පහසුකම් සපිරි පාසල් පද්ධතියක් රටට දායාද කරන' ළඟම පාසල - හොඳම පාසල වැඩසටහනේ 'නව පරිච්ඡේදයක් ආරම්භ කළ අයුරු..

17 1එදා මෙදාතුර මෙරට ඉතිහාසයේ පාසල් සංවර්ධනය වෙනුවෙන් හඳුන්වා දී ඇති දැවැන්ත ම ව්‍යාපෘතිය ලෙස ක්‍රියාවට නැංවෙන, ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පාසල්වල ඉදිකළ ගොඩනැගිලි 250ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක්කිරීමේ ජාතික මහෝත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ සහ මැති ඇමතිවරු රැසකගේ සහභාගීත්වයෙන් අද (4) පෙරවරු 10.00 ට පේරාදෙනිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ දී පැවැත්වුණි.

මීට සමගාමී ව පේරාදෙණිය ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ නව දේශන ශාලා සංකිර්ණය, සුහුරුපන්ති කාමර හා ශ්‍රවනාගාරය විවෘත කිරීම ද මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

 

 

17 2     17 3