ministry-of-education-sri-lanka-guru-gedara-education-television-program-min

ගුරුගෙදර අධ්‍යාපනික නාලිකාව

covid 19 වසංගත තත්වය නිසා සිසුන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වීම වැලක්වීමට මෙම නාලිකාව ආරම්භ කරන ලදී. ඒ අනුව සිසු දරුවන් වෙනුවෙන් 2020.04.20 දින සිට ආරම්භ කරන ලද ගුරුගෙදර අධ්‍යාපනික රූපවාහිනි නාලිකාව සාර්ථකව විකාශය කෙරෙමින් පවතී.

මෙම නාලිකාව ඔස්සේ අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන, තාක්ෂණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශයන්හි අන්තර්ගත විකාශය වේ. එහි අන්තර්ගතයන් ජාතික අධ්‍යාපන ආයතනය මගින් නිර්මාණය කරන අතර අ. පො. ස. (උසස් පෙළ), අ. පො. ස. (සා. පෙළ) සහ ශිෂ්‍යත්ව විභාගය සඳහා වීඩියෝ (video) පාඩම් විකාශය කෙරේ. මෙම නාලිකාව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරේ.

TOP