පාලන අංශය

පී. එල්. පත්මකුමාර මහතා

අතිරේක ලේකම් (පාලන අංශය)

 

 

 

 

දැක්ම හා මෙහෙවර

දැක්ම

තෘප්තිමත් සේවයක් සඳහා කැපවීම.

මෙහෙවර

නිදහස් අධ්‍යාපනය පෝෂණය කිරීමෙහි ලා දායක වී සිටින සේවක සමුහයට, අවශ්‍ය හා යටිතල පහසුකම් ප්‍රශස්ත ලෙස ලබා දීමෙන්,සහෝදර කාර්ය මණ්ඩලය දිරිමත් කිරීම.

උප ශාඛාවන්

නිවාඩු ශාඛාව

තැපල් ශාඛාව

මධ්‍යම ලේඛණාගාරය

ප්‍රධාන ශ්‍රවණාගාරය (ශ්‍රව්‍ය දෘශ්‍ය ඒකකය)

රිසෝග්‍රාෆ් අංශය

පිළිගැනීමේ නිලධාරි කවුළුව

දුරකථන හුවමාරු ඒකකය

ශාඛාවේ කාර්යයන්

අමාත්‍යාංශයේ සහ සියලුම ජාතික පාසල්, ගුරු විද්‍යාල, විද්‍යාපීඨ , ගුරු සංවර්ධන මධ්‍යස්ථාන හා ජාතික අධ්‍යාපන ආයතන යන ආයතනයන්හි කාර්ය මණ්ඩලවල අතිකාල හා ගමන් වියදම් අනුමැතියට ඉදිරිපත් කිරීම.

අමාත්‍යාශ නිලධාරීන්ගේ නිවාඩු දින වැටුප් හා ඡායා පිටපත් දීමනා අනුමත කිරීම.

අමාත්‍යාංශයේ භාෂා පරිවර්තන දීමනා සම්බන්ධ කටයුතු සිදුකිරීම.

ආපන ශාලාව පවත්වාගෙනයාම සම්බන්ධ කටයුතු.

අමාත්‍යාංශ නිලධාරීන්ගේ ආපදා ණය, උත්සව අත්තිකාරම්, විශේෂ අත්තිකාරම්, දේපළ ණය හා ඔප්පු නිදහස් කිරීම සම්බන්ධ කටයුතු හා වෙනත් ණය පිළිබඳ කටයුතු.

නිවාඩු දුම්රිය බලපත්‍ර නිකුත් කිරීම හා දුම්රිය වාර ප්‍රවේශපත්‍ර අයඳුම්පත් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත යොමුකිරීම.

පාලන අංශයට අදාල වාර්ෂික ඇස්තමේන්තු සකස්කිරීම හා අමාත්‍යාංශයට අයත් සියලුම නිල නිවාස සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීම.

සහනදායී මෝටර් රථ ආනයන බලපත්‍ර සඳහා අංක නිකුත් කිරීම.

අධ්‍යාපන අමාත්‍යතුමාගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සියලුම දුරකථන, ජල, විදුලි බිල්පත් ද ඇතුළත්ව අමාත්‍යාංශයේ සියලුම දුරකථන, ජල,විදුලි බිල්පත් පියවීම.

අමාත්‍යාංශ නිලධාරීන්ගේ සන්නිවේදන දීමනා අනුමත කිරීම.

අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරගැනීම, ආරක්ෂා කිරීම හා අදාළ අනෙකුත් කටයුතු.

අමාත්‍යාංශ නිලධාරීන්ගේ නිල හැඳුනුම්පත් නිකුත් කිරීම.

මහජන දිනය සම්බන්ධ කටයුතු සිදුකිරීම.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරනු ලබන චක්‍රලේඛ සඳහා අංක නිකුත් කිරීම.

. ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය හා අමාත්‍ය කාර්යාලය මඟින් ලැබෙන ලිපි හා පැමිණිලි මෙන්ම බාහිර ආයතනයන් වෙතින් කෙරෙන විමසුම් සඳහා තොරතුරු හා දත්ත ඉදිරිපත් කිරීම.

