logo
MOE
  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
  • විමසීම්

MOE

  • අමාත්‍යාංශය
  • ශිෂ්‍ය
  • ශාස්ත්‍රීය
A A A
Search
Generic filters
Exact matches only
  • LANGUAGES  
  • ENGLISH
  • සිංහල
  • தமிழ்
Search
Generic filters
Exact matches only
  • Home
  • News
  • පුවත්
  • අමාත්‍යාංශ පුවත්
  • අදියර දෙකක් යටතේ සම්පූර්ණ ජාතික පාසල් 796ක් අලුතින් ආරම්භ කිරීම මේ මාසයේ – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්
සිකුරාදා, 19 පෙබරවාරි 2021 / Published in අමාත්‍යාංශ පුවත්, පුවත්, ශාස්ත්‍රීය පුවත්, ශිෂ්‍ය පුවත්

අදියර දෙකක් යටතේ සම්පූර්ණ ජාතික පාසල් 796ක් අලුතින් ආරම්භ කිරීම මේ මාසයේ – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්

ජාතික පාසල් වැඩපිළිවෙළ මේ මාසයේ දී ආරම්භ කරන බව ත් පළමු අදියරේ පාසල් 123ක් සහ දෙවන අදියර යටතේ පාසල් 673ක් ජාතික පාසල් මට්ටමට උසස් කොට ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට කටයුතු කරන බැව් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසී ය. එසේ ම පළමුවන අදියර සඳහා රුපියල් මිලියන 950ක් සහ දෙවන අදියර සඳහා රුපියල් මිලියන 1000ක් ද මේ වනවිට ලැබී ඇති අතර පළමු අදියරේ දී මිලියන 500ක් පුනරුත්ථාපනයට සහ ඉතිරි මිලියන 450 උපකරණ සඳහා වැය කිරීමට අපේක්ෂිත බව ද පැවසී ය. අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ 2021/02/19වන දින ගාල්ලේ දී පැවති ‘ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීමේ ජාතික වැඩසටහනෙහි’, සාමාජීය යටිතල පහසුකම් සංවර්ධන කමිටුවේ දී  අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

අපේ පාසල් පද්ධතිය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගත කිරීමකට නොඑසේ නම් මූලික ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු යි. අපි දන්නවා ළමයි 50ක් පමණ සිටින පාසල් තිබෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය ගුරුවරුන්, අනෙකුත් පහසුකම් සහ මුදල් වෙන් කළ යුතු යි. එයින් විශාල ප්‍රයෝජනයක් ලැබෙන්නෙ නැහැ. එවැනි දේවල් කඩිනම් වැඩපිළිවෙළකින් නිවැරදි කරගත යුතුයි. ඊට ඉලක්ක ගත වැඩපිළිවෙලක් අවශ්‍යයි.

ලබන සතියේ කැබිනට් මණ්ඩලය රැස්වූවාට පසුව ජාතික පාසල් සම්බන්ධව කතා කිරීමට අපේක්ෂා කරනවා. එහි පළමු අදියර ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අපට මේ වනවිට නිර්දේශ ලැබී තිබෙනවා. අවම ළමයි 750ක් සිටිය යුතු වීම, උසස් පෙළ පන්ති පවත්වාගෙන යාම, අවශ්‍ය පහසුකම් සංවර්ධනයට ඉඩකඩ පවතින භූමියක් තිබීම, අවට සහ ‍පෝෂිත පාසල්වලින් දරුවන්ට පැමිණීමට හැකි තත්ත්වයක් පැවතිය යුතුවීම, ආදී නිර්‍දේශ සැලකිල්ලට ගනිමින් පාසල් තෝරන කටයුත්ත සම්බන්ධව සියලු ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ට ලිපියක් යොමුකරලා තිබෙන්නේ. තවම ඒවාට පිළිතුරු ලැබී නැහැ. පිළිතුරු ලැබුණු පසු ඉක්මනින් එය ක්‍රියාවට නංවන්නට අපට පුළුවන්.

ගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනුණා ‘ළඟ ම පාසල හොඳ ම පාසල වැඩසටහන’ පිළිබඳව. එය සංශෝධන සහිත ව ඉක්මනින් ක්‍රියාත්මක කිරීම ත් අපේ අරමුණක්. මම පසුගිය සතියෙත් පාසල්වලට ගියා ම දැක්කා අවුරුදු 125කට වැඩි ඉතිහාසයක් තිබෙන පාසල්වල අබලන් ගොඩනැඟිලි. ඒවා ප්‍රතිසංස්කරණය කරන්නට ඉහත වැඩසටහන යටතේ ම මුදල් ලබා දෙන්නට පුළුවන්. ඒ නිසා ඉතා ඉක්මනින් එය කැබිනට් මණ්ඩල අනුමැතිය අරගෙන ක්‍රියාත්මක කිරීමට අපි බලාගෙන ඉන්නවා. යනුවෙන් ද පැවසී ය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍යවරුන් වන නාමල් රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ, ලසන්ත අලගියවන්න, මොහාන් පී. ද සිල්වා, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපති සම්පත් අතුකෝරළ මහතා ඇතුළු පිරිසක් ද එක් වූහ.

Search

Search
Generic filters
Exact matches only

Notices & News Categories

  • 524
  • 525
  • 526
  • 528
  • 536
  • 582
  • 583
  • 589
  • 643
  • 690
  • 691
  • 695
  • 697
  • School Census 2021 – Census Materials
  • Uncategorized @si
    • කළමණාකරණ හා ප්‍රමිති ශාඛාව
  • අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය
  • ගණිත ශාඛාව
  • තරඟ
  • පර්යේෂණ හා සංවර්ධන
  • ප්‍රසම්පාදන දැන්වීම්
  • පුවත්
    • අමාත්‍යාංශ පුවත්
    • ශාස්ත්‍රීය පුවත්
    • ශිෂ්‍ය පුවත්
  • මානව සම්පත් සංවර්ධන
  • වාණිජ හා ව්‍යාපාර
  • විද්‍යා ශාඛාව
  • විශේෂ දැන්වීම්
    • අමාත්‍යාංශයේ විශේෂ දැන්වීම්
    • ශාස්ත්‍රීය විශේෂ දැන්වීම්
    • සිසුන්ගේ විශේෂ දැන්වීම්
  • සෞන්දර්ය අධ්‍යාපනය
  • සෞන්දර්යය අධ්‍යාපනය

Recent Notices & News

  • පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් හා අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත අතර හමුවක්

    දිවයිනට පැමිණ සිටින පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම...
  • උපකාරක පන්ති ගොස් ගුරු විභාගයට පෙනී සිටීමට සූදානම් වෙන්න එපා’

    -උපාධිධාරී ගුරු අපේක්ෂකයන්ටඅධ්‍යාපන ඇමති සුසිල්...
  • දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරග විභාගය 2023

    උක්ත තරඟ විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය ...
  • රා.ප.ව.14/2022, 14/2022(I) හා 14/2022(II) දේශීය/විදේශීය වශයෙන් වැටුප් රහිත නිවාඩු අයදුම් කිරීමට පූර්ව අනුමැතිය ලබා ගැනීම

    ආවරණ ලිපිය අයදුම් පත්‍රය...
  • පාසල් නිල ඇදුම් නියමිත කාලයේ දී විධිමත් ව පාසල් සිසුන්ට

    ● සතිමත්භාවය වර්ධනය කිරීමේ වැඩසටහන් පාසල්වල සාර...

Archives

  • පෙබරවාරි 2023
  • ජනවාරි 2023
  • දෙසැම්බර් 2022
  • නොවැම්බර් 2022
  • ඔක්තෝබර් 2022
  • සැප්තැම්බර් 2022
  • අගෝස්තු 2022
  • ජූලි 2022
  • ජූනි 2022
  • මැයි 2022
  • අප්‍රේල් 2022
  • මාර්තු 2022
  • පෙබරවාරි 2022
  • ජනවාරි 2022
  • දෙසැම්බර් 2021
  • නොවැම්බර් 2021
  • ඔක්තෝබර් 2021
  • සැප්තැම්බර් 2021
  • අගෝස්තු 2021
  • ජූලි 2021
  • ජූනි 2021
  • මැයි 2021
  • අප්‍රේල් 2021
  • මාර්තු 2021
  • පෙබරවාරි 2021
  • ජනවාරි 2021
  • දෙසැම්බර් 2020
  • නොවැම්බර් 2020
  • ඔක්තෝබර් 2020
  • සැප්තැම්බර් 2020
  • අගෝස්තු 2020
  • ජූලි 2020
  • ජූනි 2020
  • මැයි 2020
  • මාර්තු 2020

අධ්‍යාපන අමාත්‍යාංශය
ඉසුරුපාය,
බත්තරමුල්ල
10120 ශ්‍රී ලංකා

  • +94 112 785141 - 50
  • info@moe.gov.lk
Government-information-center-ministry-of-education-sri-lanka-masenger-logo

අමතන්න 1929

ජාතික ළමා
සේවාව

අමතන්න 1988

ජාතික
මෙහෙයුම

විද්‍යුත් තැපෑල

ඇතුල්
වන්න

  • අප ගැන
  • නිතර අසන පැන
  • විමසීම්
  • අඩවි සිතියම

Copyright © 2020 Ministry of Education. All Rights Reserved. Design & Developed by SLIIT 

TOP