Latest News

tt devi

මාරුවීම් වලට එරෙහිව දරුවන් උසිගන්වන ගුරුවරුන්ට එරෙහිව දැඩි පියවර - අධ්‍යාපන අමාත්‍යවරයා පවසයි.

ඇතැමෙකුට නොරිස්සන නමුත් පොදු සුබ සිද්ධිය වෙනුවෙන් නිවැරදි තීන්දු තීරණ ගැනීම තම වගකීම සේ සලකන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. සියලු දෙනා සනසමින් අයිස්ක්‍රීම් ලබාදෙන්නා සේ කටයුතු කිරීමේ හැකියාවක් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනයේ නොමැති බව අවධාරණය කල අමාත්‍යවරයා අධ්‍යාපන පද්ධතියේ උන්නතිය වෙනුවෙන් නොබියව තීන්දු තීරණ ගැනීමට කැපවන බව අවධාරණය කළේය.

ඒ කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ පැවති ආසියානු ළමා චිත්‍ර තරඟයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට සහතිකපත් ලබාදීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

Read more ...

1

ශ්‍රී ලංකා රජය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගෙන යන වැඩසටහන් පිළිබඳ ෆින්ලන්ත රජයේ ප්‍රසාදය

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක නව අධ්‍යාපන වැඩසටහන් ෆින්ලන්ත රජයේ ප්‍රසාදයට ලක්ව තිබෙනවා. ඒ අතරින් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හරහා පාසල් සිසුන් වෙත ලබාදීමට අපේක්ෂිත වෘත්තීමය අධ්‍යාපනය ෆින්ලන්ත රජයේ විශේෂ ප්‍රසාදයට ලක්ව ඇති බව සඳහන්. පසුගිය දා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු දූත පිරිසක් ෆින්ලන්තයේ නිල සංචාරයකට එක් වූ අතර එහිදී මේ අදහස් පළ කෙරුණි.

මීට අමතරව මෙරට ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රමවේදය තුළ පාසල කේන්ද්‍ර කරගනිමින් දරුවන් වෙත ලබාදෙන වෘත්තීය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා ෆින්ලන්ත රජයේ සහයෝගය ලබාදෙන බවට ද එරට අග්‍රාමාත්‍ය Juha Sipila මහතා සහ අධ්‍යාපන අමාත්‍ය Sanni Grahn-Lassonen මහත්මිය එකඟතාව පළ කර තිබේ.

Read more ...

ne

‘අධ්‍යාපන ක්ෂේත්‍රයේ තීන්දු තීරණ ගැනීමේ දී අධ්‍යාපනඥයින්ගේ මෙන් ම සමාජ විද්‍යාඥයින්ගේ දායකත්වය ද ලබාගැනීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න’ - අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් නිලධාරීන්ට උපදෙස්

අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන හරහා රටේ අධ්‍යාපන පද්ධතිය සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ පිළිබඳ පාසල් ප්‍රජාව ඇතුළු මහජනතාවගේ අදහස් ලබාගැනීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් ඇතිකිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
ඒ, පසුගිය දා අමාත්‍යවරයා සහ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් අතර පැවති මාණ්ඩලික රැස්වීමට එක්වෙමිනි.
විශේෂයෙන් ම පාසල් දරුවන් ඉලක්ක කරගනිමින් දියත් කරන වැඩසටහන්, නව ක්‍රියාමාර්ග, හඳුන්වාදීම් ආදියේ දී ඒ පිළිබඳ පූර්ව සහ පසු ඇගයුම් සිදුකිරීමේ ක්‍රියාවලිය සඳහා අධ්‍යාපනඥයින්ගේ මෙන් ම සමාජ විද්‍යාඥයින්ගේ ද දායකත්වය ලබාගැනීමටත්, දැනට අධ්‍යාපන පද්ධතිය තුළ ක්‍රියාත්මක වැඩසටහන්වල සමාජ බලපෑම් තක්සේරු කිරීමටත් ඒ සම්බන්ධයෙන් මතුවන ගැටළු, අඩුපාඩු, සහ දුර්වලතා මෙන් ම ජනතා ප්‍රසාදයට අදාළ කරුණු ද හඳුනාගනිමින් ගැටළු මතුවන අවස්ථා වෙතොත් ඒ සඳහා වඩාත් ප්‍රශස්ත හා නිවැරදි විසඳුම් ලබාදීමේ හැකියාව ලැබෙන පරිදි ශක්තිමත් තොරතුරු රැස්කිරීමේ යාන්ත්‍රණයක අවශ්‍යතාව ද අමාත්‍යවරයා විසින් මෙහි දී පෙන්වා දෙනු ලැබීය.

