බී.එම්.වීරසූරිය මිය

අතිරේක ලේකම්, ප්‍රතිපත්ති සැලසුම් හා කාර්යසාධන සමාලෝචන

බී. මහේෂි වීරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ප්‍රතිපත්ති සැලසුම් හා කාර්යයසාධන සමාලෝචන) වශයෙන් 2023 මැයි මස 15 දින සිට රාජකාරී කටයුතු ආරම්භ කරන ලද අතර ඇය අධ්‍යාපන සේවයේ වසර 35ක පමණ සේවා කාලයක් සහිත අධ්‍යාපන පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ නිලධාරිණියකි. කොළඹ දේවි බාලිකා හා ආනන්ද බාලිකා විද්‍යාලයේ නියොජ්‍ය විදුහල්පතිණියක ලෙසද බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන සංවර්ධන අංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක හා නියොජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂවරියක ලෙස ද, මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියක ලෙස ද කටයුතු කර ඇත. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ, ඉංග්‍රීසි හා විදේශ භාෂා, අධ්‍යක්ෂ ද්වි භාෂා අධ්‍යාපන හා අධ්‍යක්ෂ අධ්‍යාපන සංවර්ධන ලෙස සේවය කර ඇත.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය හදාරා ඇති අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව හදාරා ඇත. එමෙන්ම ඕස්ට්‍රේලියාවේ වොලොන්ගොන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හදාරා ඇත.

TOP