ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා හෝ පූජක පක්ෂයේ පූජකතුමන්ලා හෝ කන්‍යා සොයුරියන් කිසිවෙක් සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථානගත නොකරන බවත්ඔවුන් සියලු දෙනා ගුරුවරුන් ලෙස අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරගන්නා බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

උපාධිධාරී අභ්‍යාස යෝජනා ක්‍රමය වරින් වර විවිධ රජයන් විසින් අඩු වැඩි වශයෙන් ක්‍රියාවට නංවන ලද්දක් වන අතරඑහිදී භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂය විවිධ රාජ්‍ය ආයතන වල සංවර්ධන නිලධාරීන් ලෙස පත් කිරීම තුළ බරපතළ ගැටලුවක් මතුවී තිබුණි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහනායක හිමිවරුන් සහ අගරදගුරුතුමන්ලා විසින් ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් දැනුවත් කිරීමෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම වර්ෂයේ ආරම්භයේදී ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරන ලදී. ඒ අනුව ඉදිරියේදී භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්ෂය කිසිම පූජකවරයෙකු හෝ කන්‍යා සොයුරියක් කිසිම රාජ්‍ය ආයතනයක සංවර්ධන නිලධාරී තනතුරෙහි ස්ථානගත නොකිරීමට තීරණය කොට ඇත. මෙහි ප්‍රථම පියවර සලකුණු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරී සේවයෙහි යෙදී සිටි භික්ෂූන් වහන්සේලා විසි තුන් දෙනෙකුට අද (27) අධ්‍යාපන අමාත්‍යතුමන් ගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන  අමාත්‍යාංශ පරිශ්‍රයේදී ගුරු පත්වීම් ප්‍රදානය කරනු ලැබිණි.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා, “මෙය පාසල් පද්ධතිය හා රටේ අධ්‍යාපනය අභියෝගයකට ලක් වූ අවස්ථාවක්. රට වෙනස් කරන්න අවශ්‍ය වන්නේ ප්‍රතිපත්තිමය වෙනසක් විතරක් නෙමෙයි. දරුවන් තාවකාලිකව නිවාස අඩස්සියේ සිටින මොහොතකවිභාග ගැන අධ්‍යාපනය ගැන තාවකාලිකව අපේක්ෂාභංගත්වයට පත්වෙලා ඉන්න වෙලාවක ඔබ වහන්සේලාට,  පූජක තුමන්ලාටකන්‍යා සොයුරියන්ටමේ සඳහා මැදිහත් වන්න කියලා මම ආරාධනා කරනවා… යැයිද පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය උපාලි සේදර සහ හේමන්ත ප්‍රේමතිලක,  අනුෂා ගෝකුලආර්. එම්.  රත්නායක යන අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් රජයේ පාසල්හි සේවය කරනු ලබන ගුරුභවතුන් තමා වඩාත් කැමති ස්ථාන සහ ඉගැන්වීමට වඩාත් සුදුසු විෂයයන් පිළිබඳ සොයා බැලිම සඳහා වන සමීක්ෂණය 2020.06.07 දින දක්වා දිර්ඝ කර ඇත.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන https://moe.gov.lk හි “Teacher Survey Form” ගුරු සමීක්ෂණය වශයෙන් සඳහන්ව ඇති දිගුවෙන් හෝ  https://nemis.moe.gov.lk මඟින් ප්‍රවේශ විය හැක.  එමඟින් ලබා දී ඇති උපදෙස් අනුව 2020.06.07 දිනට පෙර ප්‍රශ්නාවලිය සම්පුර්ණ කළ යුතුය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් දින දීර්ඝ කිරීමක් සිදු නොවේ.

 


මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන දින ඇතුළත් කාලසටහනක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා තුළ හුවමාරු වන අතර, එහි කිසිදු සත්‍යතාවක් නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කරයි.

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන නිල නිවේදන පිළිබඳව විශ්වාසය තබා වගකීමෙන් කටයුතු කරන ලෙස පාසල් ප්‍රජාව ප්‍රමුඛ සියලු දෙනා වෙත විභාග කොමසාරිස්වරයා අවධාරණය කරයි.

රට තුළ මතුව ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ රටේ සමස්ත අධ්‍යාපනය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ ඉතා දූරදර්ශීව බවත්, ඇතැම් පාර්ශව විසින් සමාජය නොමඟ යවනසුළු මෙබඳු පුවත් පළ කිරීම ඉතා කනගාටුදායක බවත් පෙන්වා දෙන විභාග කොමසාරිස්වරයා, තැපැල් හා විදුලි සංදේශන කොමිසන් සභාව වෙත අදාළ සාවද්‍ය ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

 

- The assistance of several organizations including UNICEF and Australian government to the government..

A learning package for grade 1 and 2 students that can be studied at home even without television or internet facilities has been introduced by the government of Australia, Unicef Sri Lanka, Save the Children, Room to Read and Child Fund Sri Lanka in collaboration with the Ministry of Education and the National Institute of Education

These learning materials have been prepared targeting the nearly sixty five hundred thousand students in grades 1 and 2 of primary education stage out of the total students population in Sri Lanka and by now these learning materials have been dispatched to provincial education departments.   

This learning package helps to the students in grades 1 and 2 to do the activities related to the subjects of Mother tongue, Mathematics and Environment in Sinhala and Tamil Media. The Ministry of education emphasizes that it is important and essential that the parents should direct and assist their children who are confined to their homes to use these learning materials.   

Steps have been taken to prepare these learning materials and provide them to the students in primary grades as a one step of the financial aid of 1.5 million Australian Dollars announced by the Australian government recently in order to propide opportunities for the children in this country to face the challenge of COVID 19 pandemic situation and to work positively.  

The meeting for accepting officially these printed learning materials which are scheduled to be distributed among the children to make the necessity of improving the educational activities of the students in Sri Lanka a reality, was held at the Ministry of Education yesterday (26) with the leadership of The Minister of Education, Sports and Youth Affairs. The minister stated at this occasion that the Ministry of Education has already implemented several measures including the television programs such as e-thaksalawa, Ratak Watina Pothak and Gurugedara Educational TV channel for the purpose of maintaining actively and continuously the education of school children who are confined to their homes in the wake of present challenging situation in the country.   

Several male and female personnel including Resident Coordinator of United Nations Hanaa Singer, Representative of the UNICEF Sri Lanka Institute Tim Sutton, Education Head of UNICEF Sri Lanka Takaho Fukami, Sri Lanka Director of Room to Read Institute Ms. Shewanthi Jayasooriya and National Director of Save the Children Institution Julian Chellappa participated in this occasion. And also several officers including the the Secretary of Education Mr.N.H.M. Chithrananda, Advisor to the Ministry Dr. Upali Sedara, Secretary of the State Ministry Mr. Ranjith Chandrasekara, and the Director General of the National Institute of Education Dr. Sunil Jayantha Nawarathna participated. 

 

 

 

 

 

 

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාසල් වසා දැමීම නිසා, පාසල් අපේක්ෂකයින් ලෙස උසස් පෙළ විභාගයට පෙනී සිටවිශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබූ සිසුන්ගේ ප්‍රවේශ අයදුම්පත් සහතික කරවා දීම සඳහා පසුගිය සතියේ ලබා දී තිබූ අවස්ථාව නැවතත් එළඹෙන මැයි 27 බදාදා,  28 බ්‍රහස්පතින්දා, මැයි 29  සිකුරාදා යන තෙදින තුළ ද ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් ප්‍රධානීන් වෙත දන්වා ඇත.

මතුව ඇති අවදානම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්සෞඛ්‍ය බලධාරීන් විසින් නිර්දේශ කර ඇති සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් අදාළ එක් එක් පාසල්වල විදුහල්පතිවරයා හෝ නියෝජ්‍ය විදුහල්පතිවරයා විසින් තම පාසලෙන් උසස් පෙළ සමත්වවිශ්වවිද්‍යාල ප්‍රවේශය ලද සිසුන්ගේ අයදුම්පත් සහතික කරවා දීම සිදුකළ යුතු බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.