Read more ...

nic2

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය භාවිතා කිරිම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අවබෝධතා ගිවිසුමකට එළඹේ

 පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ පවතින ජාතික හැදුනුම් පත් අංක සඳහන් දත්ත පද්ධතිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුවරුන් සඳහා නිර්මාණය කර ඇති ජාතික අධ්‍යාපන කළමනාකරණ තොරතුරු පද්ධතියෙහි පවතින හැදුනුම්පත් අංකයන්හි නිරවද්‍යතාවය පරික්ෂා කර, අමාත්‍යාංශය දත්ත පද්ධතිය තුල පවතින දෝෂ සහිත හැදුනුම්පත් අංක ඉවත් කිරිමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කිරිමේ යන අරමුණින් මෙම අවබෝධතා ගිවිසුම 2017.10.03 දින අත්සන් කරන ලදි. 

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා සහ පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පී.වි. ගුණතිලක මහතා විසින් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදි. මෙම අවස්ථාව සඳහා රාජ්‍ය ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා, අතිරේක ලේකම් (සැලසුම්) එස්.යු. විජේරත්න මහතා, අධ්‍යාපන අධ්‍යක්ෂ (දත්ත කළමනාකරණ) ජි.එම්. නීල් ගුණදාස මහතා හා හර්ෂ ඉලුක්පිටිය මහතා, කොමසාරිස් (මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණ) සහභාගි වන ලදි.

nic nic3

cr1

පාසල් ක්‍රිකට් ගොඩනැඟීමේ කටයුත්තට මහේල, සිදත්, රොජර් සමඟින් මුරලි සහ මහානාම ද එක්වෙයි. ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සමන්විත කමිටු වාර්තාව අමාත්‍යවරයාට පිළිගන්වයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා පාසල් මට්ටමින් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කිරීම සදහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය දා (6) අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැත්විණි.

ඒ වෙනුවෙන් මීට පෙර සාකච්ඡා වට දෙකක් පැවති අතර මූලික වශයෙන් ගැටලු හඳුනාගැනීම සහ ගැටළු විසඳාගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පසුගිය සාකච්ඡාවල අරමුණ විණි. පසුගිය මස දොළොස්වෙනි දා පැවති එහි දෙවන සාකච්ඡා වටයේ දී ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සමන්විත ස්වාධීන කමිටුවක් පත් කිරීමද මෙහිදී සිදුවිය. ඒ ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය දිගුකාලීන සහ කෙටිකාලීන ඉලක්කයන්ගෙන් සමන්විත වැඩසටහනක් සකස් කිරීමේ අරමුණිනි.

Read more ...

teach

ගුරුවරුන්ගේ වටිනාකම දිනකට පමණක් නොව දිවිය පුරා මතකයේ තබාගනිමින් ජීවත්වීම,අප සාර්ථකත්වය කරා ගෙන යනු ඇත.

