මුදල්

 

 

 

දැක්ම හා මෙහෙවර

දැක්ම

දැයේ දරුවන්ගේ අධ්‍යාපන සංවර්ධනයට අරමුදල් ඵලදායී ලෙස මෙහෙය වීම

මෙහෙවර

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ (126) යටතේ වාර්ෂික අය වැය ඇස්තමේන්තුව මගින් ලබා දෙන පුනරාවර්තන ප්‍රතිපාදන හා භාණ්ඩාගාරය විසින් නිකුත් කරන අග්‍රිම, උපකාර්යයාල (පළාත්වල ජාතික පාසල්, උපකෘත පාසල්, පිරිවෙන් හා ගුරු විද්‍යාල/විද්‍යාපීඨ) වෙත ඒවායේ අරමුණු හා අවශ්‍යතාවන් ඉටුවන පරිදි මූල්‍ය පාලනයකින් යුතුව නිකුත් කිරීම, මෙහෙය වීම හා භාණ්ඩාගාරය සමග සම්බන්ධීකරණය කර මූල්‍ය කටයුතු පාලනය

ශාඛාවේ කාර්යයන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ඇස්තමේන්තු සකස් කිරීම

පුනරාවර්තන වැය විෂයයන්හි ප්‍රතිපාදන නිකුත් කිරීම හා වැය ලෙජරයන් පවත්වාගෙන යාම

අමාත්‍යාංශයට අයත් සියලු ම උප කාර්යාල වෙත අක්මුදල් ලබා දීම හා අක්මුදල් පාලන ගිණුම පවත්වා ගෙන යාම

විසර්ජන ගිණුම පිළියෙළ කිරීම

අමාත්‍යාංශයේ ගිණුම් සාරාංශය මහා භාණ්ඩාගාරය වෙත ඉදිරිපත් කිරීම

ශාඛාවේ කාර්යයන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ හා අමාත්‍ය කාර්යාලයේ අවශ්‍යතා හඳුනාගෙන ලිපි ද්‍රව්‍ය හා භාණ්ඩ මිලදී ගැනීම, ගබඩා කිරීම, බෙදා හැරීම් කටයුතු

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, ගුරු විදුහල්වල භාණ්ඩ සමීක්ෂණ කටයුතු හා පසු විපරම් කටයුතු, හානි හා පාඩු කපා හැරීමේ කටයුතු

ප්‍රාග්ධන භාණ්ඩ මිලදී ගැනීම, නඩත්තු කිරීම හා සේවා කටයුතු, අමාත්‍යාංශයට අදාළ සියලුම මුද්‍රණ කටයුතු

මු.රෙ.66.104 විධි විධාන අනුව අමාත්‍යාංශ වත්කම් ලේඛනය යාවත්කාලීනකර පවත්වාගෙන යාම

දැක්ම හා මෙහෙවර

දැක්ම

අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවයේ යෙදී සිට විශ්‍රාම යන නිලධාරීන්ට තෘප්තිමත් විශ්‍රාම දිවියක් ගොඩනැගීමට දායක වීම

මෙහෙවර

අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කළ රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප කඩිනම් හා කාර්යක්ෂමව සකස් කිරීම හා එමගින් රාජ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ යැපෙන්නන්ට අනාගත සුභ සිද්ධිය ළඟාකර දීම

ශාඛාවේ කාර්යයන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරනු ලබන නිලධාරීන් විශ්‍රාම ගිය පසු ඔවුන්ගේ විශ්‍රාම වැටුප් සකස් කිරීම

මුදල් 104 පරීක්ෂණ පැවැත්වීම හා ඊට අදාළ සියලු කටයුතු ඉටු කිරීම

ජාතික පාසල්වල, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සහ ගුරු විද්‍යාලවල මූල්‍ය කටයුතු අධීක්ෂණය කිරීම

ශාඛාවේ කාර්යයන්

ESDG(WB), ADB, UNICEF, UNESCO, Save the Children යනාදී විදේශාධාර ව්‍යාපෘති ඇතුළු සියලු ප්‍රාග්ධන විෂයයන්ට අදාළ ව ඇස්තමේන්තු පිළියෙළ කිරීම, ප්‍රතිපාදන නිදහස් කිරීම, වියදම් වාර්තා කිරීම සහ විසර්ජන ගිණුම පිළියෙළ කිරීම

ජාතික පාසල් 341ක්, විද්‍යාපීඨ 18ක්, ගුරු මධ්‍යස්ථාන 100ක්, ගුරු විදුහල් 10ක් සහ අමාත්‍යාංශය ද ඇතුළත්ව රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් බී ගිණුමේ ඇස්තමේන්තු පිළියෙළ කිරීම, ප්‍රතිපාදන නිදහස් කිරීම හා වාර්ෂික ඒකාබද්ධ සැසදීම් ප්‍රකාශය පිළියෙළ කිරීම

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලය යනාදී ආයතනවල මූල්‍ය හා ගිණුම් සම්බන්ධීකරණයට අදාළ කටයුතු

මු.රෙ. 115 යටතේ අනුමැතිය ලබා දීම සම්බන්ධ කටයුතු

ශාඛාවේ කාර්යයන්

සියලු ම පුනරාවර්තන හා මූලධන ගෙවීම් සිදු කිරීම

අත්තිකාරම් B අවසන් ගිණුම සකස් කිරීම

විගණන විමසුම් සඳහා පිළිතුරු ලබාදීම

අත්තිකාරම් B ගිණුමට අදාළ ගෙවීම් කිරීම

අවසන් ගිණුම් සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම

අමාත්‍යාංශයේ සියලු ම නිලධාරීන්ගේ වැටුප් හා දීමනා ඇතුලු සියලු ම ගෙවීම් කටයුතු

TOP