සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සියලු දරුවන්ට උණුසුම් සුබපැතුම් - ගරු අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා

minඅද දින ජීවිතයේ තීරණාත්මක අභියෝගයකට මුහුණ දෙන හත්ලක්ෂයකට අධික (7,17008) ආදරණීය දරුවන් වෙත ශක්තිය, ධෛර්යය සහ ආත්ම විශ්වාසය වැඩිවැඩියෙන් ලැබේවා!යි යන්න අද දවසේ දී සමස්ත ශ්‍රී ලාංකේය ජාතියේ ම ප්‍රාර්ථනය විය යුතුය.

වසර දහයක (10) අඛණ්ඩ කැපකිරීමක් අවසානයේ හමුවන පළමු අභියෝගය හමුවේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් සෑම දියණියකට ම, සෑම පුතණුවෙකුට ම ලැබේවා!යි ඔබ සැම වෙනුවෙන් වූ මාගේ ප්‍රාර්ථනාව අමාත්‍යවරයා අභිබවා ගිය සෙනෙහෙබර පියෙකුගේ ප්‍රාර්ථනාවකි.

එමෙන් ම, අද දින සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට දහසක් බලාපොරොත්තු පොදි බැඳ සිටි වලපනේ, මුංවත්ත ග්‍රාමයේ ජී ජී කලණ පැතුම් පුතණුවන් පවුලේ සියලු සාමාජිකයන් සමඟ හදිසි ඛේදවාචකයට මුහුණ දීම අතිශය සංවේදී කරුණකි.

මුලුමහත් ජාතිය ම ඒ සම්බන්ධයෙන් හදවතේ ගැඹුරු ම පත්ලෙන් කණගාටුවට පත්වන බව ද විශ්වාස කරමි.