මානවයා සමාජගත වූ දා පටන් පැවත එන ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය ශික්ෂාකාමී විනයගරුක මෙන්ම දැනුම,තාක්ෂණය පිරිපුන් ලෝකයක් තනන්නට ඉවහල් වූ බව අවිවාදිතය.එවන් වටිනා කාර්යය භාරයක් ඉටු කිරීමේදී ගුරුවරයෙකුගේ භූමිකාවට හිමිවන ස්ථානය පූජනීය වූවකි. සිසුවෙකු ගුණ නැණ බෙලෙන් ඔපවත් කොට යහපත් පෞරුෂත්වයකින් සමාජානුයෝජනය කිරීමේ භාරධුර රාජකාරිය සිය දෙවුර මත රඳවා ගත් ගුරු මෑණිවරුන්ගේ සහ පියවරුන්ගේ මෙහෙවර,වටිනාකම,එක් දිනකට එක් සැමරුමකට සීමා කළ හැක්කක් ද නොවේ. ලෝකය මේ දක්වා දුරක් පැමිණියේත්,දියුණුවෙන් දියුණුවට පත් වූයේත් ගුරුවරුන්ගේ කැපවීමෙනි.තමන්ට වඩා ඉහල ආර්ථික හෝ සමාජ මට්ටමකට තම සිසු දරුවන් ගමන් කරනු බලා සිට ඔවුන් ලබන අව්‍යාජ, සංවේදී සතුට මේලොව වෙනත් කිසිදු වෘත්තිකයෙකුට විඳිය හැක්කක්ද නොවේ. එවන් අභිමානනීය වෘත්තීකයන් පිරිසක් වෙනුවෙන් පෙනී සිටින්නටත්,

Read more ...

eng

ලබන වසරේ සිට පළමු සහ දෙවැනි ශ්‍රේණියටත් ඉංග්‍රිසි පෙළපොත් 2ක්

නූතන ගෝලීය සමාජය ජයගත හැකි සිසු පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත පාසල් තුළ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ කටයුතු තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් දියත් කර තිබේ.
ඒ අනුව, පළමු ශ්‍රේණියට සහ දෙවැනි ශ්‍රේණියට ඉගැන්වීම සඳහා ඉංග්‍රීසි පෙළපොත් 2ක් ලබන වසරේ සිට හඳුන්වාදීමට නියමිත අතර, ජාතික අධ්‍යාපන ආයතනය හරහා පෙළපොත් සම්පාදනය මේ වනවිට සිදුකර තිබේ.
මේ වනවිට 03 ශ්‍රේණියේ සිට ඉහළට ඉංග්‍රීසි භාෂාවට අදාළ පෙළ පොත් ලබාදෙන අතර, ප්‍රාථමික අංශයේ 1 සහ 2 ශ්‍රේණිවල සිට ම විධිමත් ඉංග්‍රීසි අධ්‍යාපනයක් සියලු ම සිසුන් වෙත ලබාදීම මෙම නව පෙළපොත් ලබාදීමේ අරමුණයි.

Read more ...

bbw

Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද උදෑසන ආරම්භ කෙරුනේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි. ඒ කොළඹ ප්‍රදර්ශනය හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දීය. විදේශීය ආනයනික පොත් රැසක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානය ක දී අලෙවි කෙරෙන මෙම ප්‍රදර්ශනයට විවිධ තේමාවන්ගෙන් යුත් මිලියන 1.5 කට අධික පොත් එක්කර තිබේ. අද සිට දින 11 ක් පුරා දවසේ පැය විසිහතර පුරාම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතය.
සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් පලකල අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ් කාරියවසම් මහතා ජාත්‍යන්තරයේ අත්දැකීම් පොත්පත් හරහා මෙරට සමාජයට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට සිය ස්තූතිය පලකරන ලදී.bbw1

su11

සියලු පාසල් දරුවන් ආවරණය කරමින් ‘සුරක්ෂා’ සිසු රක්ෂණය ක්‍රියාවට නැංවෙයි

නිරෝගී සෞඛ්‍යසම්පන්න අනාගත පරපුරක් මෙරට පාසල් පද්ධතිය තුළින් ගොඩනැඟීමේ අරමුණින් ‘සදා සුරකිමු දැයේ දරුවන්’ තේමාවෙන් ජාතික මට්ටමින් හඳුන්වා දෙන ලද සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය පසුගිය දා (02) අරලියගහමන්දිරයේ දී පැවැත්විය. ඒ, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟපෙන්වීම යටතේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව මෙම රක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන ලද අතර, ඔක්තෝබර් මස පළමු වැනිදාට යෙදුණු ලෝක ළමා දිනයේ සිට මෙය බලගන්වනු ලැබීය.

Read more ...