ඒ.ජේ.එස්.එස්.එදිරිසූරිය මහතා

අතිරේක ලේකම්, ආයතන

ඒ.ජේ.එස්.එස්. එදිරිසූරිය මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ( ආයතන ) වශයෙන් කටයුතු කරයි. රාජ්‍ය සේවයේ වසර 30 ක සේවා කාලයක් හිමි  එදිරිසූරිය මහතා  පරිපාලන සේවා නිලධාරියෙකු ලෙස වසර 23 ක අත්දැකීම් හා පළපුරුද්දක්  සහිත ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි. දකුණු පළාත් සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස් ලෙස සේවය ආරම්භ කර පසුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර ඇත.I වන පංතියේ නිලධාරියෙකු ලෙස මහරගම ප්‍රාදේශීය ලේකම් , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම්  හා මුදල් අමාත්‍යාංශයේ කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර ඇති අතර, විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක  ලේකම් ලෙස ද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද සේවය කර ඇත.

එදිරිසූරිය මහතා කැළණිය විශ්වවිද්‍යාලයේ කලා උපාධිධාරියකු වන අතර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිය හදාරා ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයෙකු ලෙසද වෘත්තීය සුදුසුකම් ලබා ඇත. තවද ඔහු රාජ්‍ය පරිපාලනය පිළිබඳව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධිධාරියෙකු ද වේ.

TOP