පාසල් කටයුතු

නීලමනී මලවිආරච්චි මිය

අතිරේක ලේකම් පාසල් කටයුතු

දැක්ම හා මෙහෙවර

දැක්ම

පාසල් පද්ධතියේ ඒකමතික බව තහවුරු කරලනු වස් අවශ්‍ය මග පෙන්වීම සමඟ දක්ෂතා සහිත දරුවන්හට අවශ්‍ය අධ්‍යාපනය ලබා දීමේ අවස්ථා තහවුරු කරලමින් රටට දැයට වැඩදායී පරපුරක් බිහිකරලීම

මෙහෙවර

දැයේ දක්ෂතා පිරිපුන් දරුවන්ට ශිෂ්‍යාධාර ලබා දෙමින් අඛණ්ඩ අධ්‍යාපන අවස්ථා සලසමින් සාමාන්‍ය අධ්‍යාපන අවස්ථා තහවුරු කරලමින් අධ්‍යාපනයේ ඒකමතික බව තහවුරු කරලීමට අදාළ නීති රීති පැනවීම

ශාඛාවේ කාර්යයන්

5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන ශිෂ්‍යත්වලාභීන්ට පාසල් ලබාදීම

වෙනත් ශිෂ්‍යාධාර ක්‍රම ක්‍රියාත්මක කිරීම. (මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය, Dialog ශිෂ්‍යත්වය)

පාසල් පද්ධතියට බලපාන චක්‍රලේඛ සකස් කිරීම සහ සංශෝධනය කිරීම

පාසල් නඟා සිටුවීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

පෞද්ගලික පාසල් කළමනාකරණය

දැක්ම හා මෙහෙවර

දැක්ම

ශ්‍රී ලංකාවේ කීර්තිය ජාත්‍යන්තර තලයේ ද ප්‍රකට කරවන, දේශීය අනන්‍යතාවය රැකගත් පුරවැසි පරපුරක් අනාගතයට දායාදකර වීම.

මෙහෙවර

පෞද්ගලික පාසල්වල ප්‍රමිතිය සහතික කිරීම තුළින් ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමට සහය වීම. දැයේ දැරුවන්ට අධ්‍යාපනයේ උපරිම ඵල ලබා ගැනීමට අවස්ථාව සැලසීම.

ශාඛාවේ කාර්යයන්

රජයේ අනුමත පෞද්ගලක පාසල්වල ගුරු ආයතනික කටයුතු

ගුරු පත්වීම් අනුමත කිරීම්‍ විශ්‍රාම ගැන්වීම අනුමත කිරීම විදේශ නිවාඩු, අධ්‍යයන නිවාඩු, වෛද්‍ය නිවාඩු අනුමත කිරීම සේවා දීර්ඝ අනුමත කිරීම යෝග්‍ය ගුරු සංඛ්‍යාව අනුමත කිරීම

අනුමත පෞද්ගලික පාසල්වල අධ්‍යාපන ගුණාත්මක භාවය ඉහළ නංවාලීම සඳහා අවශ්‍ය උපදෙස් හා මගපෙන්වීම් ලබා දීම

පෞද්ගලික පාසල් නියාමනය කිරීම හා අවශ්‍ය අවස්ථාවල අධීක්ෂණය කිරීම

දැක්ම හා මෙහෙවර

දැක්ම

නිරෝගී හා ක්‍රියාශීලී දරු පරපුරක් රටට දායාද කිරීම

මෙහෙවර

පාසල් ළමුන් සෞඛ්‍යමත් කිරීම, තම පවුලේ හා ප්‍රජාවේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ස්වයං හැකියාවන් ඇතිඅය බලවත්කරණය කිරීම හා ලැබී ඇති අධ්‍යාපනික අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට සැලැස්වීමයි.

දැක්ම හා මෙහෙවර

දැක්ම

ගුණ නැණ සපිරි ස්වාධීනත්වය අගයන අභිමානවත් පුරවැසියෙකු බිහිකිරීම.

මෙහෙවර

ජාතික හා ගෝලීය අවශ්‍යතාවන්ට ගැලපෙන අභිමානවත් පුරවැසියෙකු බිහිකිරීම පිණිස සියලු ම ළමයින්‚ වැඩිහිටියන්‚ විධිමත් අධ්‍යාපනයෙන් බැහැරවූවන් සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ගේ කුසලතා ඉහළ නැංවීමට හැකි අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ශාඛාවේ කාර්යයන්

විශේෂ අධ්‍යාපනය

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් තක්සේරුකරණය හා පාසල්ගත කිරීම.

දැක්ම, මෙහෙවර හා අරමුණ

දැක්ම

මෙහෙවර

ශාඛාවේ කාර්යයන්

දැක්ම හා මෙහෙවර

දැක්ම

තිරසාර හා සමානාත්මතා අධ්‍යාපන ක්‍රමවේදය තුළින් වතු ප්‍රජාවෙන් බුද්ධිමත් මානව ප්‍රාග්ධනයක් බිහිවීම.

මෙහෙවර

වඩාහොඳ ඉගෙනුම් පරිසරයක් සහතික කිරීම සඳහා සම්පත් හා සේවා සැපයිමට ආන්තික වතු පාසල් මුඛ්‍යධාරාගත කිරීම.

ශාඛාවේ කාර්යයන්

දැක්ම හා මෙහෙවර

දැක්ම

මුස්ලිම් ආගමික සංස්කෘතික සාරධර්ම අන්‍යනතාවකින් යුත් සිසු පිරිසකට නිපුණතා සංවර්ධනයක් ලබා දීම තුළින් සමස්ත අධ්‍යාපන ඉලක්ක කරා ළඟා වීම සඳහා දායකත්වය ලබා දීම

මෙහෙවර

රටේ අනාගතය වන වර්තමාන දරු පරපුරේ දැනුම, කුසලතා, ආකල්ප සහ නිපුණතා වර්ධනය කරමින් අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය තුළින් රටේ සංවර්ධන කාර්යයට මුස්ලිම් ප්‍රජාව දායක වීම

ශාඛාවේ කාර්යයන්

දැක්ම හා මෙහෙවර

දැක්ම

21 වන සියවසේ අභියෝගයන්ට මුහුණ දිම සඳහා අනාගත පරපුර නිපුණතා සහිතව සකස් කළ හැකි, ගුණාත්මක දෙමළ පාසල් වැඩි දියුණු කිරීම.

මෙහෙවර

අධ්‍යාපන නායකත්වය සහ කළමණාකරණය ශක්තිමත් කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් සහ ගුණාත්මක අධ්‍යාපනය සහතික කිරීමෙන් දෙමළ පාසල්වල ගුණාත්මකභාවය සහතික කිරීම.

ශාඛාවේ කාර්යයන්

දැක්ම හා මෙහෙවර

දැක්ම

මෙහෙවර

අරමුණු හා ප්‍රතිපත්ති

ජාතික පාසල්වල අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳහා වැඩසටහන් සංවිධානය කර අවශ්‍ය වන භෞතික හා මානව සම්පත් නිසි පරිදි කළමනාකරණය සඳහා ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක කිරීම කාලීන වෙනස්කම් පදනම් කරගෙන ජාතික පාසල්වල අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරාලීම සඳහා ප්‍රතිපත්ති සකස් කිරීම

ශාඛාවේ කාර්යයන්

සැලසුම්

ජාතික පාසල්වල මානව හා භෞතික සම්පත් අවශ්‍යතා හඳුනාගෙන ඒවා සපුරාලීමේ සැලසුම් සකස් කිරීම

සැලසුම්

ජාතික පාසල්වල මතුවන ගැටලු හඳුනාගෙන ඒවා විසඳීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම

සැලසුම්

ජාතික පාසල් විදුහල්පති රැස්වීම මාස 02කට වරක් සැලසුම් කර සංවිධානය කිරීම

සැලසුම්

ජාතික පාසල්වල විදුහල්පති හා ගුරු භවතුන් පිළිබඳව ලැබෙන පැමිණිලි පිළිබඳව සොයා බලා අදාළ විමර්ශන කටයුතු සඳහා විමර්ශන අංශයට යොමු කිරීම හා ඒවා අවම කිරීමට සැලසුම් සකස් කිරීම

සැලසුම්

මහජන දිනය සැලසුම් සහගත ලෙස පැවැත්වීම හා මහජන ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීම

ශිෂ්‍ය තොරතුරු යාවත් කාලීනව පවත්වාගෙන යාමේ ක්‍රමවේදයක් සැලසුම් කිරීම

සියලු ම ජාතික පාසල්වල එකිනෙකට අනන්‍ය වූ ලක්ෂණ හඳුනා ගැනීමට කටයුතු කිරීම හා ඒවා සංවර්ධනය සඳහා සැලසුම් සකස් කිරීම

ජාතික පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම යාවත්කාලීන කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කිරීම හා එම පුරප්පාඩු පිළිබඳව අධ්‍යාපන ලේකම් හා අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන), අතිරේක ලේකම් (අධ්‍යාපන සේවා ආයතන) වෙත මාස 06 කට පෙර දැනුවත් කිරීම

ජාතික පාසල්වල විභාග ප්‍රතිඵල විශ්ලේෂණය කොට ප්‍රතිඵල නැංවීමේ ක්‍රමවේදයක් සැලසුම් කිරීම

ජාතික පාසල්වල පවතින ගුරු පුරප්පාඩු පියවීම, තුලනය, සැලසුම් කිරීම හා පුරප්පාඩු පිරවීම

ජාතික පාසල්වල සිසුන් ඇතුළත් කිරීම පිළිබඳව 1-11 ශ්‍රේණි සඳහා (6 ශ්‍රේණිය හැර) පවතින පුරප්පාඩු වෙනුවෙන් සිසුන් ඇතුළත් කිරීමට සැලසුම් කිරීම හා අධ්‍යාපන ලේකම් වෙත නිර්දේශ ලබා දීම

සම්බන්ධීකරණය

විවිධ අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ ශාඛා සමඟ මනා සම්බන්ධිකරණයක් පවත්වාගෙන යාම

සම්බන්ධීකරණය

ජාතික පාසල්වල වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ දී ජාතික අධ්‍යාපන ආයතනය, පළාත්, කලාප හා ජාතික පාසල්වල කාර්ය මණ්ඩලය සමඟ මනා සම්බන්ධිකරණයක් පවත්වාගෙන යාම

සම්බන්ධීකරණය

රජයේ විභාග සඳහා අදාළ සම්මන්ත්‍රණ කටයුතුවලදී විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අනෙක් අංශ සමඟ මනා සම්බන්ධිකරණයක් පවත්වාගෙන යාම

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා පුහුණු සැසි සංවිධානය කිරීම

ජාතික පාසල්වල විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, සහකාර විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ කළමනාකරණ ශක්තිය දියුණු කිරීමේ පුහුණු වැඩසටහන් සංවිධානය කර ක්‍රියාත්මක කිරීම

අනධ්‍යයන කාර්යය මණ්ඩල පුහුණු වැඩසටහන් සකස් කිරීම

අමාත්‍යාංශ පළාත් හා කලාප මට්ටමින් කරනු ලබන පාසල් සුපරීක්ෂණ වැඩසටහන් කළමනාකරණ හා ප්‍රමිති අංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂ සමඟ නියාමනය කිරීම ජාතික පාසල්වල විදුහල්පති කාර්ය සාධනය නියාමනය කිරීම හා කළමනාකරණ වැඩසටහන් නියාමනය කිරීම ජාතික පාසල්වල වාර්ෂික හා පස් අවුරුදු සැලසුම් නියාමනය කිරීම ජාතික පාසල් ශාඛාවේ කාර්ය මණ්ඩල කටයුතු නියාමනය කිරීම ජාතික පාසල්වල මූල්‍ය කළමනාකරණය නියාමනය කිරීමේ කටයුතු කිරීම

දැක්ම, මෙහෙවර හා අරමුණ

දැක්ම

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට ගුණාත්මක පොත් පමණක් කියවීමට පෙළඹවීම උදෙසා මග පෙන්වීම.

මෙහෙවර

දේශීය හා විදේශීය වශයෙන් පාසල් පුස්තකාල තුළට ගලා එන පොත්වල ගුණාත්මක භාවය පිරික්සීම හා සදාචාරාත්මක බව හා දේශීය අනන්‍යතාවය සුරක්ෂිත කිරීම සඳහා උචිත පොත් තෝරා ගැනීම.

අරමුණ

ගුණාත්මක බවින් යුක්ත පොත් සඳහා පාසල් පොතක් වශයෙන් අනුමැතිය ලබා දිය යුතු යැයි 1952 පෙබරවාරි මස 29 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ උපකෘත ස්වභාෂා ද්විභාෂා සහ ඉංග්‍රීසි පාඨශාලාවන් පිළිබඳ ව්‍යවස්ථා සංග්‍රහයේ 19ඒ ඡේදයේ සඳහන් නිර්ණායක ක්‍රියාත්මක කිරීම සහ ලේකම්වරයා වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම.

ශාඛාවේ කාර්යයන්

ගුණාත්මක බවින් යුක්ත පොත් හඳුනාගැනීම

පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත බලපත්‍රය ලබා ගැනීම සඳහා ප්‍රකාශන ආයතන දැනුවත් කිරීම

ග්‍රන්ථ සමීක්ෂකයින් දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩල රැස්වීම් පැවැත්වීම

ග්‍රන්ථ සමීක්ෂකයින්/ප්‍රකාශකයින්/ලේඛකයින්/විදුහල්පතිවරුන්/පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් සංවිධානය කිරීම

පොත් සමීක්ෂණය සඳහා සුදුසු සමීක්ෂකයින් බඳවා ගැනීම සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත්දැන්වීම් පළ කිරීම

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය වෙත යොමු කරනු ලබන අත් පිටපත් සුදුසු සමීක්ෂකයින් වෙත යැවීම හා සමීක්ෂකයින් හඳුනා ගැනීම

මාසික රැස්වීම සඳහා ඉදිරිපත් කරනු ලබන පොත් අනුමත කිරීම/ප්‍රතික්ෂේප කිරීම/සංශෝධන පෙන්වා දීම

විශේෂ කාර්යයන් සඳහා මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීම හා වෙනත් අදාළ තීරණ ගැනීම

පුස්තකාල බලපත්‍රය සඳහා අධ්‍යාපන ලේකම්වරයා වෙනුවෙන් අනුමත කිරීම හා අත්සන යෙදීම

රාජ්‍ය භාගය පමණක් අයකොට බලපත්‍ර ලබා දිය යුතු පොත් හඳුනාගැනීම හා ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මණ්ඩලය වෙත කරුණු දැක්වීම

රාජ්‍ය භාගය පමණක් අයකොට බලපත්‍ර ලබා දිය යුතු පොත් හඳුනාගැනීම හා ඒ සඳහා බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් මණ්ඩලය වෙත කරුණු දැක්වීම

අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලයෙන් සිදු කෙරෙන කාර්යයන්ට අදාළ ලිපිලේඛන හා අයදුම්පත්‍ර

දැක්ම

මෙහෙවර

දැක්ම, මෙහෙවර හා අරමුණ

දැක්ම

මෙහෙවර

ශාඛාවේ කාර්යයන්

දැක්ම

සෑම දරුවෙකුටම ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීමේ අරමුණ ඉටුකර ගැනීමට අවශ්‍ය වෘන්තීය නිපූණතාවලින්‌ සන්නද්ධ ගුරුවරයකු පාසල්‌ පද්ධතියට බිහිකිරීම

මෙහෙවර

වෘත්තීය නිපුණතාවලින්‌ සන්නද්ධ ගුරුවරයකු පාසල්‌ පද්ධතියට බිහි කිරීම සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මෙහෙයවීම

ශාඛාවේ කාර්යයන්

TOP