Digital Learning Experience Centre හි පාසල් සිසුන්ට e-ඉගෙනුම් අත්දැකීමක්

digiනව තාක්ෂණයෙන් පාසල් සිසුන් හා ගුරුවරුන් ඇතුලු පාසල් ප්‍රජාව සන්නද්ධ කිරීම සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම යටතේ, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සැලසුම් කර ඇති පරිගණක තාක්ෂණය හා e-ඉගෙනුම් ව්‍යාපෘති හඳුන්වාදීමට සමගාමීව පාසල් ප්‍රජාවට අංකිත තාක්ෂණයෙන් (Digital Technology) නව්‍ය උපකරණ හා ඉගෙනුම් ක්‍රමවේද ආදර්ශනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අංකිත ඉගෙනුම් අත්දැකීම් මධ්‍යස්ථානයක් (Digital Learning Experience Centre) ස්ථාපිත කර ඇත.
එම මධ්‍යස්ථානයේ වූ නව උපකරණ අාධාරයෙන් පංති කාමරයක් තුල පාඩමක් උගන්වන ආකාරය ආදර්ශනය කිරීමේ වැඩසටහන් 2017/05/09 වන දින ප.ව.1.00ට අධ්‍යාපන අමාත්‍යාංශයේ Digital Learning Experience මධ්‍යස්ථානයේ දී පවත්වන ලදී. ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ බත්තරමුල්ල ශ්‍රී සුභූති මධ්‍ය මහා විද්‍යාලයේ 9 ශ්‍රේණියේ සිසුන් 10 දෙනෙකුගේ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුභවතා ද අදාළ සැසියට සහභාගී විය. 9 ශ්‍රේණිය විද්‍යාව පාඩමක් ආදර්ශනය කරමින් පාඩම උගන්වන ලදී.

digi1 digi2

මෙම සැසියට සිසුන් එවීමෙන් සහාය දැක්වූ සහයෝගය බත්තරමුල්ල ශ්‍රී සුභූති මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනියට ද අදාළ වැඩසටහන සඳහා සම්පත් දායකත්වය සැපයූ දේශකවරුන්ට ද විශේෂ ස්තූතිය හිමිවන අතර මේ ආකාරයෙන් පාසල් සිසුන් හා ගුරුවරුන් සඳහා ඉගැන්වීම්-ඉගෙනුම් සම්බන්ධ සැසි පැවැත්වීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් පවතී.

තවද Digital Learning Experience මධ්‍යස්ථානය වඩාත් ඵලදායී ලෙස පාසල් ප්‍රජාව වෙත රැගෙන යාම සඳහා අධ්‍යාපන ලේකම්, සුනිල් හෙට්ටිආරච්වි මහතාගේ උපදෙස් අනුව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව විසින් කටයුතු සිදුකරමින් පවතී.