logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අද දින ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් පාසල් රට පුරා විවෘත වුණා. දරුවන් පාසලට එවූ දෙමාපියන්ටත් එම දරුවන් වෙනුවෙන් පාසල්වලට පැමිණි විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්තූතිය – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
බ්‍රහස්පතින්දා, 21 ඔක්තෝබර් 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අද දින ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් පාසල් රට පුරා විවෘත වුණා. දරුවන් පාසලට එවූ දෙමාපියන්ටත් එම දරුවන් වෙනුවෙන් පාසල්වලට පැමිණි විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්තූතිය – අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අමාත්‍යවරයා මේ බව පැවසූයේ රට පුරා පාසල් විවෘත වූ අද දින මහරගම බෞද්ධ විද්‍යාලය, ඇතුළු පාසල් කිහිපයක අධ්‍යයන කටයුතු සහ සහභාගිත්වය පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට අනතුරුව අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද දින ඉතා විශාල ලෙස ගුරු සිසු සහභාගිත්වයකින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රට පුරා පාසල් විවෘත වුණා. දෙමාපියන් ඉතා ම උනන්දුවෙන් තමන්ගේ දරුවන් පාසලට රැගෙන විත් තිබෙනවා. ක්‍රමානුකූලව දුවා දරුවන් වෙනුවෙන් පාසල් සියල්ල ආරම්භ කිරීමට අප කටයුතු කරගෙන යනවා. මේ රටේ ලක්ෂ ගණනක් වන පාසල් දුවා දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ කාර්යය මේ ආකාරයෙන් සාර්ථක ව ආරම්භ වීම සතුටු දායක යි.
දීර්ඝ කාලයක් කොවිඩ් වසංගතය හේතුවෙන් පාසල්වල පන්ති පැවැත්වීමට නො හැකිවුණු කාලය අද දිනයෙන් අවසන් වුණා. දහස් ගණන් සිසු දරුවන් තම දෙමාපියන් සමඟ රට පුරා උතුරුකරයේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිරටත් සෑම පළාතක ම පාසලට පැමිණ පන්තිවලට සහභාගීවීමට කටයුතු කිරීම පිළිබඳ අධ්‍යාපන අමත්‍යංශයේ ස්තූතිය සහ කෘතවේදිත්වය ප්‍රකාශ කරනවා.
එමෙන් ම විදුහල්පතිවරු, ගුරුවරු තම පාසල්වෙත පැමිණ මේ කාර්යය ඉටු කිරීමේ වගකීම සිසු දරුවන්ගේ නිදහස් අධ්‍යාපනයේ බලාපොරොත්තු සාක්ෂාත් කර ගැනීම සඳහා රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් ලබා දුන් උතුම් දායකත්වය ට නැවත නැවතත් ස්තූතිවන්ත වෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයටත්, පළාත් ආණ්ඩුකාරවරු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු, රජයේ දෙපාර්තමේන්තු, දෙමාපියන් ඉටුකළ කාර්යයට  ස්තූතිවන්ත වන අතර සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව අපේ රටේ දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි ලෙස අනාගතය ශක්තිමත් කරමින් වැඩි දියුණු කරමින් ඉදිරියට ගෙනයාමට අධ්‍යාපන අමාත්‍යංශය කැපවී සිටින බව සඳහන් කරන්නට කැමතියි.
ඇතැමුන් ගෙනයන වැරැදි ප්‍රචාර දුරු කරන්නට සහයෝගය ලබා දෙන්න.  නැවතත් අද දින තම දූ දරුවන් පාසලට එවූ දෙමාපියන්ටත් එම දරුවන් වෙනුවෙන් පාසල්වලට පැමිණි විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ටත් අපි ස්තූතිවන්ත වෙනවා.”

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP