වැඩ කරන රට නුවණින් හැඩ කරමු

j 1st2020 නව වසරේ අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කිරීමේ නිල අවස්ථාව අධ්‍යාපන, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පර්ශ්‍රයේ දී අද පෙරවරුවේදී සිදු කෙරිණි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම අවස්ථාවට එක්ව සිටි සේවක සේවිකාවන් ඇමතු අමාත්‍යවරයා කියා සිටියේ, රටට නිවැරදි, නිරහංකාර, නිර්භීත, නායකත්වයක් ලැබී ඇති මේ මොහොතේ 2020 වර්ෂය ජාතියේ හැරවුම් ලකුණක් බවට පත්කරගනිමින්, ශ්‍රී ලංකාව විශ්වයේ නව සලකුණක් ලෙස සටහන් කිරීමට අධිෂ්ඨානශීලිව කැපවෙමු යන්නයි.

“ මිලියන 20කට වඩා වැඩි අපේ රටේ ජනගහනයෙන්, ලක්ෂ 46ක් පාසල් දරුවන්, දෙමව්පියන් ලක්ෂ 60 ගණනක්, ගුරුවරු දෙලක්ෂ හතළිස් දහසක් කාර්ය මණ්ඩල මේ සියල්ලගේම එකතුව මිලියන 12කට ආසන්නයි. රටේ මුළු ජනගහනයෙන් 60%ක් සෘජුවම හා ඉතාම සංවේදී ව ඉසුරුපාය සමඟ සම්බන්ධයි. ඉසුරුපායට තිබෙන වගකීම තේරුම් ගැනීමට මේ හොඳටම ප්‍රමාණවත් බව මගේ විශ්වාසයයි.” යනුවෙන් රැස්ව සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“ ඉසුරුපායෙන් රට බලාපොරොත්තු වන්නේ කුමක්ද? මුළු රටේ ම වර්ග සැතපුම් 25332ක ඉඳලා ළමයෙක් ඉස්කෝලේට දාන්න අධ්‍යාපන ඇමති හොයාගෙන එන තරමට අප නොදියුණුද? ගෝත්‍රිකද?

පාසලට අයිති දේ පාසලට භාරදෙන්න ඕන. කලාප කාර්යාලයට අයිති දේ කලාප කාර්යාලයට භාරදෙන්න ඕන. විභාග දෙපාර්තමේන්තුවට අයිති දේ විභාග දෙපාර්තමේන්තුවට භාරදෙන්න ඕන. විදුහල්පතිතුමාට අයිති දේ ඔවුන්ට භාරදෙන්න ඕන.

මනාපය වෙනුවෙන් හෝ වෙනත් වුවමනාවන් වෙනුවෙන් මේ සියලු බලතල ඉසුරුපාය ඇතුළේ හිරකරගැනීමම අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට මගේ ප්‍රතිපත්තිය නොවන බව ජනවාරී 01 වෙනිදා හිමිදිරියේ ඔබ සියලු දෙනාටම දැනුම් දෙනවා යැයි ද පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ.

“වැඩ කරන රට නැණ නුවණින් හැඩකරන්නට අප සියලු දෙනාම එකතුවෙමු “ යන්නයි.

3K1A9728-1
3K1A9560-1
3K1A9635-1
3K1A9539-1
3K1A9516-3
3K1A9536-3
3K1A9555-3