ජනාධිපති උපදේශක (මුල් ළමාවිය සංවර්ධනය හා ප්‍රාථමික අධ්‍යාපනය) කාර්යාලය

74

ආචාර්ය පූජ්‍ය බඳගිරියේ සෝමවංශ මහා ස්ථවිර
ජනාධිපති උපදේශක
මුල් ළමාවිය සංවර්ධනය හා ප්‍රාථමික අධ්‍යාපනය (3 මහල)


 

දැක්ම
ආශ්චර්යමත් දේශයක් උදෙසා සෛවරී, ස්වාධීන, නිවහල් පෞරුෂයකින් හෙබි ළමා පරපුරක් රටට දයාද කිරීමට මග  පෙන්වීම.

මෙහෙවර ප්‍රකාශය
අධ්‍යාපනයේ මුලික අඩිතාලම වන පුර්ව ළමාවිය අධ්‍යාපනය හා ප්‍රාථමික අධ්‍යාපනය, නව මුහුණුවරකින්  බලගන්වමින් සාරවත්, ඵලදායි හා නිර්මාණශිලී ලෙස දරුවා වෙත ලබාදීම තුළින්  මානසික හා  කායික සෞඛ්‍යයෙන් පරිපූර්ණ දේශමාමක දරුවෙකු දැයට දායාද කිරීම උදෙසා,  ගුරුවරුන්, දෙමාපියන්, නිලධාරීන් හා දරුවන් දැනුවත් කිරීම.

 මුලික අරමුණ
මනා පෞරුෂයකින් හෙබි, නිර්මාණශිලී, මානසික හා  කායික සෞඛ්‍යයෙන් පිරිපුන් ලාංකේය දරුවෙකු මවුබිමට  දායාද කිරීම.

සුවිශේෂි අරමුණු

  • මුල් ළමාවිය සංවර්ධනය හා,  ඒ හා සම්බන්ධව පවතින අඩුපාඩු සදහා විසඳුම් සෙවීම හා ඒවා ක්‍රියාවට නැංවීම.
  • ප්‍රාථමික අධ්‍යාපනය ( 1 – 5 දක්වා) සම්බන්ධව පවතින ගැටලු පිළිබද සාකච්ඡා කිරීම, අදාළ පාර්ශ්ව සමග ක්‍රියාවට නැංවීම.
  • 1 ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ දී අකුරු හැකියාව මැන බැලීම වැනි සාවද්‍ය ක්‍රම සම්බන්ධයෙන් වන ගැටලු,  අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම මගින් නිරාකරණය කිරීමට පියවර ගැනීම.
  • වැඩමුළු හා දැනුවත් කිරිම් තුළින් කාර්යක්ෂම, සුහදශිලී, අවබෝධාත්මක ගුරු පරපුරක් බිහිකිරීමට සැලසුම් කිරීම.

මුල් ළමාවිය සංවර්ධනය හා ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ ජනාධිපති උපදේශක කාර්යභාරය

  • මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් ගුරුවරුන් දැනුවත් කිරීම
  • දීප ව්‍යාප්තව මුල් ළමාවිය සම්බන්ධයෙන් ඒකීය විෂය මාලාවක් සකස් කිරීම සඳහා අදාළ අංශ දැනුවත් කිරීම.
  • පෙර පාසල් ප්‍රඥප්තිය සකස් කිරීමට මග පෙන්වීම හා උපදෙස් ලබාදීම.
  • ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ගැටලු සාකච්ඡා කිරීම.
  • 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ දී උද්ගතව ඇති ගැටලු සම්බන්ධයෙන්  කරුණු රැස් කිරීම හා අවශ්‍ය උපදෙස් සැපයීම.
  • ප්‍රාථමික පාසල් ගුරුවරුන් හා මුල් ළමාවිය සංවර්ධන ගුරුවරුන්ගේ කාර්යභාරයන් හදුනාගෙන අන්‍යෝන්‍යාවබෝධයෙන් කටයුතු කිරීමට සැලැස්වීම.
  • පෙර පාසල් හා ප්‍රාථමික පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ළමා මනස පිළිබඳ හඳුන්වාදීම.
  • මෙම කේෂ්ත්‍ර ද්විත්වයේ ( මුල් ළමාවිය සංවර්ධනය හා ප්‍රාථමික අධ්‍යාපනය) සංවර්ධනයට අදාළ තොරතුරු පිළිබදව අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කිරීම.
  • මුල් ළමාවිය සංවර්ධනය හා ප්‍රාථමික අධ්‍යාපනය ක්‍රමවත් හා ඵලදායි, ප්‍රමිතියක් සහිත ගුරුවරු හා ඉගැන්වීම් රටා බිහිකිරිමට අවශ්‍ය උපදෙස් සහ කටයුතු සැලසීම.
  • නවීන ලෝකයේ පවතින ඉගැන්වීම් ක්‍රම සහ තාක්ෂණය හඳුන්වාදී ස්ථිපිත කිරීම තුළින්  ලාංකික අධ්‍යාපනය තුළ වඩාත් හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම.