තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව

 

  
  අධ්‍යාපන අධ්‍යක්ෂ
  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව  (4වන මහල)

 

 


දැක්ම

අධ්‍යාපනය තුළින් අංකිත සමානාත්මතාව ඇති කිරීම


මෙහෙවර ප්‍රකාශය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය මගින් දැනුම පදනම් කරගත් සමාජයක් කරා


ශාඛාවේ කාර්යයන්

  • තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධ ප්‍රතිපත්ති සකස්කිරීමට යෝජනා ඉදිරිපත් කිරීම අධ්‍යාපන පද්ධතිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන් බඳවා ගැනීම
  • ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල තොරතුරු සන්නිවේදන තාක්ෂණ පාඨමාලා හදාරන අභ්‍යාසලාභී ගුරුවරුන් දැනුමෙන් සන්නද්ධ කිරීම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයයට අදාළ විෂය නිර්දේශ සකස්කිරීම, ගුරු පුහුණු කටයුතු, පෙළපොත් සම්පාදනය සහ විෂය සංවර්ධනයට සම්බන්ධ සියලු ම කටයුතු  සම්බන්ධීකරණය
  • විෂයය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය භෞතික සම්පත් හා මානව සම්පත් සම්පාදනය හා සංවර්ධනය
  • පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම
  • ජාතික මට්ටමේ පාසල් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය ක්‍රියාත්මක කිරීම
  • පාසල් පද්ධතිය තුළ ඉ-ඉගෙනුම් හඳුන්වාදීම හා සංවර්ධනය - මේ සඳහා විෂයානුබද්ධ මෘදුකාංග නිර්මාණය හා ඉ-තක්සලාව ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය පාසල් මට්ටමින් අධීක්ෂණය හා නියාමනය
  • එක් දරුවකුට එක් පරිගණකයක් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම,  සම්බන්ධීකරණය හා නියාමනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සමග අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණය පවත්වාගෙන යාම
  • තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ පෞද්ගලික අංශයේ සහය ඇතිව තොරතුරු තාක්ෂණ බාහිරකරණය දැනුවත් කිරීමේ පාඨමාලා පැවැත්වීම සහ ශිෂ්‍යයන්ට එම වැඩසටහන් සඳහා සහභාගීවීම දිරිගැන්වීම
  • පාසල්වල අනවසර මෘදුකාංග භාවිතය නැවැත්වීම සහ විවෘත හා නිදහස් මෘදුකාංගය භාවිතය දිරිගැන්වීම
  • ගුරු භවතුන් අන්තර්ගත වන සේ ස්ථාපිත කර ඇති පාසල් පරිගණක දෘඪාංග හා ජාලගත පුහුණු සංචිතය මගින් පාසල් පරිගණක විද්‍යාගාරවල පරිගණක හා උපාංග නඩත්තුව
  • පාසල් පරිගණක දෘඪාංග හා ජාලගත පුහුණු සංචිතය මගින් ඒ ඒ පාසල්වල ස්ථාපිත කර ඇති පාසල් දෘඩාංග හා ජාලගත කණ්ඩායම් නියාමනය හා බලාත්මක කිරීම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සම්බන්ධ විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණය
  • පාසල් හැර යන්නන් රැකියා වෙළෙඳ පොළ සඳහා සූදානම් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය  හඳුන්වාදීමට ව්‍යාපෘති සැකසීම
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ යටිතල පහසුකම් සහ මානව සම්පත් වැඩිදියුණු කිරීමට පළාත් සහ කලාප අධ්‍යාපන කාර්යාල වෙත සහය දීම

 

නිලධාරීන්ගේ නාම ලේඛනය

නම
තනතුර දුරකතන අංක
ෆැක්ස් ඉ-තැපැල්
සෘජු දිගුව
එම්.ඒ. වාසනා එස්. එදිරිසූරිය මිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ 011-2785821 1426 011-2785821 This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
උදාරා ටී. දික්කුඹුර මහත්මිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ   1425   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
පී.එස්. සඳමාලි මහත්මිය  සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ   1436   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
එච්.පී. රුක්මලී මහත්මිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ   1489   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ශාඛාව     1407   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව යටතේ පවතින ඒකක

1. පරිගණක ජාල මෙහෙයුම්  ඒකකය

පිහිටීම - 4 වන  මහල


ඒකකයේ කාර්යයන්

  • 2001 වර්ෂයේ පිහිටුවන ලද පරිගණක ජාල පද්ධතිය අමාත්‍යාංශය තුළ පවත්වා ගෙන යාම
  • තොරතුරු තාක්ෂණ ඒජන්සිය (ICTA) සමගින් සම්බන්ධ ව පිහිටුවා ඇති ලංකා රාජ්‍ය ජාලයේ  (LGN) කටයුතු පවත්වා ගෙන යාම
  • පළාත් හා කලාපීය වශයෙන් වෙන ම ඒකක ලෙස පිහිටුවා ඇති තොරතුරු තාක්ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන 100ක සෘජු අධීක්ෂණය

 
නිලධාරීන්ගේ නාම ලේඛනය

නම තනතුර දුරකතන අංක
ෆැක්ස් ඉ-තැපැල්
සෘජු දිගුව
එම්.වී.ටී. මලින්ද මහතා සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ   1491   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ශාඛාව     1492    

 

2. වෙබ් අන්තර්ගත කළමනාකරණ  ඒකකය

පිහිටීම - 4 වන  මහල

 ඒකකයේ කාර්යයන්

  • අධ්‍යාපන අමාත්‍යාංශය නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk නිර්මාණය කර යාවත්කාලීන කර පවත්වා ගෙන යාම
  • අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියෙහි පලකිරීම සඳහා තොරතුරු රැස්කිරීම
  • අධ්‍යාපන අමාත්‍යාංශය තුළ නිල විද්‍යුත් තැපැල් පහසුකම් ලබාදීම සම්බන්ධීකරණය


නිලධාරීන්ගේ නාම ලේඛනය

නම තනතුර දුරකතන අංක
ෆැක්ස් ඉ-තැපැල්
සෘජු දිගුව
එම්.ඒ. වාසනා එස්. එදිරිසූරිය මිය නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ   1426   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ශාඛාව     1450   wcmu@moe.gov.lk

 

3. ඉ-ඉගෙනුම් හා නැණස රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් ඒකකය

පිහිටීම - 5 වන  මහල

ඒකකයේ කාර්යයන්

  • නැණස වැඩසටහන සඳහා පාසල් තේරීම.
  • නැණස භාවිතය පිළිබඳව විදුහල්පතිවරුන් හා විෂයභාර ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම හා භාවිතය පිළිබඳව විමර්ශනය කිරීම
  • විකාශනයට අවශ්‍ය වැඩසටහන් සංවර්ධනය පිළිබඳව ජාතික අධ්‍යාපන ආයතනයට සහාය පිණිස විභාග දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සංවර්ධන ශාඛාව හා ඩයලොග් ආසියාටා ආයතනය සම්බන්ධීකරණය කිරීම
  • පාසල්වල නැණස සම්බන්ධතා විධිමත්ව පවත්වා ගැනීම  සඳහා ඩයලොග් ආසියාටා ආයතනය සම්බන්ධීකරණය කිරීම
  • නාලිකාවේ සංවර්ධනයට අදාළ පර්යේෂණ කිරීම
  • දිනපතා නාලිකාවේ විකාශය නිරීක්ෂණය කරමින් අන්තර්ගතයෙහි ගුණාත්මකභාවය පවත්වාගැනීමට අදාළ යෝජනා ජාතික අධ්‍යාපන ආයතනය වෙත ලබාදීම
  • නාලිකාව සම්බන්ධව ඇති ගැටළු විදුහල්පතිවරුන්ගෙන් සහ විෂයය භාර ගුරුභවතුන්ගෙන් දුරකථන ඇමතුම් ලෙස සහ ලිපි මගින් ලබාගනිමින් එම ගැටළු නිරාකරණය කරදීමට ඩයලොග් ආයතනය හා සම්බන්ධීකරණය (උදා - රූපවාහිනිය හා ඇන්ටෙනාව ලබා දී තිබියදී එය නැරඹිය නොහැකි තත්ත්වයන් තිබීම)
  • රූපවාහිනී ලබාදී, ඇන්ටෙනාව සවිකිරීමේ ප්‍රමාදයන් ඇති පාසල් ලේඛනය හඳුනාගෙන ඩයලොග් වෙත එම ලැයිස්තු ලබාදී හැකි තාක් කඩිනමින් අදාළ සම්බන්ධතා ලබාදීමට සැලසුම් කිරීම හා එම තත්ත්වය අවම කිරීමට කටයුතු කිරීම
  • ඩයලොග් වෙතින් ලැබෙන රූපවාහිනී යන්ත්‍ර, විධිමත්ව හඳුනාගන්නා පාසල් වෙත ලබාදීමට පළාත් අධ්‍යක්ෂවරුන් හා පළාත් සම්බන්ධීකරණ නිලධාරීන් සමග සම්බන්ධීකරණය
  • රූපවාහිනී ලබාදෙනු ලබන පාසල්වල විදුහල්පතිවරුන් හා ගුරුභවතුන් සඳහා එක් දින දැනුවත් කිරීම් වැඩසටහන් මගින් මූලිකව ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා තාක්ෂණ භාවිතයන් පිළිබඳ ව කරුණු ලබාදීම.
  • අමාත්‍යාංශයේ සෙසු අංශවල නිලධාරීන්ගෙන් නාලිකාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අදාළ සංවර්ධනාත්මක යෝජනා ලබාගැනීම
  • අත්‍යවශ්‍ය තොග සටහන් හා ලේඛන විධිමත්ව නඩත්තු කිරීම
  • ඒකකයට අදාළ ව අධ්‍යාපන ළුලදායීතාවය ඉහළ නැංවීමේ කාර්යයන්
  • නැණැස අධ්‍යාපන වැඩසටහන් විකාශය වීමට සමගාමීව ඒ හා බැඳුණු වෙනත් වැඩසටහන් පාසල් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළවල් සකස්කිරීම හා ක්‍රියාත්මක කිරීම

 

  නිලධාරීන්ගේ නාම ලේඛනය

නම තනතුර දුරකතන අංක
ෆැක්ස් ඉ-තැපැල්
සෘජු දිගුව
ඩබ්.ඒ. සුමුදු වාසනා විජේසූරිය මහත්මිය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ 011 7209354  1430   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ශාඛාව   011 7209354   1430   This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්බන්ධීකරණ නිලධාරීන්