය පුහුණුව සඳහා ඇති අවස්ථා සම්බන්ධයෙන් පවත්නා ඉල්ලුමට ප්‍රතිචාර දැක්වීමේ හදිසි අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. වෘත්තීය පුහුණු ආයතනවලට පිවිසීමේ මාර්ග සහ හැකියාවන් ශක්තිමත් කිරීමටත්, විවිධාංගීකරණය වූ කර්මාන්ත පදනමක් ඇතිකිරීමටත් අමාත්‍යාංශය දැඩි සැලසුම්කරණයක යෙදී සිටින බව ද පැවසූ අමාත්‍යවරයා,  ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතනය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය සහ කාර්මික හා අධ්‍යාපන පුහුණු දෙපාර්තමේන්තුව එවැනි ආයතන සඳහා නිදසුන් ලෙස පෙන්වා දුන්නේ ය.

දැනට සෑම පළාතක් ම නියෝජනය කරමින් ක්‍රියාත්මක ව පවත්නා තාක්‍ෂණ විද්‍යාල  තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බව ද,  යුනිවොටෙක් (UNIVOTEC)  ඒ අතර ප්‍රමුඛ වන බව ද අමාත්‍යවරයා පැවසීය. සාමාන්‍ය, උසස්, තෘතීයික, තාක්‍ෂණික හා වෘත්තීය අධ්‍යාපන ක්‍රම අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම ප්‍රධාන අභියෝගය බවත්, මෙම අංශයන්හි පුහුණුකරුවන් පුහුණු කිරීම සහ කුසලතා සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය පළ කිරීමට සූදානම් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ පෝෂණය සහ ඒ ආශ්‍රිත කරුණු සඳහා යුනිසෙෆ් ආයතනයට ලබාදිය හැකි දායකත්වය සම්බන්ධයෙන් ද මෙහිදී විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. ඉදිරි මාස තුන ඇතුළත ඒ සඳහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් ආරම්භ කිරීමේ අරමුණින් අමාත්‍යාංශ නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයන් අතර සාකච්ඡා අඛණ්ඩ ව පවත්වාගෙන යාමට ද මෙහි දී තීරණය විය.

උසස් අධ්‍යාපනය සඳහා අ.පො.ස උසස් පෙළ සාමාර්ථ වී වරම් ලැබුව ද රාජ්‍ය විශ්වවිද්‍යාලවලට තවමත් ඇතුළු වන්නේ 30,000කට ආසන්න පිරිසක් වීම, පවතින පාඨමාලා සහ රැකියා වෙළඳ පොළ අතර සම්බන්ධයක් නොමැති වීම,සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, තෘතීය අධ්‍යාපනය මෙන් ම වෘත්තීය අධ්‍යාපනය යන ක්ෂේත්‍ර අතර සම්බන්ධතා පුළුල් කිරීම, විශ්වවිද්‍යාල පාඨමාලා නවීකරණය නොවීම, පුහුණු කරවන්නන් පුහුණු කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති වීම ආදී ගැටළු සම්බන්ධයෙන් ද මෙහි දී අමාත්‍යවරයාගේ අවධානය යොමු කෙරිණි.

මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, අතිරේක ලේකම් (සංවර්ධන ) තිලක් හෙට්ටිආරච්චි, අධ්‍යක්ෂ (සැලසුම්) ජී.එම්.ආර්.ඩී අපොන්සු මහතා ඇතුළු පිරිසක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) , එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ (UNDP) ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO), එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF)  යන ජාත්‍යන්තර ආයතනයන්හි ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධිකාරිකා වන Hanaa Singer, (UN Resident Coordinator), Takaho Fukami (UNICEF-Chief of education), Simrin Singh (Country Director-ILO), ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය – 2022

    දැනුවත් කිරීමේ පොස්ටරය උපදෙස් සංග්‍රහය ජාතික මට...
  • All – Island Schools Western Music & Dance Competition 2022 – Senior Choirs: Set Songs Girls

    Climb Every Mountain – Music by Richard R...
  • ගුරුවරයා දරුවන්ගේ මනසට පමණක් නොව හදවතට ඇමතිය යුතුයි.

    ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරින් (විද්‍යාපීඨ...
  • අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ ගුරු සිසු පරපුරක් උදෙසා අධ්‍යාපනයේ දිශානතිය යොමු කෙරෙන බව අධ්‍යාපන ඇමති පවසයි…

    අනාගත වැඩලෝකය හා බද්ධ තාක්ෂණික දැනුමින් සන්නද්ධ...
  • 2017/2019 අධ්‍යයන වර්ෂයේ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්ට ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-I (ආ) ශ්‍රේණියට බඳවා ගැනීම.

    ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් සඳහා නිවේදනය ව...

Archives

  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP