Latest News

on x

ඉතිහාසයේ පළමු වරට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් online ක්‍රමයට නිකුත් කිරීම අරඹයි

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලබන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතික පත් ලබාගැනීමට මේ වනතෙක් සිදුකෙරුණේ, විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණ අයදුම්කිරීම් මතයි.

මෙහි දී අයදුම්කරුවන්ට දිවයිනේ කවර ප්‍රදේශයක සිට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට සිදුවීම, දිනපතා අයදුම්කරුවන් විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් සහතික පත් නිකුත් කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් වැඩි කාලයක් ගතවීම වැනි ගැටළු මතුව තිබුණි. මේ තත්වයට පැහැදිලි විසඳුමක් ලබාදෙමින් ඩිජිටල් තාක්ෂණයේ සහාය මේ සඳහා ලබාගැනීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මේ වනවිට වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ.

Read more ...

security

‘පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මව්පියන් කැඳවීම තවදුරටත් නොකළ යුතුයි’ - අධ්‍යාපන ලේකම්වරයාගෙන් නිවේදනයක්

පාසල්වල ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මකව පවතින බැවින් සහ මේ වනවිට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් යහපත් වාතාවරණයක් පවතින බැවින් පාසල්වල ආරක්ෂාව සඳහා මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ සම්බන්ධ ව සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජ්‍ය හා සහකාර අධ්‍යක්ෂවරුන් හා සියලු ම පාසල් ප්‍රධානීන් වෙත නිවේදනයක් මගින් දැනුවත් කර තිබේ.

aud

“ඉසුරුපායට” අංග සම්පූර්ණ නව ශ්‍රවණාගාරයක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ පහසුකම් පුළුල් කිරීම සඳහා සිදු කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන අංගයක් වන නවීන පහසුකම්වලින් සමන්විතව නිර්මාණය කරන ලද අංගසම්පූර්ණ ශ්‍රවණාගාරය බත්තරමුල්ල පැලවත්තේ පිහිටි  “ඉසුරුපාය” ගොඩනැගිල්ලේ දී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (12) විවෘත කෙරුණි.

ඉසුරුපායේ හත්වැනි මහලෙහි පිහිටි මෙම ශ්‍රවණාගාරය ආසන 300 කින් සමන්විතය. මෙහි අභ්‍යන්තර පහසුකම්  සම්පාදනය සඳහා පමණක් රුපියල් මිලියන 30 කට වැඩි මුදලක් වැයකර තිබේ.

Read more ...

ex1

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උ.පෙළ විභාග වලට පිටරටදීම පෙනීසිටීමට අවස්ථාව සලසනවා. - අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් -

අනාගතය අධ්‍යාපනය මත පදනම්ව පවතින බැවින් නව ප්‍රවණතා හඳුනාගෙන සීමා මායිම් ඉක්මවා හැමදෙනාම ක්‍රියා කරන්නේනම් බොහෝ වෙනස්කම් සිදුකළ හැකි බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාග සහතිකපත් නිකුත් කිරීම එවැනි නවමු නිර්මාණශීලි වැඩපිළිවෙලක් බවත් අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා එසේ සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුව නවීකරණය සඳහා 2017 ඔක්තොම්බරයේදී පත්කරන ලද විද්වත් කමිටුවේ විද්‍යාත්මක නිර්දේශ මත අ.පො.ස.සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සහතිකපත් මාර්ගගත (online) ක්‍රමයට නිකුත් කිරීම ඇරඹීම නිමිත්තෙන් විභාග දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊ්යේ (11) සවස පැවති උත්සවය අමතමිනි .

Read more ...

138

පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම නතර කළ යුතුයි - අධ්‍යාපන අමාත්‍යාංශය

දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බළකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මව්පියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදු ව ඇති බව ද, ගැබිනි මව්වරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවල යෙදී සිට ඇති බවට ද පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී තිබුණි.

Read more ...

teac 1

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන සිටි සංවර්ධන නිලධාරීන් පන්සිය අනූ දෙදෙනකුට (592) ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් පිරිනැමේ.

අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ ජනතාවාදී වැඩසටහන්වලට පහර දි තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.

උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන සිටි සංවර්ධන නිලධාරීන් පන්සිය අනූ දෙදෙනකුට (592) ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් පිරිනැමීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කර සිටියේය.

Read more ...

int

2016 හා 2017 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත 2018 වර්ෂය වෙනුවෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණලාභීන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ 2019 ජූනි මස තෙවන සතියේ සිට ආරම්භ කෙරේ

 

2016 හා 2017 අ.පො.ස. (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීම සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම මෙවර සිදුවෙනවා. 2012, 2103 වසරවල විද්‍යාපීඨ බඳවාගැනීම් ප්‍රමාදවීම හේතුවෙන් මතුවු ගැටලු ද නිරාකරණය කරමින්, ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ උපදෙස් මත 2018 වර්ෂය සඳහා කණ්ඩායම් දෙකක් වශයෙන් බ‍ඳවා ගැනීමට නියමිතයි.

Read more ...

interview

විද්‍යාපීඨ සඳහා නවක සිසුන් බඳවා ගැනීම

2016 හා 2017 අ.පො.ස (උ.පෙළ) ප්‍රතිඵල මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලා සඳහා කණ්ඩායම් දෙකක් එකවර බඳවා ගැනීම පිණිස වන සම්මුඛ පරීක්ෂණ 2019 ජුනි මස තුන්වන සතියේ සිට ආරම්හ කිරීමට නියමිතය.

Sec05082019m350

පාසල්වල ආරක්ෂාව සඳහා බව පවසමින් මාපියන් සහ දරුවන් හිරහැරයට ලක් කරන්න එපා - අකිල විරාජ් කාරියවසම් මහතා

පාසල්වල ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් දරුවන් පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස වෙනත් දෑ මිලදී ගන්නැයි බල කරමින් දරුවන් හා මාපියන් අපහසුතාවයට පත්වන අන්දමේ සිදුවීම් කීපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී තිබේ.

ඊට අමතරව ආරක්ෂක උපකරණ මිලදී ගැනීමට යැයි පවසමින් ඇතැම් කණ්ඩායම් පාසල් දරුවන් හා මාපියන් අපහසුතාවට පත් කරමින් මුදල් එකතු කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු අවධානයට ලක් විය.

Read more ...

sch

2020 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය එළ‍ඹෙන සඳුදා මාධ්‍යයට.

පුවත්පත් දැන්වීම අඟහරුවාදා පුවත්පත් වලින්...

2020 වසර සඳහා පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය ලබන මැයි මස 27 වන සඳුදා මාධ්‍යයට නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊට අදාළ පුවත්පත් දැන්වීම 28 අඟහරුවාදා පුවත්පත්වල පළ කිරීමට නියමිත ව ඇති අතර අදාළ චක්‍රලේඛය සහ අයදුම්පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට ( www.moe.gov.lk) ද ඇතුළත් කිරීමට කටයුතු සූදානම් කර ඇත.