තාක්ෂණික ඇගයීම් කමිටු සඳහා නිලධාරීන් පත්කිරීම සම්බන්ධ කටයුතු.

මැතිවරණ සම්බන්ධයෙන් අමාත්‍යාංශය මඟින් ඉටුවිය යුතු සියලුම කටයුතු සිදුකිරීම.

තැපැල් අංශය, නිවාඩු අංශය, මධ්‍යම ලේඛණාගාරය, ශ්‍රවණාගාරය, රිසෝග්‍රාෆ් අංශය, විමසීම් කවුළුව සහ දුරකථන හුවමාරුව යන අංශ වලට අදාළ රාජකාරි කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු.

දැක්ම

“ අධ්‍යාපන පද්ධතිය තුළ විනයගරුක කාර්ය මණ්ඩලයක් බිහි කිරීම ”

දැක්ම

“ අධ්‍යාපන පද්ධතිය තුළ විනයගරුක කාර්ය මණ්ඩලයක් බිහි කිරීම පරමාර්ථ කොටගෙන යම් විමාචාර ක්‍රියාවන් සම්බන්ධව ලැබෙන පැමිණිලි,චෝදනා, වාර්තා පදනම් කොටගෙන ඒ සඳහා සුදුසු විනය ක්‍රියාමාර්ග ගැනීම හා විෂමාචාර ක්‍රියා වැළැක්වීම සඳහා සුදුසු පියවර ගැනීම. ”

ශාඛාවේ කාර්යයන්

1. තැපෑලෙන් ලැබෙන ලිපි වලට අදාල උපදෙස් පරිදි, විදුහල්පති,කලාප,පළාත් හා විද්‍යාපීඨ වාර්තා කැදවීම විමර්ශනයක් සඳහා නම් විමර්ශන නිලධාරින් පත්කිරීම

2. විමර්ශන වාර්තාව ගෙන්වා ගැනීම

3. විමර්ශන නිර්දේශ අනුමතියයට ඉදිරිපත් කිරීම‍

4. විමර්ශන නිර්දේශ අදාල අංශ / ආයතන වෙත යොමු කිරීම‍

5. විමර්ශන නිර්දේශ ප්‍රකාර චෝදනාපත්‍ර කෙටුම්පත් සකසා අනුමතියට ඉදිරිපත් කිරීම‍

6. අනුමත චෝදනාපත්‍ර කෙටුම්පත ප්‍රකාර සැකසූ චෝදනා පත්‍රය අධ්‍යා.ලේ. අත්සනට යොමුකිරීම හෝ අධ්‍යාපන සේවා කමිටුව වෙත යැවීමට සිදුවන චෝදනාපත්‍ර කෙටුම්පත් ආවරණ ලිපිය සමග අධ්‍යා.ලේ.අත්සනට යොමු කිරීම‍

7. චෝදනා පත්‍ර කෙටුම්පත හා මූලික විමර්ශන ගොනුවේ සහතික කරන ලද පිටපතක් අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කිරීම

8. චෝදනා පත්‍රය චූදිතට යොමු කිරීම

9. චූදිතට අවශ්‍ය ලිපිලේඛන ලබාදීම

10. චූදිතගෙන් පිළිතුරු ලබාගැනීම

11. චූදිතගේ පිළිතුරු උපදෙස් සදහා යොමු කිරීම

12. උපදෙස් ප්‍රකාර ලිපි සැකසීම හෝ පැමිනිල්ල මෙහෙයවන නිලධාරි, රැකවරණ නිලධාරි, පරීක්ෂණ නිලධාරි පත් කිරීම සදහා අනුමතිය ඉල්ලීම

13. අනුමතිය ප්‍රකාර ලිපි සැකසීම හෝ නිර්දේශ කර අධ්‍යාපන සේවා කමිටුව වෙත යැවීම

14. විධිමත් විනය පරීක්ෂණ වාර්තාව ගෙන්වා ගැනීම

15. විධිමත් විනය පරීක්ෂන වාර්තාවේ තොරතුරු චෝදනා අනුව සම්පිණ්ඩනය කර නියෝග සදහා ගොනු ඉදිරිපත් කිරීම

16. ලද නියෝගය නිකුත් කිරීම සදහා හෝ නියෝගය නිර්දේශ කර අධ්‍යාපන සේවා කමිටුව වෙත යැවීම සදහා ලිපි අත්සනට යොමු කිරීම

17. අධ්‍යාපන සේවා කමිටුව වෙත විනය නියෝගයට අදාල නිර්දේශ හා විධිමත් විනය ගොනු , පෞද්ගලික ලිපිගොනුව යැවීම

18. අධ්‍යාපන සේවා කමිටුවෙන් ලද විනය නියෝගය චූදිතට දැන්වීම

19. විනය නියෝගයට එරෙහි අභියාචනා රා.සේ.කො. වෙත යොමු කිරීම

20. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, මානව හිමිකම් කොමිෂන් සභාව , පරිපාලන කටයුතු පිළිබද පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) විසින් ඉල්ලා ඇති තොරතුරු යැවීම

21. ණය ඉල්ලුම්පත්‍ර සම්බන්ධයෙන් විනය පරික්ෂා කිරීම

22. විශ්‍රාම,ස්ථාන මාරු ,උසස්වීම් ආදිය සම්බන්ධයෙන් විනය සම්බන්ධ තොරතුරු ලබාදීම

දැක්ම

“ ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ විනය ගරුක මානව සම්පත් බිහිකිරීම තුළින් විශ්වීය අධ්‍යාපනය වෙනුවෙන් ඇති සිසු අයිතිය සුරැකීමට දායකවිම. ”

මෙහෙවර

“ විනිවිද භාවයකින් යුක්තව අපක්ෂපාතී විමර්ශන ක්‍රියාවලියක් පවත්වාගෙන යාම තුළින් අධ්‍යාපන අමාත්‍යාංශය හා එහි සෘජු පාලනයට අයත් ආයතනවල විනය ගරුක ආදර්ශවත් සේවක පිරිසක් බිහි කිරීම. ”

කාර්යයන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සෘජු පාලනයට යටත් ආයන වල සේවය කරන විවිධ සේවාවන්ට අයත් නිළධාරින් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ, මුදල් රෙගුලාසි, කාර්ය පටිපාටික රීති, ආයතන සංග්‍රහයේ විධි විධාන හා උපදෙස් සංග්‍රහ වලට පටහැනිව ක්‍රියා කර ඇති අවස්ථාවන්හිදී ඒ සම්බන්ධව ආයතන සංග්‍රහයේ XLVIII වන පරිච්ඡේදයට අනුව මූලික විමර්ශන සිදු කිරීම.

දැක්ම හා මෙහෙවර

දැක්ම

යහ පාලනය තුලින් සැමට සාධාරණත්වය

මෙහෙවර

අධ්‍යාපන ක්ෂේත්‍රයේ උපරිම ප්‍රතිඵල ලබාගනු වස් අත්‍යාවශ්‍ය නීති සහාය ලබාදෙමින් අනෙකුත් අංශ සමග එක්ව කටයුතු කිරීම.

කාර්යයන්

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ ඒ යටතේ පවතින ආයතන සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ, අභියාවනාධීකරණයේ, මහාධිකරණයේ පවරණ ලද නඩු සහ සියළුම නීතිමය කටයුතු සහ බේරුම්කරණ කටයුතු පිළිබඳව අවශ්‍ය කටයුතු සිදු කිරීම සහ නීති උපදෙස් ලබා දීම.

දැක්ම හා මෙහෙවර ප්‍රකාශය

දැක්ම

ආයතනික හා පුද්ගල ඵලදායිතාව වර්ධනය කිරීම තුළින් විශිෂ්ඨයන් බිහිකිරීමට දායක වීම.

මෙහෙවර

අධ්‍යාපන පද්ධතියේ ඵලදායිතා වර්ධනය සඳහා උසස් හා ගුණාත්මක තීරණ ගැනීමට අවශ්‍යවන ආයතනික පරිසරය සකස් කිරීම සහ එය අඛණ්ඩව පවත්වා ගැනීම

ශාඛාවේ කාර්යයන්

අමාත්‍ය මණ්ඩල සංදේශ සම්බන්ධීකරණ කටයුතු

උපදේශක කාරක සභා වෙත යොමුකරන ලද යෝජනා සඳහා අදාළ විෂයභාර අංශ සමග සම්බන්ධ වී පිළිතුරු සැපයීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ වැඩසටහන් සඳහා වාහන භාවිතා කිරීම

අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යොමුකරන ප්‍රශ්නවලට අදාළ විෂයභාර අංශ සමග සම්බන්ධ වී පිළිතුරු සැපයීම

මහජන පෙත්සම්, මානව හිමිකම්, ඔම්බුඩ්ස්මන් සම්බන්ධීකරණ කටයුතු

අපගේ කාර්යයන්

ඵලදායිතා සංකල්පය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක කිරීම

අමාත්‍යාංශයේ භෞතික පරිසරය ඵලදායිතා සංකල්පවලට අනුව සැකසීම

අමාත්‍යාංශය මගින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ තලයකට ගෙන ඒම සඳහා වැඩපිළිවෙළ සැකසීම

සේවකයන් තුළ ඵලදායිතා ආකල්ප වර්ධනය

පාසල් හා අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන තුළ ඵලදායිතා සංකල්පය ප්‍රවර්ධනය කිරීම

ඵලදායිතා සංකල්පය පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සකස් කිරීම

ඵලදායිතා සංකල්පය පාසල් ආයතන තුළ ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කටයුතු

වාර්ෂිකව පැවැත්වෙන ඵලදායිතා තරග සඳහා මෙම ආයතන සූදානම් කිරීමට අදාළ කටයුතු

ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය හා කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන කළමනාකරණ ප්‍රතිසංවිධාන හා ඵලදායිතා ප්‍රවර්ධන වැඩපිළිවෙළ හා සම්බන්ධීකරණ කටයුතු

කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසඳ සම්බන්ධ කටයුතු

මහජන සේවාව ප්‍රතිනිර්මාණ ඒකකයේ කටයුතු

දැක්ම

පාසල් හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ සියළුම ආයතනවල ඉඩම් අයිතිය තහවුරු කර දීම.

මෙහෙවර

අධ්‍යාපන පද්ධතියේ පැවැත්ම උදෙසා රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව, අදාළ ආයතන හා සම්බන්ධීකරණයෙන් පාසල් හා අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතනවලට නිරවුල් බිමක් හිමිකර දීම.

ශාඛාවේ කාර්යයන්

• ජාතික පාසල්, විද්‍යාපීඨ, ගුරු විද්‍යාල හා අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවලට අවශ්‍ය ඉඩම්, ඉඩම් අත්කර ගැනීමේ පනතට අනුව අත්කර ගැනීම.

• 1961 අංක 08 දරණ උපකෘත පාඨශාලා හා අභ්‍යාස විද්‍යාල (පරිපූරක විධිවිධාන) පනත යටතේ පාසල් හා ගුරු විද්‍යාල සඳහා පවරාගෙන ඇති ඉඩම් සම්බන්ධ රාජකාරී කටයුතු කිරීම.

• දැනට අත්කර ගෙන ඇති එහෙත් අදාළ ආයතන විසින් පරිහරණය නොකරන ඉඩම් මුල් හිමිකරුවන්ගේ ඉල්ලීම් අනුව අවසතු කිරීමට අදාළ රාජකාරී ඉටුකිරීම.

• පාසල්, විද්‍යාපීඨ හා ගුරු විද්‍යාල ඉඩම් තුළ අනවසරකරුවන් සිටී නම් සන්තකය ආපසු ගැනීමේ පනත යටතේ ඔවුන් ඉවත් කිරීමට අදාළ ප්‍රාදේශීය ලේකම්, පළාත් අධ්‍යාපන ලේකම් / පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ සමඟ සම්බන්ධීකරණය වී කටයුතු කිරීම.

• අධ්‍යාපන අමාත්‍යාංශයට හෝ ඒ යටතේ පවරා ගැනීමට යෝජිත ඉඩම් සම්බන්ධයෙන් අදාළ රාජකාරී කටයුතු ඉටුකිරීම.

• අධ්‍යාපන අමාත්‍යංශයට හෝ ඒ යටතේ පවතින ආයතන සතු ඉඩම් අවශ්‍යතා අනුව වෙනත් රජයේ ආයතන වලට පවරාදීම සම්බන්ධයෙන් අදාළ රාජකාරී කටයුතු කිරීම.

• පාසල් ඉඩම් සම්බන්ධව පවතින නඩුවලට අදාළ නිරීක්ෂන සැකසීම.

• ඉඩම් අත්කර ගැනීමේ කටයුතු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය ඉල්ලුම්කාර පාර්ශවය ලෙස අදාළ අනෙකුත් ආයතන හා සම්බන්ධ වී කටයුතු කරනු ලැබේ. මේ සඳහා සෘජුවම සම්බන්ධ වන්නේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් වන අතර මිනින්දෝරු දෙපාර්තමේන්තුව, තක්සේරු දෙපාර්තමේන්තුව හා රජයේ මුද්‍රණාලය යන ආයතනයන් ද අදාළ පියවරයන්හිදී සම්බන්ධ වේ. නීති උපදෙස් ලබා ගැනීමට සිදුවන අවස්ථාවලදී සහ අදාළ ඉඩම් සම්බන්ධයෙන් නඩු පවතින අවස්ථාවලදී ගරු නීතිපති හා අදාළ අධිකරණ හා සම්බන්ධ වී රාජකාරී කටයුතු සිදු කරනු ලැබේ.

• ඉහත කාර්යයන් යටතට නොගැනෙන අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පවතින ආයතන සතු ඉඩම් සම්බන්ධව මහජනතාව හෝ වෙනත් පාර්ශවයන් විසින් සිදුකරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරිකටයුතු සිදු කිරීම.

දැක්ම හා මෙහෙවර

දැක්ම

කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් තුළින් දැයේ අධ්‍යාපනයට අත්වැලක්.

මෙහෙවර

නැණ ගුණ පිරි දූ පුතුන් දැයට දායාද කරවන අධ්‍යාපන ක්‍රියාවලියට අවැසි ප්‍රවාහන අවශ්‍යතා කාර්යක්ෂමව හා මනා කළමනාකාරිත්වයෙන් යුතුව ඉටු කිරීම.

ශාඛාවේ කාර්යයන්

1. වාහන අළුත්වැඩියා

2. වාහන සේවා කිරීම

3. වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම

4. ඉන්ධන අත්තිකාරම් ලබාදීම

5. ඉන්ධන අත්තිකාරම් පියවීම

6. ඉන්ධන අත්තිකාරම් ප්‍රතිපූර්ණය කිරීම

7. අතිරේක ඉන්ධන ලබාදීම

8. අතිරේක ඉන්ධන පියවීම

9. අතිරේක ඉන්ධන වවුචර් පත්‍ර ප්‍රතිපූර්ණය කිරීම

10. අමාත්‍යාංශයේ භාවිතා කරන සියලුම වාහන රක්ෂණය කිරීම

11. අමාත්‍යාංශය සතු වාහනවල රිය අනතුරු සහ වාහන රක්ෂණ කටයුතු සහ ආදායම් බලපත්‍ර ලබා ගැනීම, පොලිස් පැමිණිලි ලබා ගැනීම, නඩු වාර්තා ලබා ගැනීම, වාහනවල ලියාපදිංචි සහතික ලබා ගැනීම

12. අමාත්‍යාංශයේ වාහනවල සිදුවන සියලුම රිය අනතුරු සම්බන්ධව මු.රෙ. 104 පරීක්ෂණ

13. රියදුරු බලපත්‍ර අලුත්කිරිම

14. වාහන තක්සේරු කිරීම

15. ස්ථාවර වත්කම් ලේඛනය පවත්වාගෙන යාම

16. අදාල ඉල්ලිම් අනුව සංචිත වාහන වෙන් කිරීම.

17. රියදුරන්ගේ පැමිණීම,රාජකාරි බැහැර යාම සහ නැවත පැමිණීම පරිපාලනය කිරීම.

18. සියළු වාහන වෙනුවෙන් රියදුරන් අනුයුක්ත කිරීම.

19. නිල වාහන අනුයුක්ත කිරීම.

20. වාහන නිලධාරින්ට සංචිතයට හෝ රියදුරන්ට ද වගකීම පැවෙරෙන පරිදි ඉන්වෙන්ට්‍රි ලබාගෙන නිසි අයුරින් භාරදීම.

21. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ESDP ව්‍යාපෘති වාහන අළුත්වැඩියා

22. අධ්‍යාපන අමාත්‍යාංශයට වාහන පවරා ගැනීම

23. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වාහන පැවරීම

24. ඇණවුම් මගින් ලබාදෙන ඉන්ධන වලට අදාල බිලපත් පරීක්ෂා කර නිරවුල් කර ගෙවීම් අංශයට ඉදිරිපත් කිරීම

25. රියදුරු මහතුන්ගේ අතිකාල, ගමන් වියදම්, නිවාඩු සම්බන්ධ කටයුතු

දැක්ම හා මෙහෙවර ප්‍රකාශය

දැක්ම

පරිශ්‍ර කළමනාකරණ සහ සේවා පහසුකම් සැලසීම මගින් සතුටුදායක කාර්යාල පරිසරයක් ඇති කිරීමට දායක වීම

මෙහෙවර

ඉසුරුපාය පරිශ්‍රය පරිහරණය කරනු ලබන සියල්ලන්ට ප්‍රියමනාප කාර්යාල පරිසරයක් තුළ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබා දීමට සහ ලබා ගැනීමට අවශ්‍ය යටිතල පහසුකම් කළමනාකරණය හා සම්බන්ධීකරණය

ශාඛාවේ කාර්යයන්

ආරක්ෂක සේවා පවත්වා ගෙන යාම

ගොඩනැගිලි නඩත්තු කටයුතු

වායුසමන සේවා කටයුතු මෙහෙයවීම

විදුලිය හා ජනක යන්ත්‍ර සේවා සම්බන්ධීකරණය

දුරකථන සේවා ඉටු කිරීම

භූමි අලංකරණ කටයුතු

පවිත්‍රතා කටයුතු ඉටු කිරීම

පලිබෝධනාශක සේවා මෙහෙය වීම

විදුලිසෝපාන සේවා මෙහෙය වීම

ජල සම්පාදන හා මලාපවහන සේවා සම්බන්ධීකරණය

ගිනි නීවීම් සේවා

නව කාර්යාල ඉඩ පහසුකම් මත වෙන් කිරීමේ කටයුතු

දැක්ම හා මෙහෙවර ප්‍රකාශය

දැක්ම

ආයතනික හා පුද්ගල ඵලදායිතාව වර්ධනය කිරීම තුළින් විශිෂ්ඨයන් බිහිකිරීමට දායක වීම.

මෙහෙවර

අධ්‍යාපන පද්ධතියේ ඵලදායිතා වර්ධනය සඳහා උසස් හා ගුණාත්මක තීරණ ගැනීමට අවශ්‍යවන ආයතනික පරිසරය සකස් කිරීම සහ එය අඛණ්ඩව පවත්වා ගැනීම

ශාඛාවේ කාර්යයන්

අමාත්‍ය මණ්ඩල සංදේශ සම්බන්ධීකරණ කටයුතු

උපදේශක කාරක සභා වෙත යොමුකරන ලද යෝජනා සඳහා අදාළ විෂයභාර අංශ සමග සම්බන්ධ වී පිළිතුරු සැපයීම

අධ්‍යාපන අමාත්‍යාංශයේ විවිධ වැඩසටහන් සඳහා වාහන භාවිතා කිරීම

අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යොමුකරන ප්‍රශ්නවලට අදාළ විෂයභාර අංශ සමග සම්බන්ධ වී පිළිතුරු සැපයීම

මහජන පෙත්සම්, මානව හිමිකම්, ඔම්බුඩ්ස්මන් සම්බන්ධීකරණ කටයුතු

අපගේ කාර්යයන්

ඵලදායිතා සංකල්පය අමාත්‍යංශය තුළ ක්‍රියාත්මක කිරීම

අමාත්‍යාංශයේ භෞතික පරිසරය ඵලදායිතා සංකල්පවලට අනුව සැකසීම

අමාත්‍යාංශය මගින් සපයනු ලබන සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ තලයකට ගෙන ඒම සඳහා වැඩපිළිවෙළ සැකසීම

සේවකයන් තුළ ඵලදායිතා ආකල්ප වර්ධනය

පාසල් හා අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතන තුළ ඵලදායිතා සංකල්පය ප්‍රවර්ධනය කිරීම

ඵලදායිතා සංකල්පය පාසල් තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ චක්‍රලේඛ හා මාර්ගෝපදේශ සකස් කිරීම

ඵලදායිතා සංකල්පය පාසල් ආයතන තුළ ක්‍රියාත්මක කිරීමේ අධීක්ෂණ කටයුතු

වාර්ෂිකව පැවැත්වෙන ඵලදායිතා තරග සඳහා මෙම ආයතන සූදානම් කිරීමට අදාළ කටයුතු

ඵලදායිතා ප්‍රවර්ධන අමාත්‍යාංශය හා කළමනාකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන කළමනාකරණ ප්‍රතිසංවිධාන හා ඵලදායිතා ප්‍රවර්ධන වැඩපිළිවෙළ හා සම්බන්ධීකරණ කටයුතු

කළමනාකරණ ප්‍රතිසංස්කරණ සංසඳ සම්බන්ධ කටයුතු

මහජන සේවාව ප්‍රතිනිර්මාණ ඒකකයේ කටයුතු

දැක්ම හා මෙහෙවර

දැක්ම

අධ්‍යාපනයේ විශිෂ්ඨතාව සහතික කරනුවස් කඩිනම් හා විචාරවත් තීරණ සඳහා පුළුල් හා ක්‍රමෝපායික ප්‍රවේශයක්

මෙහෙවර

අධ්‍යාපනයේ සියලු පාර්ශ්වකරුවන්ගේ අභිලාෂයන් වෙනුවෙන් ප්‍රශස්ත තීරණ ගැනීම ත්, ඒවා නිසි කල්හි ඵලදායි හා කර්යක්ෂම අයුරින් ක්‍රියාත්මක කරවීම සහතික කරලීම උදෙසා උචිත තොරතුරු හා සන්නිවේදන උපක්‍රම ක්‍රියාත්මක කරවීම

මෙහෙයුම් මැදිරියේ කාර්යයන්

සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට අදාළ මූලික හා ප්‍රධාන තොරතුරු යාවත්කාලීන කිරීම, පුළුල් භාවිතයක් උදෙසා සම්බන්ධිකරණය සහතික කිරීම

නවීන තාක්ෂණික ප්‍රවේශ තුළින් කඩිනමින් තොරතුරු ලබා ගනිමින් ඒවා ප්‍රශස්ත තීරණ උදෙසා යොමු කරවන ප්‍රවේශයක් නිර්මාණය කිරීම

දෙස් විදෙස් දූත පිරිස් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ ප්‍රධාන පෙළේ තොරතුරු වෙත නවීන ක්‍රමවේදයන් ඔස්සේ ළගා වීමට ඇති හැකියාව පුළුල් කිරීම

ජනමාධ්‍ය තොරතුරු මූලාශ්‍රයන් ලෙස යොදා ගැනීමට ත් එය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳාලීම උදෙසා යොදා ගැනීමේ හැකියාව පුළුල් කිරීම

අධ්‍යාපන සංවර්ධනය තහවුරු කෙරෙන වාර්තා සැකසීමේ පදනම පුළුල් හා ඵලදායි කරලීම

ශාඛාවේ කාර්යයන්

අභ්‍යන්තර පාලනයට අයත් සියලු රාජකාරීන්

අමාත්‍යාංශයේ විවධ වැඩසටහන් ඉටුකර ගැනීම සඳහා වාහන උපයෝගීකරණය

TOP